-1.1 C
New York
Home Blog Page 1320

විස්ස ගැන කියන්න විශේෂ හමුවක් අරලියගහ මැදුරේ දී

0

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (09) සවස 3.30ට පැවැත්වේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි යන මහත්වරු මෙහි දී මැති ඇමැතිවරු දැනුම්වත් කිරීමට නියමිතය.

මෙම රැස්වීම කැඳවා ඇත්තේ තමන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිසි පරිදි දැනුම්වත් වී නැතැයි ආණ්ඩුපක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් විසින් කරන ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනි.

-Advertisement-

කොරෝනා පාර්ලි‍මේන්තුවට රිංගයි ද ?

0

පාර්ලිමේන්තුවේ කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් විමසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිලාව් මහතා විසිනි. තමන් පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට අත්‍යාවශ්‍ය කාර්යයක් සඳහා ගිය බවත් ඒ අවස්ථාවේ එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් බවත් හෙතෙම කියා සිටියේය. වත්මන් කොරෝනා තත්ත්වය හමුවේ මෙවැනි තීරණයක් ගත්තේ ද යන්න මන්ත්‍රීවරයා විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් කතානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ ඥාතියකු කොරෝනා ආසාදිතයක් බව හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ඒකකයට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොදීමට තීරණය කර ඇති බවයි.

-Advertisement-

හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට

0

නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති.

මෙම දැරිය සිය වැඩිමහල් සොහොයුරා සහ සොහොයුරියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි බවත් හිවලකු තම නිවස වෙත එනු දැක වැඩිමහල් පුතු මුළුතැන් ගෙයි සිටි මවට ඒ බව කී අවස්ථාවේ මව පැමිණ දැරිය ඔසවා ගන්නවාත් සමගම නිවසට ඇතුළු වූ හිවලා දැරියගේ දකුණු කකුල සපා කා ඇති බවත් ඇගේ පියා වනජීවී දෙපාර්තමේන්තුවට පවසා ඇත.

දැරිය ඔසවාගත් මව කෑ ගසමින් නිවසින් පිටතට යද්දී කාමරයක සැඟව සිටි හිවලා පලාගිය බව ද ඔහු කියයි. පියා නිවසට පැමිණෙමින් සිටිය දී හිවලා පඳුරු අතර සැඟවී සිටි බව ද ඔහු පවසා ඇත. පසුව අසල්වැසියන් හා එක්ව මුගුරුවලින් පහර දී හිවලා මරා දමා තිබේ.

පියා රෝහලට පැමිණ සිටියේ මියගිය හිවලාගේ සිරුර ද රැගෙනය. එය ඔහු විසින් වනජීවී නිලධාරීන් භාරයට පත්කර තිබිණි.

හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය කියා සිටියේ හිවලා සපාකෑමෙන් තුවාල වූ දැරියට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටුවකට ඇතුළත් කර සිටින බවයි.  

-Advertisement-

ලක්ෂ 50ට වඩා වටිනා කහ තොගයක් අත්අඩංගුවට

0

රුපියල් ලක්ෂ 50කට අධිික කහ කිලෝ 1297ක් උඩප්පුව පුනවිටිය මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකු ද සමග භාරදුන් බව උඩප්පුව පොලිසිය පවසයි.

මෙම කහ තොගය ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් ‍අනවසරයෙන් මෙරටට ගෙනවිත් ඇතැයි මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. ‍කහ තොගය පොහෙර උර 27ක අසුරා තිබූ බවත් එම තොගය සමග බෝට්ටු සඳහා යොදා ගන්නා අශ්ව බල 40ක ධාරිතාවෙන් යුතු එන්ජිමක් ද අත්අංගුවට ඇති බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා උඩප්පුව කොන්තන්තිව් හි පදිංචිකරුවන් බව ද අනාවරණය වී ඇත. කහ තොගය ශ්‍රී ලංකා රේගුවට භාරදීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.  

-Advertisement-

දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.

0

කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ සිට අඹේපුස්ස, වේයන්ගොඩ, මීරිගම දක්වා ධාවනයවන දුම්රිය මෙලෙස අවලංගු ‍කර ඇත.  මෙයට අමතරව දුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය හෙට (08) සිට ධාවනය නොවන බවත් දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

-Advertisement-

කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි

0

සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම් දී ඇතැයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කසළ අපනයනය හා ආනයනය සම්බන්ධයෙන් ඇති ”බාසල් ජාත්‍යන්තර සම්මුතිය” ට අදාල නියමයන් මෙම කසළ ගෙන්වීමේ දී කඩකර ඇති බැවින් එම වන්දි මුදල ඉල්ලා නියමිත ක්‍රමවේදයට අනුව බාසල් සම්මුති ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති වන්දි මුදල රුපියල් 1,694,274,751.00 කි. (රුපියල් එකසිය හැටනම කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හතර දහස් හත්සිය පනස් එකකි.)

2017-2018 වර්ෂවල දී බාසල් සම්මුතිය කඩකරමින් කසළ බහාලුම් 263ක් මෙරටට ගෙන්වා ඇති අතර පෞද්ගලික සමාගමක් විසින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ අංගනයක ඉන් බහාලුම් 130 ක් රඳවා ඇති අතර තවත් බහාලුම් 133ක් කොළඹ වරාය අංගනයක රඳවාගෙන තිබිණි. ඉන් බහාලුම් 21ක් පසුගිය සැප්තැම්බර් මස 27 වැනි දින එක්සත් රාජධානිය වෙත ආපසු යැවීමට කටයුතු කර තිබිණි. තවත් බහාලුම් 112ක් පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම නැවත යැවීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමග කටයුතු කරමින් සිටින බව ද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

බාසල් සම්මුතියට අනුව ‍රටකින් තවත් රටකට කසළ යැවීමට හෝ ගෙන්වීමට හැකිවන්නේ රටවල් දෙකෙහිම කැමැත්ත ඇත්නම් පමණි. මෙම කසළ මෙරටට එවා ඇත්තේ එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකු විසින් මෙරට ජීවත්වන තම සහෝදරයාගේ උදව් ඇතිව බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ද එම නිවේදනයේ දක්වා ඇත.

පරිසර අමාත්‍යාංශය පවසන්නේ බාසල් සම්මුති ලේකම් කාර්යාලයට මෙයට අදාල පැමිණිල්ල කරන ලද්දේ ඊයේ (06) වැනි දින බවයි.

-Advertisement-

හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි

0

හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

මින් ඉහත ද මෙම රෝහල කොරෝනා රෝගීන් සඳහා වෙන්කර තිබුණ ද කොරෝනා අවදානම පහවයාමත් සමඟ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරිණි.

හෙට (08) දා සිට හෝමාගම මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර යලි දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බවත් අනෙකුත් ප්‍රතිකාර හා සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවන බවත් වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා කීවේය.

ඇඳන් 60කින් යුතු සම්පූර්ණ වාට්ටුවක් මේ වනවිට කොරෝනා රෝගීන් සඳහා වෙන්කර තිබේ. එම වාට්ටුව සඳහා විශේෂඥ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය පවා යොමු කර ඇති බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

-Advertisement-

ආණමඩ‍ුවේ ගම් කිහිපයකට සංචරණ සීමා

0

ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා පනවා ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළේ සේවය කරන තරුණයකු (23) කොරෝනා ආසාදිතයකු බව තහවරුවීම හේතුවෙනි. ඔහු ආඬිගම, පූනවිට ගම්මානයේ පදිංචිකරුවෙකි.

ඔහු නිවාඩු ලබා නිවසට ගොස් සිටිය දී රෝගාතුරවීම හේතුවෙන් රෝහලට ඇතුළත්කිරීමෙන් සු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මෙම තරුණයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇත.

ඔහුගේ නිවසේ සිව් දෙනකු ඇතුළු ඔහු ඇසුරු කළ 40ක පමණ පිරිසක් නිවෙස්වලම නිරෝධායනයට ලක්කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

-Advertisement-

“සේවාවන් සඳහා එන්න එපා” – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

0

විවිධ සේවාවන් ලබාගැනීම සඳහා විශ්‍රාම දෙපාරතමේන්තුවට පැමිණීම හෙට(08) සිට (10) වැනි දා දක්වා සිදු නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටේ තුළ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා පවසයි.

අවශ්‍යතාවක් ඇත්නම් 1970 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට කතා කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

-Advertisement-

කොරෝනා අලුත් පොකුර 1034ක්

0

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ සොයාගත් කොරෝනා පොකුර අද (07) සවස 7.45 වනවිට 1034ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මේ වනවිට මිනුවන්ගොඩ රෝහල කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර ඇති අතර මාලඹේ නෙවිල් ප්‍රනන්දු රෝහල ද ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ඇත.

-Advertisement-