spot_img
spot_imgspot_img

ගාල්ල ආසාදිතයන් වාර්තාවීමෙන් දෙවැනි වන්නේ බස්නාහිරට පමණයි

පුවත්

විදෙස්

ආසාදිතයන් වාර්තාවීම අතින් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවලට පමණක් ගාල්ල දිස්ත්‍රික්කය ඊයේ (10) දිනයේ දී දෙවැනි වී තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කර ඇති ආසාදිතයන් වාර්තාවන දිස්ත්‍රික්ක ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයන් 228ක් වාර්තා වී තිබේ.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ආසාදිතයන් 755, ගම්පහ දිස්ත්‍රික්කය ආසාදිතයන් 323 සහ කළුතර දිස්ත්‍රික්කය 234ක් වශයෙන් ඉයේ ආසාදිතයන් වාර්තාවන අතර මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කය ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන ආසන්නයට ම පැමිණ තිබේ.

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,672ක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අතර ඒ අතර විදෙස්ගත වී සිට පැමිණි ආසාදිතයන් 13 දෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලින් ඊයේ ආසාදිතයන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

4 COMMENTS

  1. ගාල්ල වසංගත රෝග පාලනය භාර වෛද්‍ය නිලධාරී සිංගරච්චි වෙනුර ගේ කෙරුවාව.

  2. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තොටගොඩ පරීක්ෂණාගාරයේ මුරකරුවකුට කොරොනා වැළඳී ඇති බව ඔහු විසින්ම 2021.05.09 දින කියා ඇත. එසේ වුවත් මෙම මුරකරු 2021.05.06 දින සිටම රෝග ලක්ෂණ පෙන්වමින් සිට ඇති අතර. මේ බව සාමාන්‍යාධිකාරී පුෂ්පා වෙත දැනුම් දී ඇතත් අදාළ මුරකරුට නිවාඩු ලබා නොදී දිගටම සේවයට යොදවා ගෙන ඇත.

    2021.05.07 දින මෙම මුරකරු ගාල්ල ප්‍රධාන කාර්යාලය ගොස් ඇති බවත් ඔහු රියදුරන් සඳහා වෙන්කර තිබූ කාමරයේ රියදුරන් සමඟ කාලය ගත කර ඇති බවත් දැනගන්නට ඇත. මෙම තත්ත්වය ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සහ තොටගොඩ පරීක්ෂණාගාරයේ සේවය කරන සේවකයින්ගෙන් ජීවිතවලට තර්ජනයක් වී ඇතත් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා පුෂ්පා කිසිදු පියවරක් රැගෙන නැත.

    අද දිනත් රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කර ආයතනයෙන් ලබා දී නැත.

Leave a Reply to Wasantha Theswa Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!