බලපිටිය මූලික රෝහලේ කලින් දින වෙන්කරගන්නා ලද සැත්කම් තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා වෙනත් දින ලබාදීමටත් තීරණය කළ බව රෝහල් ප්‍රකාශකයකු පවසයි.
රෝහලේ සේවයකරන වෛද්‍යවරු දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් වෛද්‍යවරු පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබීමත් හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇත.
බලපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා පවත්වාගෙන යෑමට පියවරගෙන ඇති අතර හදිසි සැත්කම් ද සිදුකෙරෙන බවයි.