කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා රජය විසින් තෝරාගෙන ඇති ඉරණතිව් දූපතේ පදිංචිකරුවෝ අද (03) ඊට විරෝධය දැක්වූහ. එවැනි මෘතදේහ වැළලීම සඳහා සකසා තිබූ වළවල් ද වසා දැමූ ඔවුහු ඉරණමාතා නගර් වෙරළ තීරයේ දී විරෝධතාවක ද නිරතවූහ.
ඉරණතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත්, කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත් මෙම දූපතේ පදිංචිකරුවෝ කියති.
කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒම හේතුවෙන් දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්යම අහිතකර තත්වයන් රැසක් උද්ගත වන බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තීය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවයට එක්වූ කිතුණු ආගමික නායකයෝ කීහ.
යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බව ද එහි වැසියෝ කියති.
විරෝධතාවයට එක්වු ප්රදේශයේ දේශපාලන නියෝජිතයින් හා ප්රදේශවාසීන් පැවසූවේ රජය මුස්ලිම් ජනතාව හා කිතුණු ජනතාව අතර පවතින සහයෝගය බිඳ දැමීමමේ උත්සහයක නිරත වන බවට පෙනී යන බවයි.
ජනතාව ජිවත් නොවන කුඩා දූපත් රැසක් මෙරට සාගර කලාපයේ පවතින බැවින් රජය එවැනි භූමියක් තෝරාගෙන කොවිඩ් මෘත දේහ ආදාහනය කළ යුතු බවද ජනතාව පැවසීය.
විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්,දේශපාලන නියෝජිතයින්,දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.