-0.3 C
New York
Home Blog Page 21

මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට

0

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන යාත්‍රාවක් බාලි දූපත වෙත යමින් තිබිය දී පෙරැළී යාමෙන් 04 දෙනකු මියගොස් 38 දෙනකු අතුරුදන්ව එරට මාධ්‍ය වාර්තා කරයි.

යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි පුද්ගලය් 65 දෙනකු සිටි බවත් 23 දෙනකු දිවි බේරාගෙන ඇති බවත් දැනගන්නට ඇත.

ඊයේ (02) නැගෙනහිර ජාවා හි බන්යුවන් වරායෙන් මෙම යාත්‍රාව බාලි දක්වා යාමට ගමන් ආරම්භ කර තිබිණි. ගමන් ආරම්භ කර පැය භාගයකට පමණ පසු එය පෙරැළී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

-Advertisement-

Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න

0

SpaceX හි චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවාව වන Starlink, ශ්‍රී ලංකාව තුළ සිය සේවාවන් ආරම්භ කිරීමත් සමඟ, ගෘහස්ත සහ ව්‍යාපාරික පරිශීලකයින් සඳහා මල ගණන් නිකුත්කර තිබේ.

නේවාසික සැලසුම්

  • ගෘහස්ත සැහැල්ලු සැලැස්ම: මසකට රු. 12,000.00
  • ගෘහස්ත සැලැස්ම: මසකට රු. 15,000.00
  • දෘඩාංග (ස්ටාර්ලින්ක් සම්මත කට්ටලය): රු. 118,000.00

මුළු ආරම්භක පිරිවැය:

  • සැහැල්ලු සැලැස්ම: රු. 130,000.00 (ආසන්න වශයෙන්)
  • සාමාන්‍ය සැලැස්ම: රු. 133,000.00 (දළ වශයෙන්)

ව්‍යාපාර සැලසුම්

  • ප්‍රමුඛතා 40GB: මසකට රු. 24,100.00
  • ප්‍රමුඛතා 1TB: මසකට රු. 63,200.00
  • ප්‍රමුඛතා 2TB: මසකට රු. 127,000.00
  • දෘඪාංග (ස්ටාර්ලින්ක් කාර්ය සාධන කට්ටලය): රු. 911,000.00

මුළු මූලික පිරිවැය (ප්‍රමුඛතා 40GB සඳහා): රු. 929,300.00

ප්‍රධාන විස්තර

  • දිගුකාලීන ගිවිසුම් අවශ්‍ය නොවේ
  • දෘඩාංග සති 1–2ක් ඇතුළත නැව්ගත කෙරේ
  • දින 30ක අත්හදා බැලීමේ කාලයක් තිබේ
  • දෙහිවල වැනි ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක සේවාව

ඇණවුම් කරන්නේ කෙසේද?

  1. [www.starlink.com/srilanka](http://starlink.com/srilanka) වෙත පිවිසෙන්න.
  2. ඔබගේ ස්ථානය ඇතුළත් කරන්න (උදා: දෙහිවල, ශ්‍රී ලංකාව)
  3. නේවාසික හෝ ව්‍යාපාරික භාවිතය තෝරන්න
  4. ඔබ කැමති සැලැස්ම සහ දෘඩාංග කට්ටලය තෝරන්න
  5. පිටවීම වෙත ගොස් ඔබේ ගෙවීම සිදු කරන්න.

Starlink දියත් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සඳහා වාරික අධිවේගී අන්තර්ජාල විකල්ප ලබා දෙන අතරම, දුරස්ථ සහ ග්‍රාමීය ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සම්බන්ධතා විසඳුමක් ලබා දීමට අපේක්ෂා කෙරේ.

-Advertisement-

හික්කඩුවේ දී තවත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

0
Rough seas during Storm Ruth, Ile d'Ouessant, Armorique Regional Park, Iles du Ponant, Finistere, Brittany, France, Iroise Sea. 8th February 2014.

හික්කඩුව ධීවර වරාය ආසන්නයේ දී අද (28) සවස යාත්‍රාවක් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

එම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි ධීවරයන් 06 දෙනකු සිටි අතර අවට සිටි ධීවරයන් විසින් ඔවුන් බේරාගෙන තිබිණි.

අනතුරට පත් වූ යාත්‍රාවට හානි සිදුව ඇති අතර එහි තෙල් කාන්දුවක් ද සිදුවෙමින් පැවතිණි.

-Advertisement-

එකම දිනක දී බෝට්ටු තුනක් මහ මුහුදේ දී අනතුරට ලක්වෙයි

0

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පිටත්ව ගිය බහුදින යාත්‍රාවක් වෙරළට සැතපුම් 07ක් පමණ ඈත දී වාණිජ නෞකාවක ගැටීම හේතුවෙන් එහි සිටි ධීවරයන් 04 දෙනකු අතුරුදන්ව සිටි අතර අද (28) අතුරුදන්ව සිටි ධීවරයකු බෝට්ටුවේ ම සිරවී සිටිය දී සොයාගෙන තිබේ. සවස් වනවිට ධීවරයන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබිණි. ඒ අනුව තවත් ධීවරයකු අතුරුදන්ව සිටියි.

එම ධීවර යාත්‍රාවෙන් ධීවරයන් 05 දෙනකු මුහුදු ගොස් ඇති අතර අනතුරට පත්වූ අවස්ථාවේ දී ඉන් එක් අයකු දිවි ගලවාගෙන තිබිණි.

මේ අතර බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක සිටි අළුත්ගම පදිංචි නදුන් කුමාර සහ දුමින්ද කුමාර යන සොහොයුරන් දෙදෙනා ද අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (27) නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක මරක්කළහේ මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි එම යාත්‍රාවේ හිමිකරු පැමිණ ඊයේ රාත්‍රී දික්වැල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඉසුරු නමැති එම බහුදින යාත්‍රාව පසුගිය 17 වැනිදා නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇත.

-Advertisement-

හීටරයක් නිසා දරුවකු මරුට

0

මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ නිවසක දී විදුලිසැර වැදී කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 08 හැවිරිදි දරුවෙකි. ඊයේ (27) සවස විදුලි හීටරයක් භාවිතා කරමින් ජලය උණුකිරීමට උත්සාහ ගැනීමේ දී එම දරුවාට විදුලිසැර වැදී ඇත. දරුවා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බව ද‍ පොලිසිය පවසයි.

-Advertisement-

පැහැරගත්තා යැයි කියන මාලිමා නියෝජිතයන්, ගාල්ලේ දමා ගිහින්

0
sri lanka police

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරාගැනීමේ ආරම්භක සභාවාරයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ නියෝජිතයන් දෙදෙනකු අද (27) කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ගාල්ල දෙවට ප්‍රදේශයේ දමා ගොස් සිටි බව පොලිසිය පවසයි.

මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ තකං‍කේ, නිවිතිවැල්බොක්ක පදිංචි රණරෝල්ගේ අජිත් ප්‍රියන්ත සහ කනංක කඩවීදිය පදිංචි රණවක ආරච්චිගේ කමණිමාලා යන දෙදෙනාය.

මොවුන් දෙදෙනා අද (27) උදෑසන ත්‍රී රෝද රථයකින් වැලිගම ප්‍රාදේශීය සභාවට එමින් සිටිය දී ඔවුන් ගමන්ගත් ත්‍රී රෝද රථයට පිටුපසින් පැමිණි කැබ් රියක් ත්‍රී රෝද රථය අවහිරකර නවතා එහි සිටි සභිකයන් දෙදෙනා රථයෙන් බස්සවා දෑස් බැඳ කැබ් රථයට නංවාගෙන ගොස් ඇත.

එම ත්‍රී රෝද රථය පදවාගෙන ගොස් ඇත්තේ එම සභිකවරියගේ සැමියා විසිනි. මේ සිද්ධිය කිසිවකුට නොකියන ලෙස ද ඔහුට තර්ජනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එලෙස රැගෙන ගිය දෙදෙනා නිවසකට ගෙනගොස් දෑස් බැඳ තිබූ රෙදිපටි ඉවත්කර ඔවුන්ගේ ජංගම දුරකථන ලබාගෙන නැවත කැබ් රථයේ ම නංවාගෙන ගාල්ල දෙවට ප්‍රදේශයට ගෙනවිත් දමා ගිය බව ද පැහැරගැනීමට ලක් වූ බව කියන රණරෝල්ගේ අජිත් ප්‍රියන්ත කනංකේ පොලිසියට කරන ලද පැමි‍ණිල්ලේ සඳහන් කර ඇත.

පසුව ඔවුන් දෙදෙනා වෙනත් ත්‍රී රෝද රථයක නැගී සභිකවරිය තාවකාලිකව පදංචි අහංගම නිවසකට ගිය බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

-Advertisement-

අපයෝජනය වන ළමයින්ගේ වීඩියෝ සක්ෂි ඒකකය, වසර 11ක් ම පුස්සක් වෙයි

0

අපයෝජනයට ලක්වන ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමට රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ මීට වසර 11ට පෙර ස්ථාපිත කර ඇති ඒකකයෙන් කිසිම සාක්ෂියක් පටිගත කර නැතැයි අනාවරණය විය.

රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ එවැනි වීඩියෝ සසාක්ෂි පටිගත කිරීම සඳහා පිහිටුවන ලද තුන්වැනි මධ්‍යස්ථානයයි. මීට පෙර කොළඹ සහ රාගම වෛද්‍ය පීඨවල මෙවැනි ම ඒකක ස්ථාපිත කර තිබිණි.

මෙම ඒකකය 2014 සැප්තැම්බර් මස 29 වැනි දින ස්ථාපිත කරන ලද අතර  ළමා ආරක්ෂණ අධිකාරිය එකළ කියා සිටියේ ළමා අපයෝජන සිද්ධි 6,000කට පමණ අදාළ නඩු විභාග වෙමින් පවතින බැවින් එම නඩු කඩිනමින් අවසන් කිරීමට මේ ඒකකය පිටිවහළක් වන බවයි.

අපයෝජනයට ලක්වන ළමුන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමට පළාත් මට්ටමින් ඒකක 09ක් ස්ථාපිත කිරීමට ද ඒ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.

ළමයින් බහුල වශයෙන් අපයෝජනයට ලක්වන්නේ 90%ක් පමණ ම තමන් දන්නා හඳුනන අයගෙන් බවත්, තමන්ට සිදු වූ අතවරය පසුව දරුවන්ට අමතක වන නිසා සහ එම සමීපතම වැඩිහිටියන් විසින් කරුණු වෙනස් කිරීම නිසා මෙම වීඩියෝ පටිගත කිරීම් මගින් ලබාගන්නා සාක්කි ලේඛනයක් ලෙස නීතිපතිට යවන බව ද එකළ පැවසිණි. එමෙන්ම නඩු ප්‍රමාද නොකර පවත්වාගෙන යෑමට මෙය මහත් රුකුලක් බව ද කියවිණි.

නමුත් එම ඒකකය ආරම්භ කර වසර 11ක් ගතවන තුරුම එම ඒකකය මගින් කිසිම ළමයකුගේ සාක්ෂි වීඩියෝ ලබාගෙන නැත.

-Advertisement-

රඹුක්වැල්ල පවුලට ම අධි චෝදනා

0
Close-up Of Male Judge Writing On Paper In Courtroom

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත.

ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සංඛ්‍යාව 43කි.

-Advertisement-

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත, ගුප්ත වැඩක් නිසා රිමාන්ඩ්

0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (26) නියෝග කළාය.

අයථා ලෙස වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අද (26) කැඳවා තිබූ හිටපු ලේකම්වරයා පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිමයක් සෑදීමට බව කියිමින ්සිය බිරිඳගේ නමින් පවතින ගිණුමකට මුදල් රැස්කර රුපියල් ලක්ෂ 350කට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම විහාරස්ථානේ රෝගීව සිටි බෞද්ධ භික්ෂුවකගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගෙන මෙම මුදල් රැස්ක‍රගෙන ඇති බවත් පැවසේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ දී කියා සිටියේ එම භික්ෂුව දිවුරුම් ප්‍රකාශයට අත්සන යොදා ඇත්තේ එය කියවා බැලීමකින් තොරව බවයි.

සැකකරුවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන කියා සිටියේ, තම සේවා දායකයාට සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණ ලැබී ඇති අතර ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන ඇති බවයි.

-Advertisement-

පාලන මිලට ලුණු දීමට යයි

0

ලුණු සඳහා උපරිම සිල්ලර මිලට වෙළෙඳ පොළට ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිපදවන්නන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව වහාම නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ද

කැට ලුණු කිලෝග්‍රෑම් 1ක්  රුපියල්  180.00 

ලුණු කුඩු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 240.00

ලුණු කුඩු ග්‍රෑම් 400ක් රුපියල්  120.00

ඉහත මිල යටතේ ඇසුරුම් කළ ලුණු දිවයින පුරා බෙදා හැරීම සඳහා දින කිහිපයක් ගතවිය බව ද ලුණු නිෂ්පාදකයෝ කියති.

-Advertisement-