spot_img
spot_imgspot_img

පුංචි ලෝකාන්තයේ දී අයෙක් අතුරුදන්

පුවත්

විදෙස්

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කඳවුරු ගැසූ පිරිසක සිටි අයකු අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්වූ පුද්ගලයා කළුතර මග්ගොන මුංහේන පදිංචි දිනුර විජේසුන්දර නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මාධ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි.

පුද්ගලයන් ‍12 දෙනකු ඊයේ (06) පුංචි ලෝකාන්තය අසළ රාත්‍රී කඳවුරු ගසා ඇති අතර අධික ශීතල බැවින් වාහනයට යන බව පවසා ඔහු කූඩාරමෙන් නික්ම ගිය බවත් උදෑසන ඔහු පිළිබඳ තොරතුරක් නොවූයෙන් පොලිසියට දැනුම් දුන් බවත් පැමිණ සිටි අය පවසා ඇත.

මෙම පුද්ගලයා ප්‍රපාතයට වැටී ඇතැයි සැකකරන බැවින් මඩොල්සිම, බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. යුද හමුදාවේ 200ක පමණ පිරිසක්ද එහි පැමිණ ප්‍රපාතයේ සෙවුම් කටයුතු සිදුකරන බව මඩොල්සිම පොලිසිය පවසයි.

දැඩි මීදුම හා වර්ෂාව හේතුවෙන් සෝදිසි මෙහෙයුම් අසීරු වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!