අහඹු ලෙස තෝරාගත් ජෛව සාම්පල 142ක් අතරින් ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් 14 දෙනකු වාර්තාවීම බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ කියති.
එම සංඛ්‍යාලේඛන අනුම මෙරට කොරෝනා ආසාදිත රෝගින් අතරින් 9.85% පමණ වඩාත් දරුණු කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධනට ඊයේ (03) භාර දුන් වාර්තාවේ එම කරුණු දක්නට ලැබෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ වාර්තාවට අනුව ආසාදිතයන් 14 දෙනකු ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයන් බව තහවුරු වී තිබෙන බවයි. ඔවුන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන්, අංගොඩ මානසික රෝග විද්‍යායතනයෙන්, කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සහ මාතර පුද්ගලික රෝහලකින් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ඩෙල්ටා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට තොරතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රධානීන් එම පරීක්ෂණ සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරීක්ෂණ කණ්ඩායමට දැනුම් දී ඇති බව ද මාධ්‍යවෙත වාර්තා වී තිබේ.