spot_img
spot_imgspot_img

සෞඛ්‍ය සේවය සංවෘත සේවාවක් කරන්න අගමැතිගේ අවධානය

පුවත්

විදෙස්

සෞඛ්‍ය විෂය රජයේ සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තම කැමැත්ත ප්‍රකාශ කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක් අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සිදුකළ ඉල්ලීමකට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ. සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා එහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව මේ වන විට අවුරුදු 28 හෝ 30 ට ආසන්න වන බව වෛද්‍ය සංගමය විසින් පෙන්වා දී ඇති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, එම වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස්කිරීමට කටයුතු කරන බවයි.

වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය  සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 හෝ 63 දක්වා දීර්ඝ කිරීම  පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!