spot_img
spot_imgspot_img

කොමර්ෂල් ලීසිං සමාගම කොටස් වෙළඳ පොළ වටිනාම සමාගම් අතර දෙවැනි තැනට පත්වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 32,239ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,701ක් බවට පත්විය.

දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 30කින් පහළ ගිය අතර එය එකක 10,132ක් ලෙස වාර්තා විය. වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 941යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 423යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 241යි ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22යි, රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 07යි, කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 05යි ලෙස ප්‍රමුඛ විය.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 411ක් වාර්තාකරමින් එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 307ක් වාර්තා කරමින් කමර්ෂල් ලීසිං සමාගම දෙවැනි ස්ථානයට ද රුපියල් බිලියන 301ක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

සංවෘත කවය තුළ සම්පත් බැංකුවේ කොටස් ලක්ෂ 04ක් රුපියල් 57.20 බැගින් ද, කොමර්ෂල් බැංකුවේ කොටස් ලක්ෂ 10ක් රුපියල් 89.00 බැගින් ද ගනුදෙනු විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඒසීඑල් ප්ලාස්ටික් සමාගම 15%කින් ද, නේෂන් ලංකා සමාගම 10%කින් ද, බිම්පුත් ෆිනෑන්ස් සමාගම 09%කින් ද කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 157ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 109ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ රුපියල් මිලියන 48ක මුදලක කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශීය ආයෝජකයන් වෙතින් ගලා ඒමක් සිදුව තිබේ.

අද දිනයේ විදේශ අයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 97යි, ටෝකියෝ සිමෙන්ති (X) රුපියල් මිලියන 09යි, හොරණ ප්ලාන්ටේෂන් සමාගම රුපියල් මිලියන 05ක් ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 26යි, මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 25යි, කො‍මර්ෂල් බැංකුව රුපියල් මිලියන 10ක් ලෙස සටහන් විය.

2022 වසර සඳහා මේ මස 12 වැනි දිනයේ නිකුත් කිරීමට නියමිත අයවැය පනත් කෙටුම්පත හේතුවෙන් දැනට පවතින බදු ප්‍රතිශතයන් වෙනස් නොවනු ඇතැයි ද, එමගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද අ‍ායෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!