spot_img
spot_imgspot_img

“සිංහල බල්ලා” ගැන ඔබ දැන සිටියා ද ?

පුවත්

විදෙස්

අතීත ශ්‍රී ලංකාවේ සතුන් අතර දක්නට ලැබුණු “සිංහල බල්ලා” ගැන ආචාර්ය පී.ඊ.පී. දැරණියගල වාර්තා කර ඇත. ඔහු පවසා ඇත්තේ එම බල්ලා 1920 දශකය දක්වා බදුල්ල ප්‍රදේශයේ දක්නට ලැබුණු බවට වාර්තා ඇති බවයි. එහෙත් දැන් මේ සිංහල බල්ලා සොයා ගැනීමට නැත.

ඇතැම්විට ශ්‍රී ලංකාවට ආවේණික බල්ලන් විශේෂයක් විය හැකිව තිබූ මෙම බල්ලන් වරින් වර විදේශිකයන් සමඟ මෙරටට පැමිණ මෙහි පැලපදියම් වූ වර්තමාන ගෘහස්ථ බල්ලන් සමඟ මිශ්‍ර වීමෙන් ජෛව විද්‍යාත්මකව අතුරුදන් වන්නට ඇත.

මෙහි පහත දැක්වෙන්නේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල ‍ලංකා කෞතුකාගාර අධ්‍යක්ෂවරයාව සිටිය දී ලියන ලද සිංහල ත්‍රාසජනක ක්‍රීඩා නම් පොතෙහි සිංහල බල්ලා ගැන ලියා ඇති අපූරු සටහනකි.

ශ්‍රී ලංකාවේ බිතුසිතුවම්වල හා ගල්කැටයම්වල දක්නට ලැබෙන කෙටි ලෝම, සෘජු කන් හා උඩුකුරු වලිග සහිත සිංහල බල්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

දැනට කොළඹ කෞතුකාගාරයේ තිබෙන නම වැනි සියවසයට අයත් ගල්කනුවක ඇති රූපයෙන් හකුමහත්, සාමාන්‍ය දේහයක් ඇති බල්ලෙකුත් බිලිබෑවේ තිබෙන දහවන සියවසයට අයත් ගල්කනුවක රූපයෙන් ගෙවල් රැකීමට යොදන බල්ලෙකුත් දැක්වේ.

කෙටි වූ විසාල හොම්බක් හා කුඩා කන්පෙති සහිත විශාල ඔලුවක් ඇති මේ සතාගේ බෙල්ලේ මස් කැරැල්ලක් ඇත. කෙටි වූ පාද ඇති, මහතට වැඩුන උරහිස් ක්‍රමයෙන් උකුල් ඇට අසල දී උස්වේ තරමක් වකුටු වූ වලිගය, ඇසිරියන් හා වර්තමාන ටිබැටන් දඩයම් බල්ලන්ගේ මෙන්ය. මෙම ගල්කනුවේ ඡායාරූපයක් “එපිග්‍රැෆියා සිලනිකා” සඟරාවේ දෙවෙනි කාණ්ඩයේ 08වන සේයාරුවේ ඇත. ඊට සමාන දුඹුරු සුනඛ රූ 18 වෙනි සියවසට අයත් කැලණියේ ඇති “මහා කණ්හ ජාතකය” දැක්වෙන බිතු සිතුවමේ ඇති අතර, වෙස්සන්තර ජාතකයේ බමුණන් වෙහෙස කළ බල්ලාට සුදු, දිග නැහැයක් හා මහත් ලැමදක් ද ඇත. මොවුන් සහ කතරගමින් හා මැදවලින් දැක්වෙන්නවුන් (එපිග්‍රැෆියා සිලනිකා, 3 කාණ්ඩය, රූ 24-27) රැකවල් බල්ලන් හා 13වන සියවසට අයත් මදුරයි කෝරලේ කොට්න්ගයි කැටයම්වල දැක්වෙන සිහින් දේහ ඇති ටෙරියර්වර්ගයටත් අතර මැදි වර්ගයකි.

දේව අන්ගම් රෙදිකඩේ දැක්වෙන කොටි හටනේ සිටින්නේ ටෙරියර් වර්ගයේ බල්ලන්ය. පැත්තෙන් පුල්ලි සහිත බල්ලාගේ පුල්ලියක් උගේ ඇස පමණට මහතය. කොටියාගේ උරහිස ඩැහැගත් බල්ලාත් අනිකාගේ පාට මෙන් උවත් කොටියාගේ බෙල්ලේ මස් කැරැල්ලෙන් අල්ලාගත් විශාල බල්ලාගේ පුල්ලි උගේ නාසය තරම් මහත්ය. පුල්ලි රහිිත එකාගේ හා තුවාල වූ බල්ලාගේත් කරේ කුඩා සීනුවක් බැඳි පටියක් ඇත.

විදේශ සුනඛයන් ගැන මෙරට වැසියෝ සොදතුවා නොවේ. රාජසිංහ රජ ඔවුන් තෝරාගැනීම දැනසිටි බව පෙනේ. එසේ තෝරාගත් සුනඛයන්, සිංහල රජු සාදරයෙන් පිළිගත් තිළිණයක් ලෙස ඕලන්දයින් සැලකූ බව, 1655 ජුනි 10 දා වෑන් ඩර් මේඩන් විසින් බතේවියාවේ අග්‍ර ආණ්ඩුකාර වෙත යවන ලද, ලිපියේ “මැනිලා, චීන, ජපන් හෝ තායිවාන් ආදී වරිග සුඛයන් තබා ගැනීමට ලොල් වූ රාජසිංහ රජුට සුඛයින් කීපදෙකේ සොයාදීමට හැකිනම් අප සතුටුවන්නෙමු”යි සඳහන් කිරීමෙන් පෙනේ. (පීිරිස් 1929. පිටුව 180) යුරෝපීය බල්ලන් රජුගේ විවේචනයට ලක්වුණු බව අන් ලිපි වලින් හෙලිවේ. එක් තැනෙක මෙසේ සඳහන් වේ. (පීරිස් 1914, කාණ්ඩය 2, පිට 358) “ මේ කරුණුවල දී රජ හාෂ්‍යජනක කිරීමෙ ඕලන්දක්කාරයන්ගේ ආහාව විය. ඔව්හු අශ්වයන් පමනක් නොව, රජතවන් සෑදල හා කටකලියාද, සුනඛයන් ද තෑගි කළහ. බල්ලන් ගැන වරක් රජතුමා ‘මේ බල්ලන්ට රජ මැදුර දොරටු රැකීමට හා මිනිසුන් එලවා හැරීමට බැරිවා පමණක් නොව, ඔවුන්ගේ විලාශය හා පෙනීමද අසතුටු දායකය’යි කී, දඩයම් පිණිස තෑගි කළ තවත් බල්ලකු දෙස බලා උගේ පුල්ලි පිහිටි අන්දමින් දඩයමට වැඩි ප්‍රයෝජනයක් නැති යැයි පැවසීය.”

පිණිනිය තිබේනම් ඒ විඩාවට පත් නොවීමේ ලකු‍ණකි. ශරීරයේ යම් යම් සලකුණු හා පුල්ලි නැත්නම් ඒ නියම දඩයම් බලු වර්ගයේ සතෙක් යයි නොසළකත්.

ඕලන්දක්කාරයෝ ද සිංහල බල්ලාගේ වටිනාකම හොඳින් දැන සිටියේ, එක් නිලධාරියෙක් වැද්දකුගෙන් මිලට ගත් බල්ලෙක් සුරත් දක්වා ගෙනගොස් රික්ස් ඩොලර් 400ක් සපයා ගත් බව පෙනේ. (පර්ස්සිවල් 1803, පිිටුව 261)

ශ්‍රී ලංකාවේ පැරණි මානව සාධක ලැබෙන බෙල්ලන්බැඳිපැලැස්සේ දී ගෘහස්ථකරන ලද බල්ලකුගේ ෆොසිලයක් හමුවී තිබේ. මෙය ලෝකයේ ඉතා වැදගත් සොයා ගැනීමකි. එය වසර 12,500ක් පැරණිය. බල්ලන්ගේ පැරණිතම ෆොසිල සාධක හමුවන්නේ චීනයෙනි. එය වසර 16,000ක් පැරණිය. බල්ලන්ගේ වල් දර්ශකයක් විය යුතු කැලෑ බල්ලන් ලෝකයේ කිසිම රටක දක්නට නැත. එබැවින් විද්‍යාඥයන් පවසන්නේ අපේම මුතුන් මිත්තන් විසින් අළු වෘක්කයාගෙන් බල්ලා බිහිකර ගන්නට ඇති බවයි.

නමුත් ශ්‍රී ලංකාවේ අළු වෘක්කයන් සිටි බවට කිසිදු සාධකයක් නැත. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ අළු වෘක්කයන් සිටියි. අදින් වසර 12,750කට පෙර මෙරට බලංගොඩ මානවයා අතරට බල්ලෙක් පැමිණියේ ඉන්දියාව, චීනය ආදී ප්‍රදේශවල සිටි මානවයන් මෙරටට සංක්‍රමණය වූ බැවින් විය යුතුය යන්න පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

දැරණිගල කියන සිංහල බල්ලා සොයා ගැනීමට අප අවස්ථා කිහිපයක් ම දැඩි වෙහෙසක් දැරුව ද එම උත්සාහය සාර්ථක වූයේ නැත.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!