spot_img
spot_imgspot_img

අධ්‍යාපන ලේකම් පාසල් උත්සව එපා කියයි. අධ්‍යාපන ඇමති ගාල්ලේ පාසලකට එයි

පුවත්

විදෙස්

පාසල්වල සියලු උත්සව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ලිපියක් නිකුත් කර තිබිය දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද (16) ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විදයාලයේ උත්සවයක් සඳහා සහභාගී වීමට නියමිතය.

අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කළ ලිපියේ දැක්වෙන්නේ පාසල්වල මේ වනවිට සැළසුම් කර ඇති උත්සව පවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මේ වනවිට දිවයිනේ ස්ථාන කිහිපයකින් වේගයෙන් පැතිරෙන කොරෝනා වයිරසයක් හා කොළඹින් කොරෝනා වයිරසයේ විකෘති ප්‍රබේදයක් හමුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබිණි.

ගාල්ලේ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාට අමතරව කොළඹ අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ද එම විදුහලේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් ද සහභාගී වීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවක පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවරු වී ඇතියි සෞඛ්‍ය අංශ පසුගිය දා කීවේය.

මාධ්‍ය ආයන හිමිකරුවකු වන දිලිත් ජයවීරගේ සංවිධානත්වයෙන් ස්මාර්ට් පන්තිකාමර දෙකක් හා විශේෂ අධ්‍යාපන පන්තිකාමර දෙකක් විවෘත කිරීමත් පළමු වසර සඳහා සිසුන් භාර ගැනීමත් අද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව පාසල් ආරංචිමාර්ග පවසයි. පාසලේ ඇති අඩුපාඩු අධ්‍යාපන අමාත්‍යවරයාට පෙන්වීම සඳහා ඔහු ගෙන්වන බව ද දැනගන්නට ඇත. ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ආදි සිසුවකුවන දිලිත් ජයවීර පසුගිය දිනවල ද පාසලට පැමිණ මෙම උත්සවයේ සංවිධාන කටයුතුවලට සහභාගී වී සිටියේය.

එම විදුහල ආසන්නයේ ඇති ශ්‍රී හෘදය කන්‍යාරාමයට ද අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක යෙදීමට ද නියමිත බව වාර්තා වේ.

ඇලුවීෂියස් විද්‍යාලයේ උත්සවය නිරෝධායන නීති අනුව පවත්වන බවත් මීටරයක පරතරය තබා ගනිමින් සියලු දෙනා කටයුතු කරන බවත් උත්සවය පැවැත්වෙන අවස්ථාවේ දී එය නරඹන පිරිසට පුළුල් තිර යොදා උත්සවය නැරඹීමට කටයුතු සංවිධානය කර ඇති බවත් විද්‍යාලයේ ප්‍රකාශකයකු කීවේය.

අධ්‍යාපන ලේකම්වරයා දුන් උපදෙස් අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනි.

http://sinhala.adaderana.lk/sports/149085/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94-%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!