spot_img
spot_imgspot_img

කොච්චිකඩේ කොරෝනා පොකුරක අවදානමක්. සෞඛ්‍ය උපදෙස් ලැබී නෑ

පුවත්

විදෙස්

සෞඛ්‍ය අංශවල නොසැළකිලිමත්කම හේතුරවෙන් තමන් ඇතුළු සමස්ත කොච්චිකඩේ නගරයම කොරෝනා වසංතගතයේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි කොච්චිකඩේ අවට පදිංචිකරුවෝ පවසති.

කොච්චිකඩේ හලාවත මාර්ගයේ මඩම්පැල්ල හන්දියේ ත්‍රී රෝද රථගාලේ කොරෝනා ආසාදිතයකු වර්තාවී ඇති අතර ඒ ආසන්න නිවසකින් ද කොරෝනා ආසාදිත තරුණියක් වාර්තා වෙයි. ත්‍රී රෝද රථගාලේ අනෙක් රියදුරන් පවසන්නේ සෞඛ්‍ය අංශ තමන්ට නිසි උපදෙස් ලබා නොදීම හේතුවෙන් මේ වනවිටත් කොරෝනා පැතිරී ඇතැයි සැකයක් පවතින බවයි.

ඔවුන් පවසන පරිදි එම හන්දියේ ත්‍රී රෝද රථ ධාවකයන් විසින් ශාන්ත පිලිප්නේරි නමැති ත්‍රී රෝද රථ සංගමයක් පවත්වාගෙන යයි. එම ත්‍රී රෝද රථගාලේ සිටින එක් පුද්ගලයකුට රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් ඔහු තම නිවසේ දින කිහිපයක් සිට ඇති අතර ඔහු ආසාදිත බව පසුගිය ජනවාරි 09 වැනි දා තහවුරු කරගෙන ඇත. ඔහු ආසාදිත වූ අවස්ථාවේ දී සෞඛ්‍ය අංශ වෙතින් මේ ත්‍රී රෝද රථ ගාලේ කිසිවෙකුට නිරෝධායනය වන ලෙස උපදෙස් දී නැත. නමුත් ඊයේ (15) වැනි දා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සියලු ත්‍රී රෝද රථ ධාවකයන්ට ඉදිරි දින 05ක කාලයක් නිරෝධායනය වන ලෙස උපදෙස් දී ඇත.

ඔවුන්ට මේ උපදෙස් ලැබෙන විටත් එම දින 06ක කාලයක් ඔවුන් නගරය හා ඒ අවටත් දුර බැහැර ප්‍රදේශවලටත් මගීන් ගෙනගොස් තිබෙන අතර ඔවුන්ගේ පවුල්වල ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසක් ද ඇසුරු කර තිබේ. එම ත්‍රී රෝද රථ ගාලේ ඇති ත්‍රී රෝද රථ සංඛ්‍යාව 40කි. මේ රථ සියල්ල  ඔවුන් සමඟ සිටි අයකු ආසාදිත වූ පසුව ද දින 06ක් ප්‍රවාහන කටයුතුවල යෙදී ඇත.

ත්‍රී රෝද රථගාල ඉදිරිපිටම තොග කඩයක් පවතී. මේ තොග කඩයේ සේවයකරන පුද්ගලයකුගේ දියණියක් ආසාදිත බව ඊයේ වාර්තා වී ඇත. ඇය ඇඟළුම් සේවිකාවකි. දියණිය රෝහල්ගත කළ ද අද (16) දිනයේ දී ද ඇගේ පියා තොග කඩයේ සේවයට පැමිණ තිබේ. මේ තොග කඩය අද රාත්‍රීවනතුරුම විවෘතව තිබිණි. එය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු තම ව්‍යාපාරික ස්ථානවලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකි.

මේ අසළ ඇති තෝසේ කඩයට ද එම ආසාදිත තරුණියගේ පියා මෙන්ම ත්‍රී රෝද රථ ගාලේ සිටින රථ ධාවකයන් ද නිතර නිතර යන එන අතර නගරයට පැමිණෙන විශාල පිරිසක් ද එම ස්ථානයෙන් සිය ආහාර අවශ්‍යතා සපුරා ගනී. එමෙන්ම හන්දියේ ඇති මඩු මෑණියන්ගේ සුරුවම ත්‍රී රෝද රථ ධාවකයන්ගේ පමණක් නොව නගරයට යන එන සෑම දෙනකුගේ ම ගෞරවයට පාත්‍ර වූ ස්ථානයකි. ඔවුන් එම සුරුවම ස්පර්ශ කර ආශිර්වාදය ලබාගැනීමට පුරුදුව සිටියි. ආසාදිත වූ පුද්ගලයා ද නිරෝධායනය විය යුතු වුවත් එවැනි උපදෙස් නොලැබූ අය ද දෛනිකව මෙම සුරුවම ස්පර්ශ කර ඇති අතර නගරයට පැමිණෙන් 400-500ක් පමණ පිරිසක් එය ස්පර්ශ කරන බව ද ත්‍රී රෝද රථ ධාවකයෝ ම කියති. ඔවුන් පවසන්නේ එය විෂබීජහරණය කළ යුතු ස්ථානයක් බවයි. නමුත් එවැනි පියවරක් මෙතෙක් ගෙන නැත.

ප්‍රදේශවාසීන් පවසන්නේ සෞඛ්‍ය අංශවල නොසැළකිලිමත් කම හේතුවෙන් කොච්චිකඩේ කොරෝනා යළි හිස එසවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි යන්නයි.

මේ පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසීමට උත්සාහ ගත්ත ද එම දුරකථන මාර්ග නිතරම කාර්යබහුලව ඇති බැවින් කිසිදු වගකිව යුතු අයකු සම්බන්ධකර ගැනීමට නොහැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!