spot_img
spot_imgspot_img

ගල් අඟරු පතලක පිපිරීමකින් 52ක් මරුට

පුවත්

විදෙස්

රුසියාවේ කෙමරෝවෛා් ප්‍රදේශයේ ගල් අඟරු පතලක සිදුවූ පිපිරීමකින් 52 දෙනකු මියගොස් 49 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

බලධාරීන් පවසන්නේ මෙය පසුගිය දශකයක පමණ කාළය තුළ රුසියාවේ සිදුවූ දැවැන්තම ව්‍යසනය බවයි.

ඊයේ (25) රාත්‍රියේ පතලේ වායු හුවමාරු නලයක සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් 11 දෙනකු මියයෑමෙන් පසු පලක තුළ සිරවී සිටි පුද්ගලයින් බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කෙරිණ. කෙසේවුවද ගිනි නිවන අංශ පවසා සිටියේ කිසිවකු බේරා ගැනීමට නොහැකි වූ බවයි. මුදවාගැනීමේ කණ්ඩායමේ 06දෙනකු ද මියගොස් තිබේ.

කෙමරෝවෝ පතල, මොස්කව් නගරයට කිලෝමීටර් 3500ක් පමණ දුරින් පිහිටා තිබේ. පිපිරීම සිදුවන අවස්ථාවේ එහි සේවයේ යෙදී සිටි 285 දෙනකු පමණ දිවි ගලවාගෙන ඇතැයි බලධාරීහු පවසති.

රොයිටර් පුවත් සේවය පවසන්නේ විධිමත් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම සම්බන්දව පතලේ අධ්‍යක්ෂවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රුසියාවේ ගල් අඟුරු පතල් වල මෙවැනි අනතුරු බහුලව සිදුවන අතර 2004 වසරේ දී ද පතලක සිදුවූ ගෑස් කාන්දුවකින් 13දෙනකු මියගියේය.

2016 වසරේදී රුසියාවේ ගල් අඟුරු පතල් 58ක් සම්බන්දව සිදුකරන ලද අධ්‍යයනයක දී එයින් 38%ක් අනාරක්ෂිත බව හෙළිවී තිබේ. කෙසේවුවද රුසියානු මාධය සඳහන් කරන්නේ එම අනාරක්ෂිත ලැයිස්තුවේ ඊයේ පිපිරීම සිදුවූ ගල් අඟරු පතල නොතිබූ බවයි.

https://www.bbc.com/news/world-europe-59421319

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!