තමන්ට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍යවල ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබද කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළාය.
ඇගේ නීතිඥ නයෝමි අබේවික්‍රම කියා සිටියේ ඇතැම් පුද්ගලයන් ශෂී වීරවංශ වෙනත් පුද්ගලයකු සමඟ විදේශගත වී ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයපිළිබඳ විමර්ශනය කරන ලෙස ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි. ශෂී වීරවංශ එම ස්ථානයේ සිටි අතර නීතිඥවරිය කියා සිටියේ මෙය හැකි ඉක්මණින් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටි බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ විමර්ශනයක් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය කියා සිටියාය. මේ පැමිණිල්ලට දේශපාලනය සම්බන්ධ නොවන බවත් දිගින් දිගටම මේ ප්‍රචාර ගෙන යාමෙන් ශෂී වීරවංශ දැඩි අසීරුතාවට පත්වන බැවින් මේ පැමිණිල්ල කළ බවත් නීතිඥවරිය කීවාය.
ශෂී වීරවංශ මෙසේ කීවාය.
බලපෑම ගැන මම දන්නේ නැහැ. දරුවන් සහ මම දේශපාලනයට කවදාවත් සම්බන්ධ නැහැ. දිගින් දිගටම මා ඉලක්ක කරගෙන මෙවැනි ප්‍රචාර ගෙන යනවා. මා දැකලවත් නැති පුද්ගලයෙක් සම්බන්ධ කරගෙන මේ වගේ ප්‍රචාරයක් ගෙන යාම දරාගන්න බැරි නිසා මේ වගේ පැමිණිල්ලක් කළේ. මෙය මටත් මගේ දරුවන්ටත් ලොකු පීඩාවක්. මහජන නියෝජිතයන්ගේ දේශපාලන සහ පුද්ගලික ජීවිතය ගැන හෙව්වට වැරැද්දක් නැහැ. නමුත් ඒකට අඹු දරුවන් පටලවා ගැනීම වැරදියි.