0.5 C
New York
Home Blog Page 44

දේශබන්දු අධිකරණයට භාර වෙයි

0

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට 2023 වර්ෂයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) දහවල් ඉදිිරිපත් වූයේ ය.

ඔහු අත්අඩංවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස අභියාචනාධිකරණයට ගොනුකරන ලද පෙත්සම පෙරේදා අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමෙන් පසු හෙතෙම මෙලෙස අධිකරණයට පැමිණ තිබිණි.

ඒ අනුව එම සිදුවීමට අදාළ නඩුව අද (19) සවස මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතව ඇත.

-Advertisement-

බන්ධනාගාර රැඳවියකුගේ හදිසි මරණයක්

0

මැගසින් බන්ධනගාරයේ රිමාන්ඩ් කර සිටි සැකකරුවකු අමානුෂික පහරදීමකින් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ හේවාධීර දොන් ගැමුණුජිත් නමැති 54 හැවිරිදි එක්දරු පියෙකි. පසුගිය 23 වැනි දා මරහගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කළ ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ඇතැයි කියා පරීක්ෂා කිරීමේදී ඔහු ඒවා ගිල දැමූ බව කියමින් ඔහුට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකෙු විසින් තවත් රැඳවියන් දෙදෙනකු සමග එකව පහර දී ඇතැයි වාර්තා වී තිබේ.

එම අවස්ථාවේ දී ගි දැමූ අයිස් මත්ද්‍රව්‍ය වැමෑරීමට යැයි කියමින් ලුණු මිශ්‍ර ජලය බෝතල් දෙකක් ද පානය කිරීමට සළස්වා පහර දී ඇතැයි වාර්තා වේ.

අමානුෂික ලෙස පහරදීමට ලක් වූ මෙම රැඳවිය පසුව බන්ධනාගාර රෝහට ඇතුළත් කර තබූ බවත් අනතුරුව වැඩිදුර ප්‍රතකාර සඳහාකොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබූ බවත් පොලිසිය පවසයි. එහ ප්‍රතිකාර ලබමින් සිටිය දී 16 වැන දා සවස ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

-Advertisement-

බස් චණ්ඩින්ට වැඩ වරදී

0
sri lanka police

කොළඹ සිට නෙළුව දක්වා ධාවනය වූ බස් රථයකට අද (18) පහරදුන් බවට සැකකරන අවිත්තාව සිට මතුගම දෙසට ධාවන වූ බස් රථයක රියදුරකු සහ සහායකයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් හෙට (19) අධිකරණය ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.

මග දී මගියකු නංවාගත් බවට චෝදනා කරමන් එම බසයට පහරදී තිබේ.

පහරකෑමට ලක්ව තුවාල ලැබූ රියදුරා ‍සහ කොන්දොස්තරවරය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම පහරදීම සිදුකර ඇත්තේ මතුගම ලිහිණියාව ප්‍රදේ‍ශයේ දී ය. නෙළුව කොළඹ බස් රථයට මාර්ගය හරස් කර නතර කර පස් දෙනෙකුගෙන් යුතු පිරිසක් කඩා වැදී යකඩ පොලුවලින් පහර දී ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

වහා ක්‍රියාත්මක වූ මීගහතැන්න පොලීසිය පහරදීම සිදුකළ බස් රියදුරු හා කොන්දොස්තරවරයා ඉතා කෙටි කාලයක් තුළ මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර රියදුරු හා කොන්දොස්තරවරයා හෙට (19) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මීගහතැන්න පොලීසිය පැවසීය.

මගීන්ගේ ජීවිත ද අනතුරේ හෙලමින් සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිසන් සභාවට ද මගීන් විසින් පැමිණිලි කර ඇත.

-Advertisement-

හදුන්නෙත්තිගේ මෙගා වැඩේට, රොෂාන් මහානාම කණස්සල්ලෙන්

0

මාතර පොල්හේන ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසලක් සහ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ මෙගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැවත සළකා බැලිය යුතුයැය හිටපු ක්‍රීඩකයකු මෙන් ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික රොෂාන් මහානාම පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමිනි.

මාතර පොල්හේන ප්‍රදේශයේ එවැනි එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංව‍ේධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගිය දා සාකච්ඡාවක් ද පැවැත්විණි. එහි දී තීරණය කර ඇත්තේ ඊට අදාල මූලික කටයුතු මාසයක් ඇතුළත නනිම කිරීමට ද සාකච්ඡා කර ඇත.

රොෂාන් මහානාම පවසන්නේ මෙවැනි මහා පරිමාන ව්‍යාපෘති පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායයන් සම්බන්ධයේ ප්‍රශ්න කළ යුතු බයයි. වර්තාමනායේ අවශ්‍ය වන්නේ නව ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා මුදල් වැය කිරීම නොව  පාසල් ළමුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට දැනට පවතින පයසුකම් වැඩි දියුණු කිරීමට ජාතික වැඩපිිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බව ද හෙතෙම පෙන්වා දෙයි.

-Advertisement-

දේශබන්දු‍ගේ පෙත්සම විසිවෙයි

0

වැලිගම හෝටලයක 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුවට ගන්න යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගය බල රහිත කරන්න යැයි ඉල්ලා, වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (17) තීරණය කළේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාධීකරණය හමුවේ සලකා බැලිණි.

එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

-Advertisement-

බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රනිල් පවසයි

0

බටලන්ද ප්‍රදේශයේ තරුණයින් නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසීය.

“1987/89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ උච්චතම අවස්ථාවේදී බියගම පිහිටි වැදගත් රාජ්‍ය ආයතනවලට ආරක්ෂාව සැපයූ ආරක්ෂක අංශවලට නවාතැන් සපයන ලෙස එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න කළ ඉල්ලීමට අවනත වීමට මා ගත් ක්‍රියාමාර්ගය කොමිසම ප්‍රශ්න කර තිබෙනවා” යැයි වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ලොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාදීම සම්බන්දයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිවයුතු බව පමණක් එම වාර්තාවේ සඳහන් වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

“එම කරුණ ඇරෙන්න අන් කිසිදු චෝදනාවක් මට අදාල වන්නේ නැහැ, ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් සඳහන් කර තිබෙනවා.” ඔහු පැවසීය.

-Advertisement-

“සත්ව සංගණනය කරන්නේ නිවැරදි දත්ත ගැනීමට නොවේ” – රජය කියයි

0

සත්ව සංගණනය සිදුකරන්නේ නිවැරදි දත්ත අපේක්ෂාවෙන් නොවේ යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

මෙම දත්ත යොදාගන්නේ කෘෂිකාර්මික ඵලදායීතාව වැඩිකරගැනීමට බව ඔහු කියා සිටියේය. ඔහු මෙවැනි අදහස් පළකිරීමක් කළේ අද දෙරණ නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

“මෙම සංගණනය කළත් අපිට තවත් වටයකින් මේ ගැන බලන්න වේවි. තවත් වේලාවක් දාන්න වේවි. සතුන් කොපමණ ඉන්නවා ද කියන එක සම්බන්ධයෙන් යම් අදහසක් අපිට ගන්න පුළුවන්. නමුත් එය 100%ක් නිවැරදි දත්ත කියා කියන්න අමාරුයි. මේ සම්බන්ධ දත්ත අපිට තියෙන්න ඕන. එවිට අපිට පුළුවන් රටක සත්තු ගැන අධ්‍යයනයක් කරන්න. සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදවලට අපිට යයන්න විදියක් නෑ. අපි ඒ තරමට දියුණු වෙලා නෑ. ඒ විදියට කරන්න අපිට ලොකු වියදමක් යනවා. මේ කරන්නේ සහභාගීත්ව සමීක්ෂණයක්.”

-Advertisement-

කොළඹ නගර සභාවට එක්වෙනවා ද ? නැද්ද ? තීරණය 20 වැනි දා

0

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කොළඹ මහ නගර සභාවට එක්ව තරඟ කරන්නේ ද යන්න තීරණය කිරීම මාර්තු මස 20 වැනි දා දක්වා කල් තබා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ටතම නායකයන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත්තේ 20 වැනි දා වනවිට සමගි ජන බලවේගයෙන් ඒ සඳහා පැහැදිළි පිළිතුරක් ලැබිය යුතු බවයි.

එමෙන් ම කොළඹ මහ නගර සභාවට අමරතව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරඟ කරන්නේ නම් ඒ පිළිබඳ මාර්තු මස 20 වැනි දින තීරණය දැනුම් දිය යුතුයැයි ද එක්සත් ජාතික පක්ෂයේ තීරණය වී තිබේ.

-Advertisement-

බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි

0

බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු අද (13) සවස ගාල්ල, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අහංගම වළවගේ සිරිදත් ධම්මික නමැති 61 හැවිරිදි විශ්‍රාමික නිලධාරියෙකි.

ඔහු නිවසේ සිටි යදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් ඔහුට වෙඩි තබා පළාගොස් ඇතැයි අක්මීමණ පොලිසිය කියයි.

වෙඩි වැදුණු හිටපු බන්ධනාගාර නිලධාරියා එම ස්ථානයේ ම මියගොස් ඇත.

මෙම ඝාතනය සිදුකරන ලද පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත. අක්මීමණ පොලිසිය වැඩිදුර පරීඛ්ෂණ පවත්වයි.

-Advertisement-

Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි

0

අන්තර්ජාල කැසිනෝ සඳහා ශ්‍රී ලංකාවට බදු අයකරගැනීමට නොහැකි වී ඇති කරුණු පිළිබඳ පසුගිය දා රාජ්‍ය මූල්‍ය කමිටුව (COPE) කමිටුවේ දී සාකච්ඡා කෙරිණි.

ඔන්ලයින් සූදු ව්‍යාපාරය සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් හඳුන්වාදෙන තෙක් ඒ සඳහා ගත හැකි අතුරු පියවර පිළිබඳව ද එහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

“ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීමට හෝ නීතිගත කිරීමට බලයක් නොමැත. නව පනත හඳුන්වා දෙන තුරු මෙම ව්‍යාපාරවලට බදු අය කළ යුතුයි” රාජ්‍ය මුදල් කමිටුවේ (COPF) සභාපති හර්ෂ ද සිල්වා එහි දී උපදෙස් දුන්නේය.

ඔහුට අනුව, ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රියාත්මක වන ඔන්ලයින් කැසිනෝ ව්‍යාපාර පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත්, “එවැනි ක්‍රියාකාරකම් පවත්වාගෙන යන පුද්ගලයින් සොයා ගත් පසු, ශ්‍රී ලංකාවේ ඔන්ලයින් කැසිනෝ ව්‍යාපාර ඇති බව අධිකාරිය පිළිගත්තේය”

භෞතික කැසිනෝ සමඟ සංසන්දනය කරමින් හර්ෂ ද සිල්වා සඳහන් කළේ, “බලපත්‍රලාභී, භෞතික කැසිනෝවලට, ඒවාට නායකත්වය දෙන නියාමකයෙකු නොමැති වුවද, ඒවායේ බදු එකතු කර තිබෙනවා. අ‍පේ රටේ අනවසරයෙන් ඉදිකර තිබෙන නිවාසවලට පවා විදුලි බිල්පත් යවනවා. ඒවා ගෙව්වේ නැතොත් විදුලිය විසන්ධි කරනවා. මූලික පියවරක් ලෙස, නව නීතිය හඳුන්වා දීමට පෙර, ඔබ ඔවුන්ට බද්දක් අය කිරීමට පියවර නොගත්තේ ඇයි?” යනුවෙන් ඔහු දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

“භෞතික කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමේදී, ව්‍යාපාරයේ ඔන්ලයින් මෙහෙයුම් නීති විරෝධී  බව පිළිගන්නවා” යනුවෙන් විමසුමට පිළිතුරු දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනුජා පෙරේරා පැවසුවාය.

කැසිනෝ නියාමනයක් නිර්මාණය කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමේදී COPF ද කාර්යභාරයක් ඉටු කළ යුතු බව හර්ෂ ද සිල්වා යෝජනා කළේය.

සාධාරණ බදු එකතු කිරීම, අපරාධ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සහ සමාජීය බලපෑම් අවම කිරීම සහතික කිරීම සඳහා සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට පසුගිය රජය යෝජනා කර තිබුණි.

යෝජිත පියවර අතරට 15% ක පිරිවැටුම් බද්දක්, රුපියල් මිලියන 500 ක බලපත්‍ර ගාස්තුවක් සහ රුපියල් මිලියන 500 ක වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුවක් ඇතුළත් විය.

සංශෝධිත ගාස්තු ව්‍යුහයක් යටතේ, කැසිනෝ ක්‍රියාකරුවන් දැන් පළමු වසර පහ සඳහා රුපියල් මිලියන 500 ක ගෙවීම්වලට සහ ඉදිරි වසර 15 සඳහා රුපියල් බිලියන 1.5 ක ගෙවීම්වලට මුහුණ දෙන අතර වාර්ෂික ගාස්තුව රුපියල් 500,000 කි.

වර්තමානයේ, ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩාව සූදු ආඥා පනත (1889), කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත (2010) සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත (1983) යටතේ නියාමනය කර ඇත.

නීති විරෝධී සූදු ක්‍රීඩාව තහනම් වුවද, බලපත්‍රයක් නොමැතිව ක්‍රියාත්මක වීම දඩ හෝ සිර දඬුවම්වලට හේතු විය හැක.

2015 අංක 10 දරන මුදල් පනත යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා කැසිනෝ බද්ද වාරික වශයෙන් ගෙවීමට නියම කර තිබියදීත්, ජාතික විගණන කාර්යාලය හෙළි කළේ කැසිනෝ ව්‍යාපාර දෙකක් රුපියල් බිලියන 2.98 ක නොගෙවූ බදු සහ දඩ මුදල් ගෙවිය යුතු බවයි, එයට වාර්ෂිකව නොගෙවූ බදු රුපියල් මිලියන 440.98 ක් සහ ප්‍රමාද වූ ගෙවීම් සඳහා රුපියල් බිලියන 1.56 ක දඩ මුදල් ඇතුළත් වේ.

-Advertisement-