spot_img
spot_imgspot_img

මියගිය පුතාට යළි PCR ඉල්ලා තාත්තා උසාවි යයි

පුවත්

විදෙස්

මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බවට අනාවරණය වී ඇති පුද්ගලයකුගේ මෘත ශරීරයක් යළි පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් සම්බන්ධයෙන් මේ මස 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට හා එහි අධිකරණ වෛද්‍ය නිලධාරියාට නොතීසි නිකුත්කර තිබේ.

එදින තෙක් අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස ද අභියාචනාධිකරණය විසින් එම වගඋත්තරකරුවන් දෙදෙනාට තවත් නියෝගයක් නිකුත්කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඊබ්‍රා ලෙබ්බේ මොහොමඩ් හකීම් නැමැත්තෙකු විසින් ගොනු කළ පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

පෙත්සම්කරු සඳහන් කරන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා වන මොහොමඩ් හකීම් මොහොමඩ් තිල්ශාඩ් නැමැත්තා ඉකුත් ජනවාරි මස 31 වනදා දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි. ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර් පරීක්ෂණවලින් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති  බව රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කළේ යැයි පෙත්සම්කරු පවසයි.

ඔහුගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවද පෙත්සම්කරු සඳහන් කළේය. 

මරණකරු මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ද? යන්න පිළිබඳව නිශ්චිතව තහවුරුකර ගැනීමට තමන්ට අවශ්‍යව ඇතැයි පෙත්සම්කරු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!