විදුලි අධිකාරීවරයකුට පහර දී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බද්දේගම ප්රාදේශීය සභා මන්ත්රීවරයා වදුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ හිසට වෙඩි තබන බවට තර්ජනය කර ඇතැයි පොලිසිය.
එම මන්ත්රීවරයා පොලිස් සිර මැදිරියේ සිටිමින් මෙම තර්ජනය කර ඇත. ඔහු පවසා ඇත්තේ ටී 56 ක් ගෙනවිත් ස්ථානාධිපතිවරයාට වෙඩි තබන බවයි. මෙම මන්ත්රීවරයාගේ නිවස අසළින් විදුලි රැහැන් ඇදීමේ යෙදී සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයකුට හා තවත් දෙදෙනකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඊයේ (06) සවස මන්ත්රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය. පහරකෑමට ලක්වූ බව කියන දෙදෙනෙක් රෝහල්ගතව ප්රතිකාර ලබති.
වඳුරඹ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර කෝට්ටගේ මහතා පවසන්නේ අද (07) සවස ඔහු බද්දේගම මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.