-0.4 C
New York
Home Blog Page 23

ඇමෙරිකාවත්, යුද්ධයට එක්වෙයි ?

0

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව ඊශ්‍රායලය විසින් ආරම්භ කළ යුද්ධයට ඇමෙරිකාව ද මැදිහත් වීමේ සූදානමක් පවතින බව පෙනෙන්නට තිබේ.

ඉරානයේ නායක අයතුල්ලා අලි කමෙයිනි සැඟවී සිටින ස්ථානය දැනට දන්නා නමත් ඔහු ඝාතනය කිරීමට දැනට කටයුතු නොකරන බව ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

පසුගිය සිකුරාදා ඊශ්‍රායලය විසින් ඉරානය වෙත පළමු ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී තමන් ඊට ආධාර හෝ අනුබල නොදුන් බව අමෙරිකාව ඒ මොහොතේ ම ප්‍රකාශ කළ නමුත්, මේ වනවිට එම ස්ථාවරයෙන් ඉවත් වෙමින් දැඩි ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.

ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා ඇත්තේ ඉරාන නායකයා සැඟවී සිටින ස්ථානය ඉතාමත් පහසු ඉලක්කයක් වුවත් දැනට ඔහු මරා දැමීමට කටයුතු නොකරන බවයි. එමෙන් ම දෙවැනි සටහනක් තබමින් කොන්දේසි විරහිතව යටත්වන්න යැයි ද ඉරාන නායයාට ඇමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය සටහන මගින් පවසා ඇත.

ට්‍රම්ප් විසින් තැබූ තවත් සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ ඉරාන ගුවන් කලාපයේ සම්පූර්ණ බලය ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සතු බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා, ඉරානයේ නායකයා මරා දැමීමේ හැකියාව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම ඇමෙරිකාව යුද්ධයට සෘජුව මැදිහත් වීමේ අවදානමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර අමෙරිකාවට අයත් F-16, F-22 සහ F-35 ප්‍රහාරක යානා රැසක් මැදපෙරදිග කලාපය වෙත යොමුකිරීමටත් අමෙරිකාව පියවර ගෙන තිබිණි.

ට්‍රම්ගේ එම ප්‍රකාශත් සමඟ ඉරානයේ ටෙහෙරාන් නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ (17) රාත්‍රියේ ප්‍රහාර 100කට වඩා එල්ල වී තිබිණි. ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධිත ඉමාම් හුසේන් විශ්වවිද්‍යාලය, ටෙහෙරාන් ආසන්න කෝජියර් මිසයිල නිෂ්පාදන කම්හල ඇතුළු ස්ථාන රැසක් එම ප්‍රහාරවල ඉලක්ක වී තිබුණි.

මේ අතර ඉරාන ආධ්‍යාත්මික නායක කමෙයිනි ද X සටහනක් තබමින් පවසා ඇත්තේ, ඉරානය කිසිදිනක ඊශ්‍රායලය සමඟ සම්මුතියකට එළැඹෙන්නේ නැති බවයි. එම ප්‍රකාශයෙන් අනතුරුව ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් සහ හයිෆා ප්‍රදේශ වෙත මසියල මාලාවක් එල්ල කර තිබේ.

ඒ ප්‍රහාරවලදී ඉරානයේ නිෂ්පාදිත අති නවීන ෆාටා වන් හයිපර්සොනික් මිසයිල ද යොදාගෙන තිබුණි.

මේ අතර වාර්තාවන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් ඉරාන නායකයාගේ සමීපයෛ් ම සිටි බොහෝ පිරිසක් මියගොස් ඇති බවයි.

ඊශ්‍රායලයේ සැළසුම වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල මුළුමනින් ම නතර කර දැමීමයි. ඉරානයේ කොම් නගරය ආසන්න කඳුකර ප්‍රදේශයේ භූගත උමං මාර්ග පහකින් යුතු ෆෝඩෝ යුරේනියම් බලගැන්වීමේ කම්හලක් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන අතර ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එම කම්හල විනාශ කිරීම බව ද යුද විචාරකයෝ පෙන්වා දෙති.

එම කම්හල පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර 90ක් පොළොව අභ්‍යන්තරයේ බැවින් එය විනාශ කිරීමට නම් ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහය අත්‍යාවශ්‍ය වනු ඇත.

යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ සහ ඉරානයේ රැඳී සිටින සිය පුරවැසියන් ඉක්මණින් ඉවත්කර ගැනීමට ඉන්දියාව, චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් කටයුතු කරමින් සිටියි.

මෙවැනි යුද වාතාවරණයක් හමුවේ රුසියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ලෝකයම දැඩි විමසිල්ලකින් පසුවුව ද දැනටමත් යුද්ධයක පැටලී සිටින රුසියාව මෙම යුද්ධය සඳහා සෘජුව දායක නොවනු ඇතැයි ද විශ්වාසයක් පවතී.

ඉරානයේ අභ්‍යන්තර තොරතුරු අනුව වාර්තාවන්නේ යුධ උපකරණ රැගත් බොයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන චීන ගුවන් යානා තුනක් රේඩාර් පද්ධති මඟ හරිමින් ඉරානයට පැමිණ ඇති බවයි.

ඉරානය නමැති බූවල්ලා ක්‍රමයෙන් අඩපණ කරන බව ඊශ්‍රායලය මේ සටන් මධ්‍යයේ පවසයි.

-Advertisement-

එයාර් ඉන්දියා ගුවන් අනතුර වීඩියෝ කළ ආර්යන්ට සිදුවුණ දේ

0

ගුවන් යානයක ශබ්දය ඇසෙන සෑම අවස්ථාවකම, එය දැකීමට නිවසින් පිටතට දිව යෑම ආර්යන් අසරිගේ පුරුද්දයි.

ඔහුගේ පියා වන මාගන්භා අයි අසාරි පැවසුවේ ගුවන් යානා දැකීම ඔහුට විනෝදාංශයක් වූ බවයි. යානයේ එන්ජිමේ ගොරවන ශබ්දය ආර්යන්ට බෙහෙවින් ප්‍රිය කළේය.

නමුත් දැන්, ඒ ගැන සිතන විට පවා ඔහු භීතියෙන් ඇලලී යයි.

පසුගිය බ්‍රහස්පතින්දා, 17 හැවිරිදි ආර්යන් අහමදාබාද් නගරයේ අසරි මහතාගේ නිවසේ වහලය මත ගුවන් යානා වීඩියෝ කරමින් සිටියදී, එයාර් ඉන්දියා ඩ්‍රීම්ලයිනර් 787-8 යානය ඔහුගේ ඇස් ඉදිරිපිටම කඩා වැටී ගිනිගෙන පුපුරා යාමෙන් යානයේ සිටි 241 දෙනෙකු මිය ගියේය. අනතුර සිදුවූ භූමියේ සිටි පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ද මිය ගියේය.

ඒ මොහොත ආර්යන් ඔහුගේ දුරකථනයෙන් වීඩියෝ කළේය.

“මම ගුවන් යානය දැක්කා. ඒක පහළට පහළට යමින් තිබුණා. ඊට පස්සේ ඒක ගැස්සිලා මගේ ඇස් ඉස්සරහම කඩා වැටුණා,” ඔහු බීබීසී ගුජරාටි සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

අනතුරට හේතුව සොයා ගැනීමට උත්සාහ කරන විමර්ශකයින්ට තීරණාත්මක ඉඟියක් වන මෙම වීඩියෝව, ප්‍රවෘත්ති මාධ්‍ය හරහා විශාල වශයෙන් ප්‍රචාරය වී ඇති අතර, පාසල් සිසුවෙකු වන ආර්යන්ට රටේ ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුරු වලින් එකක් වීඩියෝ කිරීමේ ගෞරවය හිමිව තිබේ.

“සම්මුඛ සාකච්ඡා සඳහා දිගින් දිගටම ඉල්ලීම් එනවා. වාර්තාකරුවන් දිවා රෑ නොබලා මගේ නිවස වටේ ගැවසෙමින් ආර්යන් සමඟ කතා කිරීමට ඉල්ලා සිටියා,” අසාරි මහතා බීබීසීයට පැවසීය.

මෙම සිදුවීම සහ ඉන් පසුව සිදු වූ දේ – ආර්යන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ අතර, ඔහු දුටු දෙයින් කම්පනයට පත්ව සිටී. “මගේ පුතා හරිම බය වෙලා ඉන්නේ එයාගේ දුරකථනය පාවිච්චි කිරීම පවා නැවැත්තුවා,” අසරි මහතා පැවසීය.

අසරි මහතා විශ්‍රාමික හමුදා සොල්දාදුවෙකු වන අතර, දැන් නගරයේ මෙට්‍රෝ සේවයේ සේවය කරන , ගුවන්තොටුපළට ආසන්න අසල්වැසි ප්‍රදේශයක වසර තුනක් තිස්සේ පදිංචිව සිටී. ඔහු මෑතකදී තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි කුඩා කාමරයකට මාරු වූ අතර, එහිදී නගරයේ අහස පැහැදිලිව දැකගත හැකි විය.

ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා – ආර්යන් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය – ගුජරාට් සහ රාජස්ථාන් ප්‍රාන්ත අතර මායිම අසල ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ගමේ ජීවත් වූහ.

“ආර්යන් අහමදාබාද් වලට ආපු පළවෙනි වතාව මේක. ඇත්තටම එයා ජීවිතේ ගමෙන් පිටව ගිය පළවෙනි වතාව මේක,” අසරි මහතා පැවසීය.

“මම කෝල් කරන හැම වෙලාවෙම ආර්යන් අහනවා අපේ නිවසේ වහලය මතට ගුවන් යානා පේනවාද කියලා. මම එයාට කිව්වා එතැනට අහසේ පියාසර කරන ගුවන් යානා සිය ගණනක් පේනවා කියලා.”

ආර්යන් ගුවන් යානා ගැන උනන්දුවක් දක්වන අයෙකු බවත්, ඔවුන් තම ගමට ඉහළින් අහසේ පියාසර කරන ආකාරය නැරඹීමට කැමති බවත් ඔහු පැහැදිලි කළේය. තම පියාගේ නව නිවසේ වහලය මත ඒවා වඩාත් සමීපව දැකගත හැකි බවට ඔහුට අදහසක් ඇති විය.

පොලිස් නිලධාරිනියක් වීමට කැමති අසාරි මහතාගේ දියණියට, ප්‍රවේශ විභාගය ලිවීමට අහමදාබාද් වෙත යෑමට සතියේ අවස්ථාවක් උදා විය.

“ආර්යන් ඇය සමඟ යන්න තීරණය කළා. ඔහු මට කිව්වා එයාට අලුත් සටහන් පොත් සහ ඇඳුම් මිලදී ගන්න ඕන කියලා,” අසාරි මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා දහවල් වන විට, එනම් අනතුරට ආසන්න වශයෙන් පැය එකහමාරකට පමණ පෙර ආර්යන් සහ සහෝදරිය ඔවුන්ගේ පියාගේ නිවසට පැමිණියහ.

පවුලේ අය එක්ව දිවා ආහාරය ගත් අතර, පසුව දරුවන් නිවසේ තබා අසාරි මහතා රැකියාවට ගියේය.

ආර්යන් වහලය මතට නැගලා ගෙදර වීඩියෝ කරන්න පටන් ගත්තා, එයාගේ යාළුවන්ට පෙන්නන්න. ඒ වෙලාවේ තමයි එයා ගුවන් යානය දැකලා ඒක රූගත කරන්න පටන් ගත්තේ කියලා ඔහු බීබීසී ගුජරාටි සේවයට කිව්වා.

“ගුවන් යානයේ යම් අසාමාන්‍ය බවක් ආර්යන්ට ඉක්මනින්ම වැටහුණා: එය සෙලවෙමින්, වමට සහ දකුණට ගමන් කරමින් තිබුණා,” ඔහු පැවසුවා.

යානය පහළට සර්පිලාකාරව ගමන් කරන විට, සිදුවීමට යන දේ අදහා ගැනීමට නොහැකිව ඔහු එය රූගත කරමින් සිටියේය.

නමුත් ඝන දුමාරයෙන් අවට පිරී ගිය විට සහ ගොඩනැගිලිවලින් ගින්න පිට වූ විට, අවසානයේ ඔහු දුටු දෙය ඔහුට වැටහුණි.

ඔහු වීඩියෝව ඔහුගේ පියාට යවා ඔහුට කතා කළේය.

“එයා හොඳටම බය වෙලා වගේ දැනුණා – ‘මම ඒක දැක්කා තාත්තේ, මම ඒක කඩා වැටෙනවා දැක්කා’ කියලා එයා මට කිව්වා, එයාට මොකද වෙන්නේ කියලා නිතරම ඇහුවා. මම එයාට කිව්වා කලබල නොවී ඉන්න කියලා,” අසරි මහතා පැවසීය. “නමුත් ඔහු භීතියෙන් පිච්චිලා හිටියා.”

අසරි මහතා තම පුතාගෙන්ද වීඩියෝව තවදුරටත් බෙදා නොගන්නා ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ඕනෑවට වඩා බියට හා කම්පනයට පත් වූ ආර්යන් එය ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුට යැවීය. “අපි ඊළඟට දැනගත් දෙය නම්, ක්ලිප් එක සෑම තැනකම තිබුණා.”

ඉදිරි දින කිහිපය පවුලට බියකරු සිහිනයක් විය.

අසල්වැසියන්, වාර්තාකරුවන් සහ කැමරා ශිල්පීන් දිවා රෑ නොබලා අසාරි මහතාගේ කුඩා නිවසට ගලා ආ අතර, ආර්යන් සමඟ කතා කිරීමට ඉල්ලා සිටියහ. “අපට ඔවුන්ව නවත්වන්න කිසිවක් කළ නොහැකි විය,” ඔහු පැවසීය.

පොලිසියෙන්ද පවුලේ අය බැලීමට පැමිණි අතර, ඔවුන් ආර්යන්ව ස්ථානයට රැගෙන ගොස් ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගත්හ.

වාර්තාවලට පටහැනිව, ආර්යන් රඳවා තබා නොගත් බවත්, ඔහු දුටු දේ පිළිබඳව පොලිසිය පැය කිහිපයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් අසරි මහතා පැහැදිලි කළේය.

“ඒ වෙලාවේ මගේ පුතා ගොඩක් කලබල වෙලා හිටියා, අපි එයාව ආපහු ගමට යවන්න තීරණය කළා.”

නිවසට පැමිණි පසු, ආර්යන් නැවත පාසල් යාමට පටන් ගෙන ඇත, නමුත් ඔහුගේ මව මට පවසන්නේ ඔහුගේ දුරකථනය නාද වන සෑම අවස්ථාවකම ඔහු බියට පත් වන බවයි, අසාරි මහතා පැවසීය.

“කාලයත් එක්ක එයා සුවපත් වෙයි කියලා මම දන්නවා. නමුත් මගේ පුතා ආයෙත් අහසේ ගුවන් යානා හොයන්න උත්සාහ කරයි කියලා මම හිතන්නේ නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.

-Advertisement-

විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු තිදෙනකු රිමාන්ඩ්

0

ඖෂධ වැඩි මිලට අළෙවි කිරීමේ සිද්දියක් සම්බ්න්ධයෙන් අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරියක ඇතු‍ළු තිදෙනකු ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ‍වල අද (17) නියෝග කළේය.

ශ්‍රී ජයවර්ධපුර රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරිය තුන්වැනි පාර්ශවය හරහා ඖෂධ වැඩි මිලට ඇළෙවි කර ඇතැයි ඔවුන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ අල්ලස් අල්ලස් කොමිෂන් සභාව විසිනි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස අල්ලස් කොමිෂමේ නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

-Advertisement-

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනස් කරයි

0

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද(17) පාර්ලිමේන්තුවේ දී කී‍වේ ය. තානාපති කාර්යාලයේ කටයුතු වෙනත් ස්ථානයක සිට සිදුකරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් යකුගේ තත්වය බරපතල බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන අය බවත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉරානය තුළ සිටින්නේ ශ්‍රී ලාංකිකයන් 35 දෙනකු පමණක් බවත්, ඉන් 08 දෙනකු ම ඉරාන ජාතිකයන් සමඟ විවාහ වූවන් බවත්, ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 20,000කට වඩා සිටින බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ඊශ්‍රායලයේ රැකියාවලට යවන එක අපි තාවකාලිකව නවත්වලා තියෙන්නේ නිවාඩු ඇවිල්ලා ඉන්න අයටත් අවස්ථාවක් නැහැ ආපහු යන්න. අපි වීසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඊශ්‍රායලයට යන එකත් අනතුරුදායකයි. ඊශ්‍රායලයට යන්න ගිහිල්ලා ඩුබායි එයාර්පෝට් එකේදී 10 දෙනෙක් හිටියා අපි ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඊශ්‍රායලයේ රැකියා කරන අයව මෙරටට ගෙන්න ගන්න ගුවන් යානයක් යවන එක අසීරු කටයුත්තක්. කොහොම වුණත් අපි නිරන්තරයෙන් තානාපතිවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.”

-Advertisement-

ඉරානයේ රාජ්‍ය රූපවාහිනියට එල්ල වූ ප්‍රහාරය, සජීවීව විකාශය වෙයි

0

ඉරානයේ ටෙහෙරාන් නගරයේ පිහිටි රාජ්‍ය මාධ්‍ය ගොඩනැගිල්ලට ඊශ්‍රායලය වෙතින් එල්ල වූ ප්‍රහාරයක් එරට රූපවාහිනියේ සජීවී ව විකාශය විය.

එම විකාශයට සම්බන්ධ වී සිටි නිවේදිකාව ඊශ්‍රායලයට බැන වදිමින් සිටිය දී මේ ප්‍රහාරය එල්ල වූ අතර ප්‍රහාරයත් සමඟ ගොඩනැගිල්ලේ සුන්බුන් මැදිරිය තුළට වැටෙන ආකාරයත්, නිවේදිකාව ඉක්මණින් කැමරාව වෙතින් ඉවතට ගමන්කරන ආකාරයත් දර්ශනය විය. ඒ සමඟම විදුලිය විසන්ධි වූ බව ද දර්ශනය විය.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසන්නේ තම කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි.

https://www.bbc.com/news/live/c2kqkd03xn5t

-Advertisement-

ඊශ්‍රායල, ඉරාන යුද්ධයේ ජය කාටද ?

0

සජීවනී සිල්වා විසිනි

ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඉරානයද නොකඩවා මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටී. මේ දක්වා අවස්ථා එකොලහක දි මිසයිල 370 කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලය දෙසට එවිමට ඉරානය කටයුතු කල තිබිණි.

ඊයේ (15) රාත්‍රියේ දි උතුරු ඊශ්‍රායලය සහ ටෙල් අවීව් නුවර ඉලක්ක කරගනිමින් ඉරානය මිසයිල පනහකට අධික ප්‍රමාණයකින් පහර දුන් අතර ඒවා කිහිපයක් පතිත වීමෙන් හයිෆා වරායේ ඇති තෙල් පිරිපහදුවට දැඩි හානි සිදුවිය.

එසේම ඊයේ දිනයේදි එල්ල වු බැලැස්ටික් මිසයිල හතරක් ටෙල්අවිව්වල ජනාකීර්ණ ප්‍රදේශයට කඩා වැදිම හේතුවෙන් සිදුවු ගොඩනැගිලි හානි නිසා මේ දක්වා සිදුවී ඇති මරණ ගණන හතරක් ලෙසට වාර්තා වෙයි.

ඉරානය අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ගේ පළිගැනිම සම්පුර්ණ වන තුරු ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බව සහ කිසිදු සාම සාකච්චාවකට එළැඹ්මෙන් වැළකි සිටින බවයි.ඉහත ප්‍රකාශයෙන් පැහැදිළිවන කරුණක් වන්නේ ඉරානය දිගින් දිගටම ඊශ්‍රායලයට පහර දෙන බවයි.

මෙම ගැටුම දිගු කාලයක් ඇදීයාම අවාසිදායක වන්නේ කුමන පාර්ශ්වයටද යන්නයි අප විමසා බැලිය යුතු කරුණකි.

ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ ඉරාන බුද්ධි අංශවල නාසයට යටින් රිංගා ඉරාන අභ්‍යන්තරයට ම ගොස් සිදු කරන ලද මෙහෙයුම් නිසා ඔවුන් ඉතා ශක්තිමත් රහස් ඔත්තු ජාලයක් ඉරානය තුල ගොඩ නංවා ගැනීමට සමත්ව ඇත.

පසුගියදා න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිව තිබු ගුවන් ආරක්ෂක පද්ධති වලට පහර දීමට යොදා ගත් ඩ්‍රෝන ගබඩා කර තිබු භුගත උමං ඉදිකිරීමේ සිට ඉරාන ආරක්ෂ අංශවල ඉහල නිලධාරින් සහ විද්‍යාඥයන් 14 දෙනකු ද නිවැරදිව ඉලක්ක කිරිමට ඊශ්‍රායලය සමත් වන්නේ එවැනි ඔත්තු ජාලයක් ඔවුන් සතු වූ බැවිනි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ගොඩ නැගු බුද්ධි ජාලය එක්වරම භාවිතයට ගැනිම හේතුවෙන් මේ වන විට එය ඉරාන ආරක්ෂක අංශවලට නිරාවරණය විම ඊශ්‍රායලයට එම ඔත්තු ජාලය නැවත වරක් කඩිනමින් යොදා ගැනිමට නොහැකි වනවා සේම මෙම සිදුවිම පාඩමකට ගෙන තම හිඩැස් වසා ගැනිමට ඉරානය කටයුතු කිරිම ඊශ්‍රායලය පාර්ශවයේ ඇති අවාසියක්.

ඊශ්‍රායලය බලාපොරාත්තු වු පරිදිම ඉරානය මුල් ප්‍රහාරය නිසා වික්ෂිප්ත වුවත් ඔවුන් ඉක්මනින් සිහි එලවා ගන්නට සමත්ව තිබෙන බවක් පෙනි යයි. එසේම මේ දක්වා ඉරානය ඔවුන්ගේ පැත්තෙන් ගත හැකි බුද්ධිමත්ම තීරණය ගෙන තිබිම මේ අර්බුදයට ගෙන විත් ඇත්තේ ඊශ්‍රායලය බලාපොරොත්තු නොවු හැඩ ගැස්මකි.

ඒ ඉරානය මැද පෙරදිග ස්ථාන ගත කර ඇති ඇ‍මරිකානු එක්සත් ජනපද හමුදාවන්ට පහර නොදීමට ගත් තීරණයයි. ඇත්ත වශයෙන්ම ඉරානය එසේ ප්‍රහාරයක් දියත් කළේ නම් එයින් ඊශ්‍රායලයට විශාල වාසියක් අත්වනු ඇත.

මේ ප්‍රහාරයේ දි ඊශ්‍රායලයේ මුලිකම ඉලක්කය වුයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනයි.ඉරානයේ බොහෝ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඔවුන් ඉදිකර ඇත්තේ භූගතවයි. උදාහරණයක් ලෙසට ඔම් කදුකර නගරය ආශ්‍රිතව ඉදි වු ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය පවතින්නේ අවම වශයෙන් පොලව මට්ටමෙන් මිටර් 80 ක් පමණ ගැඹුරිනි. මේ නිසා භූමිය මතු පිටට එල්ල කරන ගුවන් ප්‍රහාර වලින් ඒවාට වැඩි තර්ජනයක් නොවනු ඇත.

එසේ නම් භූගත ගොඩනැගිලි විනාශ කිරිමට ඊශ්‍රායලට බන්කර් බස්ටර් බෝම්බ අවශ්‍ය වේ. දැනටත් ඊශ්‍රායලය සතුව GBU 32, 39 වැනි බන්කර් බස්ටර් බෝම්බ වලට පැවතුනත් ෆෝඩෝ වැනි සැලකිය යුතු ගැඹුරකින් ඉදිකර තිබෙන පර්යේෂණාගාර වෙත ඉහත කී බෝම්බවලට ළඟා විම අපහසුයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු ගුවන් හමුදාව සතු GBU 57A බන්කර් බස්ටර් බෝමබයට නම් සිය ඉලක්කය සොයා අඩි 200 කට වඩා ගැඹුරකට ගමන් කිරිමට හැකියාව තිබෙන අතර මෙම බෝම්බ රැගෙන යා හැක්කේ B 2 වැනි බරැති බෝම්බ හෙලන යානාවලට පමණි.

නමුත් ඊශ්‍රායලය සතුව ඉහත කි GBU 57 බෝම්බ සහ B2 වැනි බෝම්බ හෙලන යානා නොමැති නිසා ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉහත කී භුගත මධ්‍යස්ථාන වලට සැලකිය යුතු හානියක් සිදු වු බවට උපකල්පනය කිරිමට නොහැකියි. නමුත් ඉරානය යම් කිසි ලෙසකින් ඇමරිකානු හමුදා වලට පහර දීමක් සිදු කළේ නම්  ඊශ්‍රායලයට භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරිමට ඇමෙරිකානු සහය ලැබිමට වැඩි ඉඩක් තිබුණු බව පැහැදිළි පැහැදිලිය.

ඊශ්‍රායලය සැලකෙන්නේ ලොව ඇති හොදම මිසයිල ආරක්ෂණ පද්ධති සහිත රටක් ලෙසිනි. ඔවුන් සතුව ඇති ඇරෝ ( 2 සහ 3) මිසයිල ආරක්ෂණ පද්ධතිවලට කිලෝමීටර් 100 ක් ඉහළ අහසේදි දිගු දුර බැලැස්ටික මිසයිල විනාශ කිරිමේ හැකියාව ද, ඩේවිඩ් ස්ලින්ග් පද්ධතියට දිගු දුර සහ මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල පොළවේ සිට කිලෝමීටර් පහළොවක් දක්වා උසක දි ඉලක්ක ක්රිමේ හැකියාව ද , ඇමරිකාවෙන් මෑතකදි සැපයු තාඩ් ප්‍රති මිසයිල පද්ධතියට ද කිලෝමිටර් 150 ක් තරම් උන්නතාංශයකදි මධ්‍ය පරාසික බැලැස්ටික් මිසයිල විනාශ කිරිමට හැකියාව ඇත.

ඉරානය සතුව කිලෝමිටර් 300 සිට 2000 දක්වා ගමන් පරාසයක් ඇති බැලැස්ටික මිසයිල 3000ක් පමණ (මේ ගණන ඊට වඩා වැඩිවිය හැකියි) පවතින බව යුද විශේලේෂකයන්ගේ මතයයි. ඉරානයේ සිට ඊශ්‍රායලය දක්වා ඇති දුර වන කිලෝ මීටර 1400ක් ගමන් කිරිමට හැකි මධ්‍ය පරාසික බැලැස්ටික මිසයිල වර්ග නවයක් පමණ ඉරානය සතුව ඇත.

ඒ අනුව සරලවම කිවහොත් මේ සටන මිසයිල බලවතකු සහ ප්‍රති මිසයිල බලවතකු අතර සටනක් බව ඉතා පැහැදිළි කරුණකි.

ඉරානය ටෘ ප්‍රොමිස් මෙහෙයුමේ තුන්වන අධියරේ දී ඉහත කි මිසයිල භාවිතා කරමින් එල්ල කල ප්‍රහාර වලදි කැපි පෙනන සිදුවිමක් වුයේ එම  මිසයිල අතර ඇති නවින හයිපසොනික් මිසයිල මෙන්ම තරමක් පැරණි මිසයිලද ඊශ්‍රයාල මිසයිල ආරක්ෂණ පද්ධති මග හරිමින් ඉලක්ක වලට ලගා විමයි.

විශේෂයන්ම හයිෆා වරායට එල්ල වු හයිපසොනික් මිසයිලක විඩියෝ අන්තර්ජාලයේ දැක ගන්නට ඇති අතර ඒවා කෙතරම් වේගයකින් ඉලක්ක වෙතට ළඟා වනවාදයි එයින් තේරුම් ගත හැකිය. ගුවන් යානා මිසයිල වැනි ගුවනේ ගමන්ගන්නා වස්තූන්ගේ වේගය මැනීමට භාවිතා කරන්නේ මාර්ක් යන ඒකකයි. මාර්ක් එකකට වැඩි වේගයක් ඇති මිසයිලයක් සුපර්සොනික් ලෙසටත්, මාක් පහකට වැඩි වේගයක් ඇති මිසයිලයක් හයිපර්සොන්ක ලෙසත් සැළකේ.

ඉරානය සතුව මෙවැනි අති නවින හයිපසොනික් මිසයිල කොපමණ සංඛ්‍යාවක් ඇතිද යන්න ගැන නිශ්චිතවම කිව නොහැකි මුත් ඊශ්‍රායලයට වේදනාත්මක මට්ටමේ හානියක් කිරිමට තරම් ප්‍රමාණවත් එවැනි මිසයිල ඉරානය සතු බවට සැකයක් නැත.

පසුගිය දිනවල ප්‍රහාර එල්ල කිරිමේදි ඉරානය ඉහත නවින හයිපසොනික මිසයිල අතරින් පතර යොදා ගත්තත් ඒ යොදාගත් ඒවා අතරින් වැඩි සංඛ්‍යාවක් සිය ඉලක්කවලටම ළඟා වූ අතර එමගින් සිදුවු හානියද අති මහත්ය.

ඉරානය මෙවැනි හයිපසොනික මිසයිල පමණක්ම යොදා පහර දෙන්නේ නම් එ්වායින් වැඩි ප්‍රමාණයක් මිසයිල ආරක්ෂණ පද්ධතිය මඟහැර යනු ඇතැයි අනුමාන කළ හැකි වේ.

ඉරානය සතුව ඇති කයිබර් ශෙයිකාන්, ගාදිර්, සෙජිල් වැනි මිසයිල අයත් වන්නේ හයිපසොනික් කාණ්ඩයටයි.

මේ හයිපසොනික මිසයිල ඒවායේ වේගය නිසාම නවින මිසයිල ආරක්ෂණ පද්ධතිවලට ග්‍රහණය කිරිම තරමක් අපහසු බව සැළකේ.

ඉරානය සහ ඕමානය අතර පවතින කිලෝමිටර් තිස්තුනක පළලකින් යුත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ලෝකයේ බොර තෙල් අතරින් 30% කුත් ස්වභාවික වායු අතරින් 20% නිරන්තරයෙන්ම හුවමාරු වේ. පසුගියදා ඉරානය දෙසින් අසන්නට ලැබුනේ ඔවුන් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමිම ගැන සලකා බලමින් සිටින බවයි. එය වසා දැමුවහොත් ලෝක ආර්ථිකයට එයින් ඇති වන බලපෑම ඉතා අහිතකර වනු ඇත. සමස්ථයක් වශයෙන් ගත් කල මුල් අදියරේ ඊශ්‍රායලය ඉදිරියෙන් සිටියත් ඝෘජු අමරිකානු සහයක් නොමඅතිව ඊශ්‍රායලයට දිගු කාලයක් තනිවම ඉරානය මෙල්ල කිරිමට අපහසු බව පෙනි යයි.

-Advertisement-

රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සජබට

0

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට අද හිමිවිය.

ඒ අනුව රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හික්කඩුව ලියනගේ නිමල් මුණසිංහ මහතා රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.

-Advertisement-

කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

0

කොළඹ මහ නගර සභාවේ බලය තහවරු කරගැනීමට මීට සුළු මොහොතකට පෙර ජාතික ජන බලවේගය සමත්විය.

කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහා නගර සභාවේ නගරාධිපතිධූරයට ජාතික ජන බලවේගයෙන් ව්‍රායි බර්තසාද්ගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගයේ සභිකයකුගේ ද නම යෝජනා විය.

එහි දී රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි යෝජනා කෙරිණි. නමුත් සමගි ජන බලවේගය ඉල්ලා සිටියේ විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවයි.

විශේෂ කොමසාරිස් සාරංගිකා ජයසුන්දර දිගින් දිගමට කියා සිටියේ නගරාධිපති තෝරාගැනීමේ ඡන්දය පවත්වන්නේ රහස් ඡන්දයක් ලෙස ද නැද්ද යන්න තීරණය කිරීමට රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විවාද සිදු වූ අතර පසුව දෙපාර්ශවයම ඡන්දය පවත්වන ක්‍රමය සඳහා පවත්වන ක්‍රමය සඳහා ඡන්දයක් නොපවත්වා සෘජුව ම නගරාධිපති තෝරාගැනීමට තීරණය විය.

ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ව්‍රායි බර්තසාද්ට ඡන්ද 61ක් ලැබුණු අතර අනෙක් අපේක්ෂකයාට ඡන්ද 54ක් ලැබී තිබිණි. සභිකයන් දෙදෙනකු ඡන්දය දී තිබුණේ නැත.

-Advertisement-

දේශබන්දු හැමදාම පාර්ලිමේන්තුවට යයි

0

දේශබන්දු තෙන්නකෝන් සිය පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස භාවිතා කර ඇත්දැයි සෙවීමට පත්කර ඇති පාර්ලිමේන්තු කමිටුව අද (16) සිට දිනපතා රැස්වීමට නියමිතය.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද සිට එම කමිටුව රැස්වන සෑම දිනකම පාර්ලිමේනතුවට යාමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස  විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක කටයුතු කරති.

එම පරීක්ෂණ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදි රැස්වී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගනු ලැබුවේ ය.

-Advertisement-

ඊශ්‍රායලයේ, ඉරානයේ ඥාතීන් සිටිනවා ද ? කළයුතු දේ මෙන්න

0

යුද ගැටුම්වලට මැදිවන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විශේෂයෙන් සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුද ගැටුම් නිසා කිසියම් ශ්‍රී ලාංකිකයකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබේ නම් තානාපති කාර්යාල නිලධාරීන් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු මිසයිල ප්‍රහාර හමුවේ සුළු තුවාල ලබා ඇති බවයි.

ඔවුන් දෙදෙනා තුවාල ලබා ඇත්තේ අද (15) උදෑසන දී ය.

මේ අතර ඉරානයේ අවි නිෂ්පාදන මධ්‍යස්ථාන ආශ්‍රිතව පදිංචිව සිටින සිවිල් වැසියන්ට එම ස්ථාන වලින් ඉවත්වන ලෙස ඊශ්‍රාලය විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.

තම ජීවිත ආරක්ෂිත කර ගැනීම සඳහා එම පියවර ගන්නා ලෙස ඉරාන වැසියන්ට දැනුම් දී ඇති ඊශ්‍රායල ආරක්ෂක බලකාය යළි දැනුම් දෙන තුරු එම ස්ථාන වලට පැමිණිමෙන් වලකින ලෙස අනතුරු අගවා ඇත.

ඊශ්‍රායලයේ මෙම අනතුරු ඇගවීම , ඉරානය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට වන සංඥාවක් ලෙස විදෙස් විචාරකයින් පෙන්වා දී තිබේ.

ඉරාන අයතුල්ලා අල්කමේනිගේ පාලන තන්ත්‍රයට අයත් සෑම ස්ථානයකටම හා සෑම ඉලක්කයටම ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ දිනයේ ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව පැවතුන හොත් තම ප්‍රහාර තීව්‍ර  කරන බව ඉරානය අනතුරු අගවා ඇත.

-Advertisement-