spot_img
spot_imgspot_img

වි.ජ.මු‍. ගේ දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කරයි

පුවත්

විදෙස්

හිටපු කතානායක වි.ජ.මු.ලොකුබණ්ඩාරගේ දේහය අද (15) සවස කොටිකාවත්ත පොදු සුසානභූමියේ දී නිරෝධායන නීති අනුව ආදාහන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන ලදී.

අද දහවල් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ දී පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් ද සිදුකර තිබිණි.

1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පළමුව පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරය මෙන්ම අධ්‍යාපන, සංස්කෘතික සහ බුද්ධශාසන ඇතුළු කැබිනට් අමාත්‍යධුර කිහිපයක්ම හොබවනු ලැබීය.

2004 – 2010 සමයේ ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළේය.

එසේම 2010 – 2015 සමයේ වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!