රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවාගැනීම දින 14 සිට 10 දක්වා අඩුකිරීමට තීරණය කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
කෙසේ වෙතත් වෛද්‍යවරයා පවසන්නේ එම දින 10 ගණනය කරනු ලබන්නේ පීසීආර් පරීක්ෂණය සඳහා අදාල සාම්පලය ලබාගත් දිනයේ සිට බවයි. මේ වනවිට ඇතැම් ආසාදිතයන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා ලැබීමට දින 05-06ක් පමණ කාලයක් දක්වා ප්‍රමාද වන බැවින් ඔවුන්ට එම දින 10න් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ගත කිරීමට සිදුවන්නේ අවම වශයෙන් දින 04-05ක් වැනි කාලයකි.
වසංගත රෝග ප්‍රධානී පවසන්නේ වයිරසය ව්‍යාප්තවිය හැකි අවදානම් කාල සීමාව වූ දින 10ක කාලයෙන් පසු දින 04 නිවසේ නිරෝධායනයට යොමු කරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,
“දැන් විද්‍යාත්මකව කරුණු පැහැදිලි වෙලා තියෙනවා දින 10ක් ගියාට පස්සේ කෙනෙකුගේ මේ රෝගය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව ඉතාමත් අවමයි කියලා. ඒ නිසා අපි දින 14ක කාලයක් වෙන්කර තබාගැනීම සිදුවෙනවා. එම අවදානම් දින 10ක කාලය අපි ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා ගැනීම සිදුකරනවා. ඉතුරු දවස් 11 සිට දින 14ක් දක්වා කාලය නිවසේදීම වෙන්කර තැබීමක් සිදුවෙනවා. යම්කිසි විදිහකින් රසායනාගාරයක ප්‍රතිඵල ලබාදීමේ කාලසීමාවේ වැඩිවීමක් සිදුවුණොත් අපි ගණනය කරන්නේ සාම්පලය ලබාගත් දිනයේ සිට බැවින් සමහර විට දින 10ක්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳී සිටින්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වය නිවැරදි කළයුතුයි.“