spot_img
spot_imgspot_img

සෙට්ටිකුලමේ දී හමුදාවට වෙඩි. හමුදාවෙන් ප්‍රතිප්‍රහාර

පුවත්

විදෙස්

වව්නියාවේ සෙට්ටිකුලම් රක්ෂිත කැලෑ පෙදෙසක දී ආරක්ෂක රාජකාරියේ නිරත හමුදා සෙබළුන් පිරිසක් සහ තවත් කණ්ඩායමක් අතර ඊයේ (01) රාත්‍රී වෙඩි හුවාරුවක් සිදුවී ඇති බවත් ඉන් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි.

සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක්ට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් ආයුධ සන්නද්දව පැමිණ වෙඩි ප්‍රහාරයක් පළමුව  එල්ල කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විසින් ප්‍රතිප්‍රහාර සිදු කොට ඇත.

තුවාල ලැබූ පුද්ගලයකු සෙට්ටිකුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුළත් කරනු ලැබීය.

ආයුද සහිතව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන්ද එක් අයෙකුට තුවාල සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අදාල පිරිස රක්ෂිතයේ දැව ජාවාරමක නිරතවීමේදී මෙලෙස වෙඩි තබාගැනීම හෝ ක්‍රියාන්විතයේ නිරතවූ යුද හමුදා සෙබලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ආවේද යන්න පිළිබඳව සෙට්ටිකුලම් පොලීසිය හා යුද හමුදාව එක්ව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!