ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එම කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු තම බිරිඳට හා මවට කොරෝනා එන්නත ලබා දී ඇති බව අප වෙත තහවුරු වී ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයකු වන මෙම වෛද්‍යවරයාගේ මව හෝ බිරිඳ සෞඛ්‍ය සේවයට කිසිදු සම්බන්ධයක් නැත. තවමත් දකුණු පළාතේ කොරෝනා ආශ්‍රිතයන් සමඟ සෘජුව කටයුතු කරන සෞඛ්‍ය හා ආරක්ෂක සේවයේ නිරත සියලුම දෙනාට එන්නත් ලබා දී අවසන් නැත. ගිලන්රථ රියදුරන් හා සේවකයන් අතරින් ද එන්නත ලැබී ඇත්තේ කොටසකට පමණි. මරණයක් සිදුවූ විට එම මරණය කොරෝනා ආසාදියකුගේ ද නොවේ ද යන්න පවා නොදැන අවදානමක් ගෙන කටයුතු කරන හදිසිමරණ පරීක්ෂකවරුන් එන්නත ලබාදෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දී එන්නත දී ඇත්තේ මරණ පරීක්ෂකවරු 10 දෙනකුට පමණි. ඒ අද (13) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ය. දකුණු පළාතේ අනෙකුත් මරණ පරීක්ෂකවරුන්ට ද එන්නත් ලැබී නැත.
වසංගත රෝග විද්‍යා ඒකකය දැඩි සීමා මායිම් යොදමින් කොරෝනා ආසාදිතයන් හා සෘජුව සම්බන්ධවන සෞඛ්‍ය හා ආරක්ෂක සේවයේ නිරතවූවන්ට පවා එන්නත ලබා නොදී ඇති පසුබිමක මේ වෛද්‍යවරයා තම බිරිඳට හා මවට එන්නත් ලබා දුන්නේ කවර පදනමකින් දැයි පරීක්ෂා කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.
තම වෘත්තියට අදාල වූව ද නොවූව ද සෑම දෙයක් වෙනුවෙන් ම ප්‍රකාශ නිකුත් කරන සහ ඇතැම් අවස්තාවල දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පවා පසුබට නොවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම ක්‍රියාකාරී සාමාජික වෛද්‍යවරු මෙලෙස පවුලේ ඇත්තන් වෙනුවෙන් පවා එන්නත් ලබාදීමේ ජාවාරමක යෙදී සිටීම ගැන ගන්නා පියවර පිළිබඳ අපි විමසිල්ලෙන් සිටින්නෙමු.