-2.1 C
New York
Home Blog Page 1322

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පුළුල් කරයි

0

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම පොලිස් බලප්‍රදේශ වන්නේ,  

ගම්පහ පොලිස් බල ප්‍රදේශය

කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය

දොම්පේ පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය

ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය

වීරඟුල පොලිස් බල ප්‍රදේශය

වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය

මීරිගම පොලිස් බල ප්‍රදේශය

පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය

යක්කල පොලිස් බල ප්‍රදේශය

ජා ඇල බල ප්‍රදේශය

කඳාන පොලිස් බල ප්‍රදේශය

-Advertisement-

ඇතැම් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යාම ප්‍රතික්ෂේප කරලා

0

මධ්‍යස්ථාන‍ වෙත යාම ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම් වි‍රාජ් අබේසිංහ මහතාගේ අත්සනින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත්කර ඇත.

එහි සඳහන්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් – 19 ආසාදිතයන් විශාල පිරිසක් වාර්තාවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ යවා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ ද ඇතැම් කණ්ඩායම් එලෙස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරකෂාව ගැන සළකා මෙම ගිලන්රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යාමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ප්‍රතිකාර සඳහා යොමු නොවී මඟහැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින් එසේ සිදුකරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

(ප්‍රවෘත්ති නිවේදනය පහතින් දක්වා ඇත.)

-Advertisement-

කොරෝනා තොරතුරු සැඟවුවහොත් වැඩ වරදී

0

කොවිඩ් – 19 රෝගී තත්ත්වය වසන් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොරෝනා ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ දී සහ විමර්ශනය කිරීමේ දී ඇතැම් පුද්ගලයන් සහ පාර්ශවයන් තමාට තිබූ රෝගී තත්ත්වයන් හෝ තමා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සැඟවීමට උත්සාහ කරන අවස්ථා වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව එවැනි පුද්ගලයන් නිරෝධායනය හා රෝග වැළැක්විමේ ආඥා පනත යටතේ සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ වැරදි කරුවන් වෙයි. එමෙන්ම එවැනි ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස යම් පුද්ගලයකු ‍කොවිඩ් – 19 වැළඳීම හේතුවෙන් මරණයට පත් වුවහොත් අදාල තැනැත්තාට එරෙහිව අපරාධ නීතියේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

එමෙන් ම එවැනි රෝගි තැනැත්තන් සැඟවීමට යොදාගත් නිශ්චල හෝ චංචල දේපල ද නිරෝදායන සහ රෝග වැළැක්විමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව තහනමට ලක්කරනු ලබයි.

-Advertisement-

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවට වැසේ

0

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සි.කේ.අලහකොන් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ඔක්තෝබර් 7, 8 සහ 9 යන තෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකරන බව දන්වයි.

-Advertisement-

ආගමන විගමන දෙපාර්තමේන්තුවත් තාවකාලිකව වැඩ නවතයි

0

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස 2020 ඔක්තෝම්බර් මස 07,08 හා 09 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පාලක ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

-Advertisement-

සෙනග රැස්වෙන වැඩ නැවත දන්වනතුරු එපා

0

කොවිඩ් 19 ආසාදිතයන් සමාජයෙන් වර්තාවීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකිය.

රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

-Advertisement-

පුද්ගලයන් ලියාපදිංචිය සීමා කෙරේ

0

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල 07,08 සහ 09 යන දිනවල දී මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

එසේ වුවද අපොස උසස් පෙළ විභාගය ඇතුළු හදිසි ජාතික හැඳුනුම්පත් අවශ්‍යතා සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකකයෙන් හෝ පහත දුරකථන අංක ඇමතීමෙන් හෝ විමසීම් සිදුකළ හැකිය.

ප්‍රධාන කාර්යාලය – 0115 266 150 හා 0115 226 115

පළාත් කාර්යාල –
ගාල්ල            – 091 222 8348
කුරුණෑගල     – 037 222 4337
වව්නියාව        – 025 222 7201
මඩකලපුව      – 065 222 9449

ඉහත දිනයන් තුළ දී එක්දින සේවය සඳහා අංක හා වේලාවන් වෙන් කර ගත් සියලූම ඉල්ලුම්කරුවන්ට නැවත දෙපාර්තමේන්තුව මහජන සේවාවන් ආරම්භ කළ සැණින් ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියංපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී.ගුණතිලක මහතා සඳහන් කරයි. 

-Advertisement-

“හිටපු ජනපති ආරක්ෂක කවුන්සිලයට මා කැඳෙව්වේ නෑ” – රනිල්

0

2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබාදීම සඳහා උදෑසන 10 ට පමණ එහි පැමිණියේය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එකම පවුලක් ලෙස හිටපු තැන් වලත් ගැටුම් ඇතිවෙනවා නේදැයි විමසමින් 2018 ඔක්තෝම්බර් 26 ඇති වූ ආණ්ඩු පෙරළිය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීය.

“මොන පවුලේද ප්‍රශ්න නැත්තේ? 2018 ඔක්තෝම්බර් 26 ජනාධිපති මෛත්‍රී තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. එයා හිතුවේ එයාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔක්තෝම්බර් 26 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට මාව කැඳෙව්වේ නැහැ. කොහොමහරි දින 52 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් මම අහලා බැලුවා එතුමාට එන්න කිව්වද ආරක්ෂක කවුන්සිලයට කියලා. ඔහුට එන්න කියලා දන්වලා තිබ්බෙත් නැහැ ” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමට තමා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කළත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගෙන පක්ෂග්‍රාහී වූ බවත්, මාදුළුවාවේ සෝභිත හිමි පවා ඊට දොස් පැවරූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ක‍ළේය.

එහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, “ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියට හේතු වූයේ ඔබ ඔය කියන සිදුවීමද, නැතහොත් එක්සත් ජාතික පක්ෂය එවකට ජනාධිපතිධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතාට නිසි සහයෝගය ලබා නොදීමද?” යනුවෙන් පෙරළා විමසීය.

“හිටපු ජනාධිපතිවරයාට කිසිම දවසක හොඳ ඡන්ද පදනමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ පක්ෂපාතීත්වයක් තිබුණේ නැහැ. මමයි එතුමාට අනිත් පාර්ශ්වවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමියත් ප්‍රශ්න අහන්නේ ඒ පැත්තෙම ඉඳන්. ඉන්න, ඒ කතා ඔක්කෝම දවසක මම සම්පූර්ණෙන් පොතක ලියන්නම්” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.

මෙම අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා යම් සෞඛ්‍ය අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුගේ සාක්ෂි විමසීම අද දිනට අවසන් කර වෙනත් දිනයක් ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

ඒහිදී කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම අද දිනට අත්හිටුවූ අතර නැවතත් ඔක්තෝබර් 13 වැනි දින සාක්ෂි ලබාදීම සදහා පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 11.30ට පමණ ජනාධිපති කොමිසමෙන් පිටව ගියේය.

-Advertisement-

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘතිවෙනවා” – විජේදාස

0

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“  

ප්‍රශ්නය – විජේදාස රාජපක්ෂ කියන චරිතය කොහෙවත් ගිහිල්ලා වැඩි කල් ඉන්නේ නෑ. වෙන ඒවා නම් අවුරුදු 4 ක් 5 ක් විතර යනවා ලෙඩේ ඇවිස්සිලා එන්න. මේක නිකන් මාසයක්වත් ගියේ නෑනේ.

“රට පිළිබඳ මගේ තියෙන ස්ථාවරය මොන ආණ්ඩුවක සිටියත් මොන නායකයෙක් සිටියත් කවදාවත් වෙනස් කරලා නෑ. ඇමතිකම් ලබා ගන්න වරප්‍රසාද ලබා ගන්න බලයක් ඇති පැත්තකට කවදාවත් ගිහිල්ලත් නෑ.“

ප්‍රශ්නය – ඇමතිධුරය ලැබුණෙත් නෑ, ඒ ගැන හිතේ කනස්සල්ලක් තියෙනවා වගේ?

“ඒ වෙලාවේ පොඩි කණස්සල්ලක් තිබුණා දැන් ලොකු සතුටක් තියෙනවා බාර නොගත්ත එක ගැන.“

ප්‍රශ්නය – විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

“කිසිම බලාපොරොත්තුවක් නෑ.“

-Advertisement-

නිකාබ තහනමට විරුද්ධ වුණේ රනිල්

0

යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉවත්ව යනු ඇති බවට පැවති බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ  (06) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ නිකාබය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට වූ ආරක්ෂක ප්‍රධානීන්ගේ යෝජනාවට ද හිටපු අග්‍රාමාත්‍යවරයා විරුද්ධ වූ බවය.

එමෙන්ම ඔහු, සිය සාක්ෂිදීමේදී කියා සිටියේ වෙනත් රටවලද ඕනෑ තරම් මෙවැනි ප්‍රහාර එල්ල වූ අවස්ථාවල ජනාධිපතිවරයා වගකීම භාරගෙන නොමැති අතර රටක ත්‍රස්තවාදය මර්දනය ආරක්ෂක අංශවල වගකීමක් වන බවය.

සාක්ෂි විමසීම අතරතුර හරස් ප්‍රශ්න විමසූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය 2019 අප්‍රේල් 08 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරි රැස්වීමට එවකට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහභාගි වුයේදැයි හිටපු ජනපතිවරයාගෙන් විමසීය.

එයට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා, එම රැස්වීමට ඔවුන් දෙදෙනා සහභාගි වූ බවත්, ඒ වන විට නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ ප්‍රහාරයක් පිළිබඳ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු තමාව දැනුවත් නොකළ බවත් සඳහන් කළේය.

මෙරටට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වු බව විදෙස්ගතව සිටි තමාව පළමුව දැනුවත් කරන ලද්දේ තම ආරක්ෂක අංශයේ ප්‍රධානියා වන අතර ඔහු ඒ පිළිබද සමාජ ජාලවලින් දැනුවත් වී සිටි බවද ඔහු පැවසීය.

එම අවස්ථාවේදිම එවක ජනාධිපති ලේකම්වරයා වූ උදය ආර්.සෙනවිරත්න මහතා තමන් අමතා සිදුවීම පිළිබඳ දැනුවත් කළ බවත් ඉන්පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන් ඇමතු බවත් හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සඳහන් කළේය.

” සර්, පිපිරීම් කිහිපයක් සිද්ධ වුණා. තව වෙයිද දන්නේ නැහැ. මම මේ ගැන ආරක්ෂක ලේකම් හේමසිරිටයි, පොලිස්පති පූජිත්ටයි කලින් කියලා තිබ්බේ. අවශ්‍ය පියවර ගත්තේ නැහැ,” යනුවෙන් ජයවර්ධන මහතා එම අවස්ථාවේ තමන්ට පැවසු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“හැමෝටම කිව්වා. ඇයි මට නොකිව්වේ ” කියා එවිට තමා ප්‍රශ්න නොකළේදැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනපතිගෙන් විමසූ විට, තමා එසේ විමසූ බවත්” පියවර ගත හැකි අයටයි දැනුම්දුන්නේ. සර්ට මම ඊයේ ගන්න හැදුවා. නමුත් සම්බන්ධ කරගන්න ලැබුනේ නැහැ” යනුවෙන් ජයවර්ධන මහතාගෙන් පිළිතුරු ලැබුණු බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පියපුතු සම්බන්ධතාවයකටත් එහා ගිය සම්බන්ධතාවයක් පැවතියේ යැයි කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් තමා එය පිළිගන්නේද යන්නය.

එයට හිටපු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරුදුන්නේය,

“පියපුතු සම්බන්ධතාවය තිබුණේ මායි, හේමසිරියි අතරේ. එකයි ආරක්ෂක ලේකම් තනතුර දුන්නේ. ආරක්ෂක ලේකම් කියන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු ආචාර කරනවා, හෙළිකොප්ටරේ යන්න පුළුවන්. අසීමිත වරප්‍රසාද තියෙනවා. අනික හේමසිරිට රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන තනතුරු දීලා තිබුණා. මම දැනුවත්ව ඉතිහාසයේ කවදාවත් එහෙම තනතුරු දීලා නැහැ. අවුරුදු 25 ක ඉදලා දන්න හින්දා තමයි එහෙම දුන්නේ. හේමසිරි මාව කෑමටත් ගෙදර එක්කන් යනවා. “

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ” එහෙම තිබ්බ පැණි වරකෙට හෙණ ගැහුවේ කවදාද ? ” යන්නයි.

එවිට හිටපු ජනපතිවරයා ” අප්‍රේල් 21 ප්‍රහාරය. එවකට පොලිස්පතියි ආරක්ෂක ලේකම්යි මේකට වගකියන්න ඕනේ. ප්‍රහාරය පිළිබඳ පෙර ලද බුද්ධි තොරතුර නොසලකා හැරලා තමයි මේ දේ වුණේ. මේකේ ලොකුම වේදනාව තියෙන්නේ මට. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. මම රටේ අප්‍රසාදයට පත්වුනේ මගේ ධුරකාලයේ මේ සිදුවීම වුණ හින්දයි. වෙන රටවල් වලත් ඕන තරම් මේ වගේ දේවල් වෙනවා. එහෙම වුණයි කියලා ජනාධිපති වගකීම භාරගන්නේ නැහැ. රටක ත්‍රස්තවාදය තියෙනවා නම් එක මර්දනය කිරීම ආරක්ෂක අංශවල වගකීමක්,”  යනුවෙන් පිළිතුරු දුන්නේය.

ඉන් අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලීම් කාන්තාවන් නිකාබය ඇඳීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනා කළ අවස්ථාවේ එම යෝජනාවට විරුද්ධ වුණේ කවුරුන්ද යන්නය.

“අගමැතිවරයා නිකාබය තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේදිත් විරුද්ධ වුණා. එවක පැවති ද්විපාර්ශ්වික රජයේ ආණ්ඩුව තුළ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් තමයි මුස්ලිම් නායකයින් නියෝජනය වුණේ. එයාලා විරුද්ධයි කියලා තමයි අගමැති විරුද්ධ වුණේ. ඒ වෙනකොට සුළුතර ආණ්ඩුවක් තිබ්බේ. මෙවැනි යෝජනාවක් ගෙනල්ලා එකට මුස්ලීම් ඇමතිවරු විරුද්ධ වෙලා ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා,” යනුවෙන් හිටපු ජනපතිවරයා පැවසීය.

-Advertisement-