නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.
ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජේ. වෙදසිංහ මහතා බස්නාහිර පළාත් උතුරු දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා විය.
මීට අමතරව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කළ ජාලිය සේනාරත්න මහතා කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර තිබේ.
විනය හේතූන් මත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස අදාල ස්ථාන මාරුවීම ලබාදී ඇති බව වාර්තා වේ.