spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත් මගඩිය යටගහන්න GMOA බලපෑම්. වෛද්‍යවරු මාරුකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව කියයි

පුවත්

විදෙස්

ගාල්ලේ දී සිදුවී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ මගඩිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය බලපෑම් කරමින් සිටියි.

මේ බව සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා තම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු වෙත ලිපියක් ද යවා ඇත.

එම සිද්ධියට සම්බන්ධ යැයි සෘජු චෝදනා එල්ල වී ඇති ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය වෙතත් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරුකර යවා ඇත.

එසේ වුව ද රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාව පවසන්නේ මොවුන් දෙදෙනා ස්ථාන මාරු කිරීමෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වය පිළිබඳ 2021.06.01 වැනි දින ලිපියක් මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්වත් කළ බවයි.

තම සංගමයේ විරෝධය ද නොතකා වෙනුර සිංගාරච්චිගේ ස්ථානමාරුවීමේ නියෝගය වහාම ක්‍රියාත්මක කිරීමට යන බැවින් එය ක්‍රියාත්මක කළහොත් එයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශාඛාව තීරණය කළ බව එම ලිපිය මගින් සංගමයේ ලේකම්වරයා දැනුම්වත් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා පවසන්නේ වෙනුර සිංගාරච්චි ඔවුන්ගේ ශාඛා සංගමයේ සහකාර ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන බවයි.

එමෙන්ම ව්‍යාජ මාධ්‍ය වාර්තා පාදක කරගනිමින් මූලික විමර්ශනයක් හෝ සිදු නොකර මාද්‍ය වාර්තාකරණයට අදාලව කිසිදු විනය විරෝධී හෝ ආයතනයක නීතිරීතිවලට අනණුකූලව කිසිදු කටයුත්තක නියැළී නොමැති අයකු බව ද එහිි සඳහන් කර තිබේ.

මෙම මාධ්‍ය වාර්තා ව්‍යාජ නොවන බව රටම දන්නා කරුණකි. ඒ බව තම සඟයකු වෙනුවෙන් බලපෑම් කරන වෛද්‍ය සොයිසා නොදන්නවා විය යුතුය. ප්‍රශ්නකාරී එන්නත්කරණ වැඩසටහන පිළිබඳ අප සතුව ඡායාරූප හා වීඩියෝ සාක්ෂි ඇති අතර වෛද්‍ය මංජුල සොයිසා සතුව ද වීඩියෝ සාක්ෂි ඇති බව අපි දනිමු.

මෙම ප්‍රශ්නකාරී එන්නත් වැඩසටහන අනණුකූළ බව අමුතුවෙන් කිව යුතු නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයේ දී එම විමර්ශන කණ්ඩායමේ තීරණය වී ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීම සඳහා ප්‍රියන්ත ජීවරත්න සහ වෙනුර සිංගාරච්චි යන දෙදෙනා සේවය තාවකාලිකව නතර කර ඉදිරි කටයුතු කිරීම අවශ්‍ය බවයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ දැඩි බලපෑම මත එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන්ට ස්ථානමාරුවීම් ලබා දී ඇති බැවින් ඔවුන්ට වැඩ තහනම් කිරීමක් සිදුවන්නේ නැත.

එමෙන්ම වෙනුර සිංගාරච්චි වෛද්‍යවරයාට ලැබී ඇත්තේ දඬුවම් ස්ථානමාරුවීමක් නොවේ. ඔහු මීට ඉහත අවස්ථා කිහිපයක දී ම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ස්ථානමාරුවීම් ලබා සිටිය ද එම ස්ථානමාරුවීම් පිළිනොගෙන රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ අනුහසින් වසංගත රෝග අංශයේ ම රැඳී සිටියේය. ක්‍රියාත්මක කර ඇත්තේ ඔහුට නියමිත වාර්ෂික ස්ථානමාරුවයි.

මේ අතර වෙනුර සිංගාරච්චි තම නීතිඥයකුගේ මාර්ගයෙන් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ද ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය මගින් ඔහු දක්වා ඇත්තේ මෙම එන්නත් වැඩසටහන තමන්ගේ අභිමතය හෝ මෙහෙයවීම මත සිදුවූවක් නොවන බවයි. එය සිදුවූයේ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්නගේ වුවමනාව සහ පෙළඹවීම මත බවත් ඒ සඳහා තම අකමැත්ත පවා ප්‍රකාශ කර සිටිය ද එය සිදුකිරීමට වූ බවත් ඔහු එම ලිපිය මගින් පවසා තිබේ.

එමෙන්ම ප්‍රියන්ත ජීවරත්න වෛද්‍යවරයා විසින් rata.lk වෙත ලබාදුන් “රටේ ඕනෑම අයකුට එන්නත් දෙනවා” යන ප්‍රකාශය හේතුවෙන් මෙම එන්නත්කරණය අවුල් වී ගිය බවත් ඔහු එම ලිපියේ දක්වා තිබේ. තමන් දැනට වසංගත රෝග විද්‍යා ඒකකයේ සේවය කරන්නේ 2021-06-30 දිනය දක්වා ලැබී ඇති සේවා දිගුවකින් බව ද සඳහන් කරන වෙනුර සිංගාරච්චි එම දිනය වනතුරු තමන්ට වසංගත රෝග වේදඥ තනතුරේ කටයුතු කිරීමට අවසර දෙන ලෙස ද ඉල්ලා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ ප්‍රියන්ත ජීවරත්න වෛද්‍යවරයා කියා සිටියේ වෙනුර සිංගාරච්චි යනු තමන් යටතේ සිටින සාමාන්‍ය වෛද්‍ය නිලධාරියකු බවයි. ඔහු කරන වැඩ සම්බන්ධයෙන් තමන් ගාවා නොගන්නා ලෙසත් ඔහුගේ මෙැවනි ක්‍රියාවන්වලට තමන් සාක්ෂිකරුවකු කර නොගන්නා ලෙසත් වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න කීවේය. අප වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න මෙම මාධ්‍ය වාර්තාවට සම්බන්ධකරගත්තේ ඔහු එම පරිශ්‍රය තුළ මේ ප්‍රශ්නකාරී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී රැඳී සිටිය බැවිනි.

මෙම ලිපිය නීතිඥ මහත්මයකු විසින් ගාල්ලේ නීතිඥයන්ගේ සමාජ මාධ්‍ය සමූහයකට එක්කර තිබිය දී අප අතට පත්විය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකයෙන් විමර්ශන කටයුතු සඳහා පැමිණි එක් පුද්ලයකු ඒක පාර්ශ්විකව කටයුතු කරනු ඇතැයි යන්න පිළිබඳ ඉතාමත් වැදගත් සාක්ෂියක් අප (rata.lk) වෙත ලැබුණෙන් ඒ පිළිබඳ අමාත්‍යාංශයේ ඉහළම පාලන අධිකාරිය දැනුම්වත් කිරීමට ද අපි කටයුතු කළෙමු.

වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න තාවකාලිකව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්කර තිබේ. ඔහු වෙනුවට වැඩ බැලීම සඳහා හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කන්චිත සමරරත්න අද (11) පැමිණ ඇත. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාව කටයුතු කිරීමෙන් අනතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුවී ගිය ඔහු හදිසියේම යළි වැඩබලන අධ්‍යක්ෂධූරයට පත්කරන ලද්දේ කවර හේතුවක් හෝ බලපෑමක් නිසාදැයි අපි දන්නේ නැත. වෙනත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරු පත්කිරීමට නැද්ද යන්නත් අප දන්නේ නැත.

කෙසේ වෙතත් වෛද්‍ය කන්චිත සමරරත්න යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තවත් එක් ක්‍රියාකාරිකයෙකි. මෙම ප්‍රශ්නකාරී එන්නත්කරණ වැඩසටහනට ඔහු ද සෘජුවම දායක වූයේය. ප්‍රශ්නකාරී එන්නත්කරණය සම්බන්ධයෙන් අප අනාවරණය කළ අවස්ථාවේ දී කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍ය කන්චිත සමරරත්න මාධ්‍යවේදී ෆර්හාන් නිසාම්දීන් අමතමින් කියා සිටියේ එවැනි එන්නත්කරණයක් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ හෝ උණවටුන රෝහල් භූමියේ සිදු නොවන බවයි. මේ බව මාධ්‍යවේදී ෆර්හාන් විසින් වාර්තාකර තිබිණි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස එදිනටත් කටයුත කරමින් සිටි වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න එන්නත් වැඩසහටනක් ක්‍රියාත්මක වන බව කියද්දී කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වූ කන්චිත සමරරත්න මාධ්‍යවේදීන් හමුවේ එවැන්නක් කීම කිසිසේත්ම ඔහුට අදාල නැත. ඊට පසු දින වෛද්‍ය කන්චිත කියූ දේ අසත්‍යයක් බව ප්‍රත්‍යක්ෂවිය. එ අවස්ථාවේ අප ඇමතූ මාධ්‍යවේදී ෆර්හාන් කියා සිටියේ “අද මම ඩොක්ටර් කන්චිතගෙන් ඇහුවා ඔයා ඊයේ එහෙම කිව්වට අද එන්නත් කරනවානේ කියලා. එතකොට කිව්වා අද උදේ හදිසියේම එන්නත් කරන්න තීරණයක් ගත්තා කියලා” යනුවෙනි.

එමෙන් ම වෛද්‍ය කංචිත සමරසිංහ විසින් මෙම ප්‍රශ්නකාරී එන්නත්කරණ වැඩසටහන සාධාරණීකරණය කරමින් විවිධ සමාජ මාධ්‍යජාලාවලට ප්‍රකාශ නිකුත්කර තිබේ. එවැනි පණිවිඩයක මෙසේ දැක්වෙයි.

“ගාල්ලේ දී කොවිශීල්ඩ් එන්නත ලබා දුන්නේ සෞඛ්‍ය සේවා මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකාවන් වැනි කොවිඩ් ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සදහා පමණි. ඔවුනට අවශ්‍ය එන්නත් මාත්‍රා 2කම ලබාදීමෙන් පසුව ඉතිරි එන්නත් මාත්‍රා කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් දෙවන මාත්‍රාව බලාපොරොත්තුවන අයවලුන්ට ලබා දී ඇත.
එන්නත් මාත්‍රා ඉතා සීමිත බැවින් පළමුව පැමිණි අයවලුන්ට පමණක් ලබා දී ඇත. එම කරුණ තම පටු අරමුණු වෙනුවෙන් විකෘති කොට අවුලක් නිර්මාණය වන අයුරින් මාධ්‍යගත කොට ඇත.”

ප්‍රශ්නකාරී එන්නත් වැඩසටහන සම්බන්ධයෙන් අප සතුව ඇති වීඩියෝ හා ඡායාරූප සාක්ෂි පරීක්ෂාකර බැලුවහොත් ඔහු කියන දේ මුසාවක් බව පැහැදිලිවනු ඇත.

මේ එන්නත්කරණ වැඩසටහනේ යම් වංචාවක් සිදුව ඇති බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරට පත්වී සිටින වෛද්‍ය කන්චිත සමරරත්න එයට යම් සම්බන්ධයක් ඇති බවත් ඔහුගේ එවැනි ප්‍රකාශවලින් ම පැහැදිලි වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂනයක් සිදුවනවා යැයි කියමින් එහි සිටි ප්‍රශ්නකාරී නිලධාරියා තාවකාලිකව ස්ථානමාරුකර යවා එම ධූරයේ වැඩ බැලීමට ප්‍රශ්නකාරී වැඩසටහන වෙනුවෙන් සෘජුව පෙනී සිටි කංචිත සමරරත්න වැනි අයකු පත්කිරීමෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වීමට හැකියාවක් නැත.

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ ප්‍රබලයකු වන ඔහුගේ මේ පත්වීම විධිමත් පරීක්ෂණ යටගැසීමට හේතුවක් විය හැකි බව ද අපි සිහිපත් කර තබමු.

වෛද්‍ය කංචිත සමරරත්න විසින් මුදාහැර තිබූ පණිවිඩයක්.

වෛද්‍ය වෙනුර සිංගාරච්චි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට යැවූ ලිපිය

Dear Sir,

The incident happened at Galle on 07 .06.2021 pertaining to Injection of COVISHILD vaccine .
This program was never planned by the Regional Epidemiologist of Galle.
It was an unplnened program that had been done solely on the direction of Dr Priyantha Jeewarthne, regional director of health services Galle because he has given media stetment that he has the vaccine and he is prepared to give it on 7th at District hospital Unawatuna.
Therefore people have got this massage through social media and have come to Unawatuna hospital.
Then the Regional director noticed that lot of people have come and insisted me to conduct the vaccination program which I rejected, then he repeatedly insisted.
With all my personal resistance he selected to conduct the program by using the DMO Unawatuna hospital and asked me to issued the vaccine to him.
Then after documenting my dissatisfaction I issued 10 vials each on 02 occasions.
Even requested the RDHS not to carry-on like this and asked him to tell the public that the vaccine are over.
With all my resistance I managed not to issue vaccine any more.
In summary this program was done by the Regional director in an adhok manner.
The news of selling the vaccine is not acceptable since it was a very transparent vaccination of public.
The people ofGalle (community) were not given the 1st dose and the fake news on “Galle people were deprived of COVISHILD” is also not technically acceptable since it was not given to the public.
The fake invitation is a manipulated media publication by Rata.lk after having discussion with the Regional director.
As the Regional Epidemiologist I have rejected and not involved at all in conducting the program on 07.06.2021
All the documented evidence has been already tendered to the investigators.
My request is since I have no way responsible for this act and not involved in person at all, please consider to allow me to carry-on my duties as Regional Epidemiologist untill my reattachment extension is over by 30.06.2021.
Since this is a social disgraceful act to a medical personal who has rendered a sacrificed service for last one and half years on 24 hrs ,I hope your good office will consider it seriously and do take a just decision on me.

Dr Wenura Singarachchi
Regional Epidemiologist
Galle

2 COMMENTS

  1. එතකොට වෙනුර 05/06/2021 තමා විසින්ම උනවටු⁣ණෙ hospital එකේ ඉඳන් vaccine දෙන්නෙ කවුරු කියලද දන්නෙ නෑ, දැන් පිදුරු ගස්වල එල්ලෙන්න හදනවා. දිනපතාම කළේ මහජන දේපළ හා මුදල් හොරා කෑ එකම තමයි, ඒවා තමයි ඔය පළ දෙන්නේ, ගාල්ලට වෙච්චි ඔය අපකීර්තියට දකුණු පළාත් පුධාන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සමන් පාඩිකෝරාළ, දිලේඛා කුඩච්චි, KKVA හර්ෂනී, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සිරිතුංග යන අය ඇතුළු තවත් අය වග කියන්න ඕනෑ, ඒ අය තමයි ඔය ⁣හොරාට හොරා කන්න පරිසරය හදලා දුන්නේ , (අර දකුණු පළාත් මොිටර් රථ දෙපාර්තමේන්තුවේ මිනිහට හොරා කන්න පාර හදල දුන්න වගේ)

    • සමන් පාඩිකෝරාල කියන්නෙත් ලෝක හොරෙක් තමයි

Leave a Reply to Asela pinthu Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!