spot_img
spot_imgspot_img

අධිවේගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම්දෙන තුරු වසා දමයි

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව නැවත දැනුම්වෙ දෙනතුරු වසා දමා තිබේ.

එහි ප්‍රවේශපත්‍ර කවුළුවල සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රී කොට්ටාවෙන් වාහන පිටකිරීම නවතා දමා තිබිණි. මහා මාර්ග අමාත්‍යාංශය මීට පෙර කියා සිටියේ අද (28) උදෑසන 6.00 සිට කොට්ටාව සාමාන්‍ය පරිදි විවෘත කරන බවයි.

නමුත් එම තීරණය වෙනස් කර නැවත දැනුම්දෙන තුරු කොට්ටාව අන්තර් හුවමාරුව වසා දමා තිබේ. එම හුවමාරුව භාවිතා කිරීමට ඉඩ ‍දී ඇත්තේ මගී ප්‍රවාහන බස් රථ හා ගිලන්රථ සඳහා පමණි. අනෙකුත් සියලු වාහන කහතුඩුව හා අතුරුගිරිය පිවිසුම් භාවිතා කළ යුතු අතර එම ස්ථානවලින් ඇතුළුවන වාහනවලට ප්‍රවේශපත්‍ර නිකුත් කරන්න‍ේ නැත.

1 COMMENT

  1. ලංකාවේ corona මර්දනය කරන්න උපකාරි වන්නේ,

    1. මිනිස්සුන්ගේ තියෙන කැපවීම් ඒ කැපවීම ඇවිල්ලා තියෙන්නේ මරණ බිය නිසා. ඒ වගේම තමන්ගේ හිතවත් අයට රෝගය වැලඳේ කියල තියෙන බය නිසා.

    2. වගේම ඊටත් වඩා වැදගත් කාරණයක් වෙන්නේ මිනිස්සු දඬුවම් වලට බිය නිසා සමාජය ඉස්සරහ ලැජ්ජාව පත් කළාම corona නීතිරීති අනුගමනය කරනවා. ඒක රජය පැත්තේ සිදු වන්නේ නැහැ. පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ටීවී එකේ පෙන්නන කොට ඒකෙ තියෙන රූපරාමු වලින් එහෙම දැඩි බවක් පේන්න නෑ. පොලිසියේ මහත්වරුන් තදින් ඉන්නවා වෙනුවට පේන්නෙ නැහැ ෂේප් කතා බහ පමණයි. ඇත්තටම අර ඉන්දියාවේ වගේ තදින් හිටියා නම් මාර්ගය මත සිදුවන corona මර්දනය 100% සාර්ථක කරගන්න පුළුවන්. මේ තත්ත්වය මත මර්ගය තුල සිදුවන කොරෝනා මර්ධන කටයුතු වලින් ප්‍රතිඵල ලැබෙන්නේ 5% පමණයි. ඕක තේරුම් ගන්න ලොකු මොලය ඕන නැහැ. අනිත් එක හැමතිස්සෙම මාධ්‍ය මගින් කොරෝනා ගැන සහ වෙනත් ඕනෑම කාර්ණයකදී කියන්නේ මහජනතාව බුද්ධිමත් කියලා. ඊට වඩා හිරිකිත කතාවක් ගොන් කතාවක් ඇත්තේම නෑ. මහජනතාවගේ බුද්ධිමත් කියලා හොඳට පේනවා කරන ගොන් ආත්මාර්ථකාමි වැඩවලින්.

    3. තවත් කාරණයක් මතක් කරලා දෙන්න ඕන. ඔය ත්‍රීවිල් රියදුරන්ගේ හැසිරීම් කොරෝනා ව්‍යාප්තියට ලොකු හේතුවක්. මොවුන් විසින් සමාජයේ බොහෝ කොටස් ප්‍රවාහනය කරනවා. රියදුරු inna ආසනේ සහ මගින් ගම්න් කරන ආසන වෙන් කරන්න පොලිතීන් ආවරණය අනිවාර්ය කරන්න ඇයි හිතෙන්නේ නැත්තේ ?

    4. ත්‍රීවිල් රියදුරු mask පලඳින්නේ නැතිනම් අත්අඩංගුවට ගන්න. නැතුව ඒ මිනිස්සුන්ට පොලිසියෙන් බොරු බයිලා කියලා අවවාද කරයි කියලා හරියන්නේ නෑ. ඊලග දවසේ කරන්නෙත් ඕකමයි. එක්කෙනෙකුට දෙන්නෙකුට දඬුවම් කරලා ඒක මාධ්‍යවලින් පෙන්නුව නං මුළු රටෙම ත්‍රීවිල් රියදුරුවරුන් ගානට හරි යයි.

    5. අනිත් එක කඩ සාප්පු වල තියෙන අත් වලට spray කරන්න දෙන sanitizer කොහොම හදලා ද කියලා කවුද දන්නෙ ? ඒවා වල ඒවායේ ප්‍රමිතිය කවුද බලන්නේ? මොනව හරි ගෙනත් ඒවට වැඩිපුර වතුර කලවම් කරලා මිනිස්සුන්ගේ අත් වලට spray කරනවා. මිනිස්සු ඉතින් ඒවා අත්වල තවරගෙන කිසිදු බයක් නැතිව මුණ කට අල්ලනවා විසබීජ කෙලින්ම පෙනහල්ලේ.

    ඊළඟට කඩ සාප්පු වල ඉන්න security අය තමයි මේ වැඩේට යොදවලා තියෙන්නේ. ඒ මිනිස්සු අත් දෙකට වඳින්න ප්‍රමාණවත් තරමින් sanitizer spray කරන්නේ නෑ . අඩුවෙන් spray කරලා sanitizer ඉතිරි කර ගන්නවා විශේෂයෙන් මේ දේවල් වැඩිපුරම සිද්ධ වෙන්නේ supermarket තුළ බව කියන්න ඕන. ඇත්තටම මේ සේරටම වඩා හොඳයි හොඳ සබන් කෑල්ලක් අත සෝද ගන්න තියෙන එක

Leave a Reply to pandula Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!