කොරෝනා වසංගතය වේගයෙන් පැතිරීම හේතුවෙන් රටතුළ ඉතා ව්‍යාකූල තත්ත්වයක් උදාවී ඇති බවත් පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීම පවා ප්‍රමාදවීම නිසා වසංගත පාලන ගැටලුවක් වී ඇති බැවින් ඉදිරිය අතිශය භයානක විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
ඔහු පවසන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු කරගන්නා පුද්ගලයන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමුකිරීමේ ක්‍රමවේදය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේ ද කීවේය.
“දෛනිකව වාර්තා වන කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාවේ සංඛ්‍යා ලේඛන පිළිබඳ යම් යම් පරස්පරතා ඇති ව තිබෙනවා. විශ්වසනීයත්වයෙන් තොර බවට අපට යම් යම් සාධක අනාවරණය වෙනවා. මේ නිසා මහජනතාවත් මේ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් විශ්වසනීයත්වක් නොමැති ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ඇති වෙන මරණ සම්බන්ධවත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වෙනවා. මේ මරණවල සංඛ්‍යා ලේඛන සම්බන්ධව. මේ වන විට රසායානාගාර පරීක්ෂණ වාර්තාවක් ලැබීම සඳහා අවම වශයෙන් දින 5ක කාලයක් ගතවෙනවා. ඒ වගේම ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල දින 15කට ආසන්න කාලයකුත් ගතවෙන කාලයක් අපිට නිරීක්ෂණය වෙනවා. ඇතැම් පීසීආර් පරීක්ෂණ වාර්තා අස්ථානගත වීම් සිදු වෙනවා. මේ අස්ථානගත වුණ තොරතුරු හා කල් පහුවුණු සංඛ්‍යා ලේඛන සමග අපිට තවදුරටත් මේ වසංතය මර්ධනය කරන්න බෑ කියන එක තමයි පේන්නේ. ඒ නිසා රසායානාගාර සම්බන්ධයෙන් ඉදිරියට විධිමත් හා යම් වගකීමකින් කටයුතු කළ යුතුයි යන්න අවධාරණය කරනවා.”