spot_img
spot_imgspot_img

ගාල්ලේ පාසලක වංචාවක් නිසා රිමාන්ඩ් කළ කතක් වස බොයි. විදුහල්පතිගේ අපයෝජනයක් ගැනත් අධිකරණයේ දී කියයි

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇතැයි කියන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ලිපිකාරිනියක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු වස පානය කර රෝහල්ගත කර ඇත.

මෙලෙස රිමාන්ඩ් කළ ලිපිකාරිනිය පාසල් සංවර්ධන සමිතියේ චෙක්පත් ලිවීම සම්බන්ධ කටයුතු සිදුකර ඇති අතර එහි දී මුදල් වංචාවන් රැසක් සිදුව ඇතැයි විදුහලේ වත්මන් විදුහල්පති අතුල විජේවර්ධන විසින් පොලිිසයට පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සෘජු මෙහෙයුම් මත ගාල්ල මූලස්ථාන පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් අද (23) උදෑසන විමර්ශනය සඳහා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකාරිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන් කැකුණාවෙල වෙත ඉදිරිපත් කරන ලදී.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ රජින්ද්‍ර නාරංගොඩගේ උපදෙස් මත පෙනී සිටි නීතිඥ ඒ.ඩී.සී.දර්ශන අධිිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ 2021 වර්ෂයට අදාලව දැනට සොයාගෙන ඇති වංචා කළැයි සැකකරන මුදල රුපියල් ලක්ෂ 21කට අධික බවයි. එමෙන් ම එම සිද්ධියට අදාල තවත් සැකකරුවන් සිටින බැවින් ඔවුන් ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන්න යැයි නීතිඥවරු මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් කුමාර සහ නීතිඥ ප්‍රසන්ත ද සිල්වා කියා සිටියේ එම සැකකාරිය මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ ලිංගිකව අපයෝජනයට ලක්කර ඇති බවයි. එමෙන්ම මේ කාන්තාව විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විදුහල්පතිගේ අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් මෙම කාන්තාව ඇප මත මුදාහරින ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියහ.

මෙතෙක් පරීක්ෂණ අවසන්ව නැති බැවින් සහ අනෙකුත් සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට  නියෝග කළ අතර එම සැකකාරිය දෙසැම්බර් 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එම සැකකාරිය බන්ධනාගාර මැදිරිය ආසන්නයේ දී යම් වස වර්ගයක් පානය කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මැදිහත්ව එය වැළක්වීමට ද උත්සාහ දරා ඇත.

එම වස පානය කිරීමෙන් පසු ඇය සිහි මුර්ජා වී ඇති අතර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

7 COMMENTS

  1. ආපසු හැරී බලමු

    අපි අවුරුදු විසිපහක තිහක අතීතය දිහා බැලුවොත් ආපු අතිබහුතරයක් විදුහල්පතිවරුන්ට දූෂණ චෝදනා, විවිධ අක්‍රමිකතා ගැන චෝදනා එල්ල වුණා. ආදි ශිෂ්‍ය සංගමය හැටියට, පාසල් සංවර්ධන සමිතිය විදිහට ඒ අය ඉවත් කරන්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ උත්සාහයන් තුළ දී අපි හිතුවේ හිටපු විදුහල්පති වරයා ඉවත් කරහම ප්‍රශ්නය විසඳුනා කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඊට පසුව පැමිණි කෙනෙත් ප්‍රශ්නයක් වුණා. කලාතුරකින් කෙනෙක් දූෂණයට හොරකමට සම්බන්ධ නූනත් පරිපාලනය පැත්තෙන් වෙනත් දුර්වලකම් තිබුණා. ආදි ශිෂ්‍ය සංගමය හැටියට අපි කරේ හිසරදයට කොට්ට මාරු කිරීමක්මේ වගෙ. මෙම ක්‍රියාව තව ඉස්සරහටත් ඉවර වෙන බවක් පෙනෙන්නේ නැහැ. වරද කොතැන ද?

    මම තේරුම් ගත්ත විදියට එන විදුහල්පතිවරුන්ගේ නෙවෙයි වරද. ලංකාවේ රජයයන් විසින් පාසල් පරිපාලනයට හදුන්වලා දීපු අධ්‍යාපන ක්‍රමයෙ වරදක්. මේ ප්‍රශ්නය අපේ පාසලට විතරක් නෙවෙයි ලංකාවේ බහුතරයක් පාසැල් තුල දකින්න පුලුවන්.

    එම වරද නිවැරදි කර ගන්න කළ යුත්තේ කුමක්ද?

    අපි එකම එක පාරක් මේ පවතින සිස්ටම් එක වෙනස් කරන්න නිවැරදි රජයක්, නිවැරැදි වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමක් තෝරා ගනිමු .ඉන්පස්සෙ මෙම ප්‍රශ්නෙට අපිට විතරක් නෙවෙයි කිසිම පාසල් ආදි ශිෂ්‍ය සංගමයක ට මුහුණ දෙන්න වෙන එකක් නෑ.

    රවී ජයවර්ධන
    89 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජික.

    • ඉස්කෝලෙක විදුහල්පති ඉවත් කරන්න ආදී සිසු සංගම් වලට තියෙන බලය මොකද්ද ?

      • පජනප්‍රි පාසල් ඔක්කොගෙම වගේ කරන ව්‍යාපෘති වලදි මූල්‍ය අනුග්‍රහය දෙන්නේ ආදි ශිෂ්‍යයෝ. ඔයාලා හිතන තරම් මුදලක් රජයෙන් පාසල් වලට ලැබෙන්නෙ නෑ. විශේෂයෙන්ම ජනප්‍රිය පාසල් වල කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලට ඔය ලැබෙන මුදල් මදි. ඒ නිසා ආදි ශිෂ්‍යයන්ගෙන් ලැබෙන දායකත්වය සුලුපටු නෑ පාසල දියුණු කරන්න. ඒ නිසාම ඔවුන්ගේ හඬට ඕනම පාසලක ලොකු තැනක් තියෙනවා. ඒ වගේම ඒ පාසල්වල ගොඩක් ආදිශිෂ්‍යයෝ ඉන්නවා ඉහල පෙළේ තනතුරු වල. ඉතිං පාසලට වරදක් වෙනවනම් ඔවුන්ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්නෙ නෑ.

Leave a Reply to Gemba rox Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!