හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ (16) දේහය අධිකරණ නියෝගයක් මත ගොඩගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
මෙලෙස මියගියේ හිෂාලිනි ජූඩ් නමැති ඩයගම පදිංචි දැරියකි.
මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සැක සහිත බවට ඥාතීන් විසින් පැවසීම හේතුවෙවන් මෙලෙස දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා සිරුරු ගොඩගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබිණි.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණයෙන් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව විශේෂඥ අධිකරණ වෛද්‍යවරු ඉදිරියේදී දේහය ගොඩගැනීම සිදුවෙයි. එලෙස ගොඩගනු ලබන සිරුර පොලිස් ආරක්ෂාව ද සහිතව පේරාදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත ගෙනයාමට නියමිතය.