spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ ‍පොළ තවදුරටත් ඉහළට

පුවත්

විදෙස්

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ ඊයේ (18) දිනයේ ගනුදෙනු 60,594ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,254ක් බවට පත්විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 16කින් ඉහළ ගිය අතර එය ඒකක 11,024ක් ලෙස සටහන් විය.

දිනය තුළ වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 3,493යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 1,712යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,556යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 95යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 51යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 32යි ලෙස ප්‍රමුඛ විය.

ඊයේ දිනයේ ද කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 500 ඉක්මවූ කොමර්ෂල් ලීසිං සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 443ක් ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 352ක් ඉක්මවූ එල්ඕඑල්සී සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර මුලර්ස් සමාගම 23%කින් ද, ලංකෙම් සිලෝන් සමාගම 14%කින් ද, බ්ලූ ඩයමන්ඩ් සමාගම 14%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ ‍කොටස් ගනුදෙනු සිදු වූයේ සන්ෂයින් හෝල්ඩින් සමාගමේ පමණක් වන අතර එහි රුපියල් 30.70ක් වූ මිලියන 25.157ක් හුවමාරු විය.

විදේශීය ආ‍යෝජකයන් විසින් රුපියල් මිලියන 170ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 939ක කොටස් විකුණා තිබේ. ඒ අනුව රුපියල් මිලියන 769ක මුදලක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

2021 වර්ෂයේ අද දිනය දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 47.831ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!