-0.8 C
New York
Home Blog Page 1317

ජාතික රෝහලේ වාට්ටු තුනක්, ශල්‍යාගාරයක් වසා දමයි

0

කොළඹ ජාතික රෝහලේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එම වාට්ටු තුනේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කිරීමටත් පීසීආර් පරීක්ෂණ පැවැත්වීමටත් අද (10) සවස කටයුතු කර ඇත.

-Advertisement-

ජ’පුර විශ්වවිද්‍යාල සිසුවියකට කොරෝනා.

0

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසු න් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ශ්‍රී ජයවර්ධලපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා කියා සිටියේ සිසුන් 50ක පමණ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි. කොවිඩ් ආසාදනය වී ඇත්තේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබන පානදු පදිංචි ශිෂ්‍යාවකටය.

ඇය ප්‍රතිකාර සඳහා අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය සමග සිටි වේයන්ගොඩ පදිංචි ශිෂ්‍යාවකගේ ද පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇත.

-Advertisement-

ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම සීමා කරයි.

0

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම සීමා කිරීමට රජය තීරණය ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාව තුළින් නව ආසාදිතයන් වාර්තාවීම හේතුවේන දැනට පවතින රෝහල් පහසුකම් එව ආසාදිතයන් වෙනුවෙන් වෙන්කිරීමට සිදුව තිබීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට සිදුවීමත් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇත.

විදස්ගත වී සිට පැමිණෙන පුද්ගලයන් දින 13ක කාලයක් නිරෝධානයන කිරීම අනිවාර්යය අවශ්‍යතාවකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 57,000ක පමණ පිරිසක් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

-Advertisement-

කටුනායක වෙළෙඳ කලාපය වැසීමේ තීරණයක් නෑ.

0

ආයෝජන මණ්ඩලය පවසයි. කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ද එහි ප්‍රකාශකයකු පැවසීය.

මේ වනවිට කොරෝනා ආසාදිතයකු වාර්තී වී ඇති ඇඟළුම් කර්මාන්තශාලාව පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

-Advertisement-

ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා

0
-Advertisement-

පානදුර දැඩි සත්කාර ඒකකයේ කොරෝනා බියක්

0

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මත්මිය පවසයි.

එහි සේවය කළ හෙද සොයුරියකගේ දියණියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. දැඩි සත්කාර ඒකක‍යේ සේවය කළ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනකු පමණ ඒකකය තුළ ම ස්වයං නිරෝධායනය වීමට සළස්වා ඇති අතර පිටතට කිසිවෙකුට ඒකකට ඇතුළුවීමට ඉඩ නොදෙයි.

අධ්‍යක්ෂවරිය කියා සිටියේ නිරෝධායනයට ලක්කළ සියලු දෙනා මේ වනවිට පීසීආර් පරීක්ෂණයට ලක්කළ බවයි.  

-Advertisement-

ගාල්ලේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට

0

ගාල්ල තලාපිටිය බේකරිය හන්දිය දුම්රිය හරස්මාර්ගයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රියේ හැපී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ තලාපිටියේ පදිංචි මොහොමඩ් ලුරුෆි නමැති 59 හැවිරිදි පුද්ගලයෙකි.  

සිකුරාදා (09) රාත්‍රී 8.50 ට ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය ඇරඹූ 761 දරණ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම දුම්රිය හරස්මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් ‍නොමැති අතර දුම්රිය පැමිණෙන බව දැන්වීමට වර්ණ සංඥා සහ නලා සංඥා සවිකර තිබිණි.

-Advertisement-

රිච්මන්ඩ් සිසුවාගේ අත සපා කෑ බල්ලාට වුණු දේ

0

රිච්මන්ඩ් විද්‍යාලයට හදිසියේම ඇතුළු වූ බල්ලෙක් පාසලේ සිටි 4 වැනි ශ්‍රේණියේ දරුවකුගේ අත සපා කෑවා. මේ දරුවා කරාපිටිය රෝහලට ගෙන ගියේ ලේ බේරෙන අත එල්ලගෙන. අතට බරපතල විදියට තුවාල සිදුව තිබුණා. මෙය සිදුවුණේ පසුගිය සැප්තැම්බර් 30 වැනි දා දහවල්

දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර එ්කකයට ඇතුල් කරලා කඩිනමින් ප්‍රතිකාර කරලා මේ දරුවාට අවශ්‍ය එන්නත් පවා ලබා දුන්නා.

මේ බල්ලා වීදි බල්ලෙක් නෙවෙයි. බල්ලාට අයිතිකාරයෙක් හිටියා. ඒ රිච්මන්ඩ් කන්දේ පදිචි එම්.ඩබ්ලිව්.ඩී.ඉන්ද්‍රජිත් කියලා පුද්ගලයෙක්. බල්ලා නිදැල්ලේ ගොස් දරුවාගේ අත සපා කා දරුණු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)(ආ) වගන්තිය යටතේ මේ බල්ලාගේ හිමිකරුට විරුද්ධව නඩුවක් පවරා තිබුණා.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේ විභාග වූ නඩුව අවසානයේ දී බල්ලා කළ ක්‍රියාවට වරද පිළිගත් විත්තිකරුට රුපියල් 50.00 ක දඩයක් නියම වුණා.

බල්ලා ඒ දරුවාගේ අතට සිදුකළ හානිය දරුවාට සදාකාලික කැලලක් වේවි. ඒ වගේම දරුවාට ඇතිවූ මානසික පීඩනය කිසිදා මුදලින් තක්සේරු කළ නොහැකියි. දරුවාට විදපු ජලභීතිකා එන්නතේ එක් මාත්‍රාවක් රුපියල් 45,000.00ක් වෙනවා. ඒ වගේ මාත්‍රා හතරක් රජයට වියදම 180,000.00 යි. දරුවාට හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ලබාදුන් ප්‍රතිකාර සඳහා රජය දැරූ වියදම අපි දන්නේ නැහැ.

ඊට පස්සේ නඩු කටයුත්තට ඇත්තටම රජයට වියදම් වූ මුදල අපි දන්නේ නැහැ. නමුත් රජයට මේ සිද්ධියෙන් ලැබෙන මුදල රුපියල් 50.00 ක් පමණයි.

මේ මහ පොළොව උඩ ඇති යථාර්ථය.

බල්ලන්, මිනිස් ඇසුරට පුරුදුවුණේ මිනිසා දඬයම් යුගය ගත කරද්දී. ඉතිහාසයේ සඳහන් වෙන්නේ මිනිස් ඇසුරට ඇවිත් මිනිසා අවශ්‍ය විදියට හීලෑ වුණු පළමු සත්ත්වයා බල්ලා කියලා. අපි දැන් 21 වැනි සියවසේ සුහුරු යුගයට ආවත් තාමත් දඬයම් යුගයේ අවශේෂයක් අපි අතර ඉතිරි කරගෙන ඉන්නවා. දැන් බල්ලන් ශ්‍රී ලංකාවට කරදරයක් වෙලා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ¼ ක ප්‍රමාණයක් බල්ලන් ඉන්න බව පැවසෙනවා.

ගෙදරක බල්ලෙක් හදනවානම් උන් ලියාපදිංචි කරන්න ඕන. දඩාවතේ යන බල්ලන් ඉවත්කිරිම සම්බන්ධයෙන් 19 වැනි සියවසේ අග භාගයේ ගෙන ආ පනත තවමත් ශ්‍රී ලංකාවේ තියෙනවා.

මේ එක සිද්ධියක් විතරයි. මේ වගේ වාර්තා වන හා වාර්තා නොවන සිද්ධි ඕනෑ තරම් තියෙනවා.

-Advertisement-

අපේ පැරැන්නන් සතුන්ගෙන් අනාවැකි ඇසූ හැටි

0

අවට පරිසරයේ ගහකොළ සතා සීපාවුන් දෙස බලා දේශගුණික සහ කාලගුණික පිර්යාස පිළිබඳ අනාවැකි පළි කිරීමේ සුවිශේෂ හැකියාවක් අතීතයේ පටන් ම අපේ මිනිසුන් තුළ විය. මේ හැකියාව බොහෝ විට ප්‍රයෝජනවත් වූයේ ගොවිතැනේ දී ය. ඒ හැරැුණු විට වෙනත් දෛනික කටයුතුවලදීත් ප්‍රයෝජනවත් නොවුණාම නොවේ. අවට පරිසරය නිරීක්ෂණය කරමින් අනාවැකි පළ කිරීමේ මේ කියන්නා වූ දැනුම හුදෙක් ශ්‍රී ලංකාවේ පමණක් නොව රට රටවල අනාදිමත් කලක සිට පැවත එන්නකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව පවතින දැනුම් පද්ධතිය සුවිශේෂී එකකි. අපේ ගොවි ජනතාව එඑදා පටන් ම ගොවිතැන් කිරීමට හුරු පුරුදු වූයේ පරිසරය පිළිබඳ විමසුම් ඇසකිනි. එහෙත් පසු කලෙක දී එය අවිද්‍යාත්මක මතයක් ලෙස සලකමින් බටහිර විද්‍යාවෙන් බැහර කරන්නට විය.

කෙසේ වෙතත් 1980 දශකයේ පටන් මෙම පාරම්පරික දැනුම “Phenology” නමින් නව විද්‍යාවක් ලෙස දියුණු කර ඇත. “Phenology” යනු “Phenomenology” (සංසිද්ධි විද්‍යාව) යන වචනයෙන් කෙටි කොට ගත්තකි. විශේෂයෙන් ම මේ පාරම්පරික ඥානය ඉවහල් කරගත් දැනුම වැඩි දියුණු කිරීමටත් නව නිරීක්ෂණ මඟින් එම දැනුමට අලු‍තින් යමක් එක්කර ගැනීමටත් 1980 දශකයේ මැද භාගයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට‍ටමෙන් ද ප්‍රයත්නයක් දරනා බව කිව යුතුය. එහෙත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවැන්නක් පිළිබඳ ලකුණු පහළ වී නැත.

කෙසේ වෙතත් මෙම විද්‍යාවට අදාළව දීර්ඝ කාලීන පර්යේෂණ සහ නිරීක්ෂණ මත සනාථ වූ කරුණු බැහැර කළ යුතු නැති අතර ඒවායෙන් ඵල ප්‍රයෝජන ගත හැකි මාර්ගයක් විවර වීම ද වඩා වැදගත්ය. මෙවන් සංසිද්ධි සලකා බැලීමේ දී ඒවායෙන් සමහරකට විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් ලබා දිය හැකි මුත් ඇතැම් සිද්ධීන් හඳුනාගත හැක්කේ අපේ දැනුමෙන් ඔබ්බට ගිය සංසිද්ධීන් ලෙසය.

සැප්තැම්බර් මාසයේ මැද ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පක්ෂීන් අතර දැකිය හැකි අළු හැලපෙන්දා (Grey Wagtail) අවට පරිසරයේ සැරිසරනු දකින විට ගොවීන් අනුමානය කරන්නේ සති දෙක තුනක් ඇතුළත වැසි ලැබෙන බවය. ඒ අනුමානය නිවැරදි බව හඟවමින්ම පක්ෂියාගේ සැරි සැරීමෙන් සති දෙක තුනක කාලය තුළ සංවහන වැසි ආරම්භ වන බව අත් දුටු සත්‍යයකි.

අතීතයේ ගොවීයන් පිළිගත්තේ රන් ‍ඔලෙයියන් (Pacific Golden Plover) ඉපනැල්ලේ දැකීමෙන් හැඟවෙන්නේ පුරන් කෙටීමට කාලය බවයි. එහෙත් මෙම රන් ඔලෙයියා ස්වරූපයෙන් සහ ශරීර වර්ණයෙන් කැස්වටුවාට සමානය. කැස්වටුවාට දිග හීන් හොටක් ඇති අතර රන් ඔලෙයියාට ඇත්තේ කෙටි හොටකි. ස්වරූපයෙන් තරමක් සමාන වුවත් එම පක්ෂීන් දෙවාර්ගය වෙන්කොට හඳුනාගත හැකි යම් යම් වෙනස්කම් පෙන්වා දිය හැකිය. අම්පාර ප්‍රදේශයේ මෙම පක්ෂි දෙවර්ගයම දැකගත හැකි අතර බොහෝ ගොවීන් ඔවුන්‍ෙ ව්නකොට හඳුනා ගැනීමේ දී අසමත්වීම හේතුවෙන් කියා සිටියේ කැස්වටුවන් කුඹුරේ ඉපනැල්‍ල මැද සිටින විට එය වැස්ස ළඟ එන බවට සංකේතයක් බව වුවත් එම මතය සත්‍ය වූයේ රන් ඔලෙයියන් සම්බන්ධයෙනි.  

සංක්‍රමණික පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වට කිහිපයකට වන අතර හැමවිටම පුරන් කෙටීම සම්බන්ධ අනාවැකි සම්බන්ධ වන්නේ දෙවැනි වටයේ පැමිණෙන පක්ෂීන්ය. සාමාන්‍යයෙන් එම පක්ෂීන් පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේ මැද  වන විට වුවත් ඇතැම් වර්ෂවල සැප්තැම්බර් මුල හෝ තරමක් පසුව පැමිණෙන අවස්ථා ද දැකගත හැකිය. කෙසේ වෙතත් එම සංක්‍රමණය වීමේ කාලයත් සමඟ වර්ෂාව බොහෝවිට සමපාත වීමක් දැකගත හැකිය.

වැහිලිහිණියා මෙහි දී වැඩි අවධානය් හිමි කරගන්නා පක්ෂියෙකි. වැහිලිහිණි විශේෂ කිහිපයක් වෙතත් අපේ ජනප්‍රවාදයේ වැස්ස රැගෙන එන බවට සඳහන් වන්නේ “Barn Swallow” නම් වැහිලිහිණියා සම්බන්ධයෙනි. මේ වැහිලිහිණි සංක්‍රමණය වන්නේ සංවහන සුළං ධාරා අවසන් වන, නැතහොත් මෝසම් වැසි ඇරඹෙන කාලය වනවිටය. එබැවින් වැහිලිහිණි වැසි රැගෙන එන බවට ජනප්‍රවාදයේ එන කියමන වියළි කලාපය සම්බන්ධයෙන් බොහෝ දුරට සනාථ වේ. එම පක්ෂි විශේෂය බොහේා දුරට සංක්‍රමණය වන්නේ නැගෙනහිර ප්‍රදේශයට පැයින් තෙත් කලාපයේ දී දකිනවාට වඩා කලියෙන් වියළි කලාපයේ දී බොහෝ විට දැක ගත හැකිය. ග්‍රාමිය මෙන් ම නගරාශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් පවා පෙනී යන්නේ වැහිලිලහිණි ඉහළ අහසේ පියෑඹීම වැස්ස ළඟ එන බවට පැහැදිලි සංකේතයක් බවයි.

සංක්‍රමණය වීමෙන් මාස කිහිපයකට පසු මේ දිවයිනෙන් නික්මෙන වැහිලිහිණියා නික්මීමට මත්තෙන් පිහාටු හලා අලුත් පිහාටු ලබා ගැනීම ද විශේෂත්වයකි. පිහාටු හැලීම කලින් සිදුවුවහොත් නික්මීම ප්‍රමාද වේ. පිහාටු හැලීම ප්‍රමාද වුවහොත් නික්මීම කලින් සිදුවේ. ඒ අනුව පිහාටු හැලීම ප්‍රමාද වී සිදුවන එනම් නක්මීම කලින් සිදුවන වර්ෂයන්වල වැසි කලින් ලැබෙනු ඇත. මෙකී සම්බන්ධතාව රන් ඔලෙයියාගෙන් ද පුංචි වැලි ඔලෙයියාගෙන් ද දැකිය හැකිය. පුංචි වැලි ඔලෙයියාගේ පැමිණීමත් වර්ෂාවත් අතර සම්බන්ධ වන්නේ ඊශාන දිග මෝසමටය. එම පක්ෂියා ද පිහාටු හලා ගිම්හාන සෘතු වර්ණය ලබාග්නනේ ශ්‍රී ලංකාවේ දී ය. පුංචි වැලි ඔලෙයියා ගිම්හාන සෘතු වර්ණය කිල්න ලබාගතහොත් ඉදිරියට එන්නේ පෑවිල්ලකි. මේ පෑවිල්ල තුළ පක්ෂියා සංක්‍රමණය නොවී ග්මාහන සෘතු වර්ණයේම සිටී. ගිම්හාන සෘතු වර්ණය ග්නනේ මාරතු මාසය පමණ වනවිට නම් මාර්තු අග වනවිට එම පක්ෂීන් නික්මෙන අතර, අප්‍රේල් මස මුල වනවිට ම බක්මහ වැසි ද පැමිණේ. අපේ ජනප්‍රවාදයේ වැලි ඔලෙයියා පිළිබඳ විශේෂයේන සඳහන් නොවනමුත් රන් ඔලෙයියා, වැහිලිහිනියා, අළු හැලපෙන්දා ද පැමිණෙන්නේ වැස්සත් සමඟය.

ශ්‍රී ලකාවට සංක්‍රමණය වන නිල් කුරුමිණි කුරුල්ලා ට ද වර්සාව හා පැහැදිලි සම්බන්ධයක් තිබේ.

ඇතැම් ගොවීන් තුතයන්ව ‘මන්දාරම් ලිහිණි’ යනුවෙන් හඳුන්වා දෙන්නේ නොදැනුවත්කම හේතුවෙනි. තුරිත විශේෂ පහක් ශ්‍රී ලංකාවේ දී හමුවන අතර එයින් විශේෂ තුනක් සම්බන්ධයෙන් වියළි කලාපයේ ගොවීන් පවසන පරිදි, මන්දාරම් අහසේ දැකිය හැකි බවට වන කියමන සත්‍ය වන බව පැහැදිලි කරගත හැක. කැසලි තුරිතයා, කළු තුරිතයා, මහ තුරිතයා සැරිසරන්නේ ඉහල අහසේය. වර්ෂාවක් කිටටු වනවිට ඇතිවන අවපීඩන කලාපයත් සමසඟ මෙම පක්ෂීන් පහළට පැමිණේ. ඔවුන් පහළින් සැරිසරනු දකින ගොවියා වැසි ළඟ එන බව දැක ගොවිතැන් වැඩ නවත්වා නිවෙස බලා යෑමට සැරසේ. ශ්‍රී ලංකාවට ඔක්තෝබර් මාසයේ පමණ සංක්‍රමණය වන දුඹුරු මාරාවා නැතහොත් දුඹුරරු මැසි මාරාවා (Brown flycatcher) පිළිබඳ අපේ ජන වහරේ සඳහන් නොවේ. එම පක්ෂියා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිටින කාලයේ දී (ඔක්තෝබර් සිට මාර්තු අග දක්වා) උදෑසන සහ සවස් කාලයේ නාද කරයි. ඒ හැරුණු විට වෙන් වේලාවක ශබ්ද කළහොත් අඩ පැයක්, පැයක් ඇතුළත ආසන්න කලාපයට වැස්සක් ඇදහැලෙන බව නම් නොඅනුමානය.

ජනප්‍රවාදයට අනුව මයිනා හඳුන්වන්නේ කාලගුණ විපර්යාස හා බැඳුණු තවත් පක්ෂියකු ලෙසිනි. මයිනා සාමාන්‍යයෙන් ඇවිදින විට බොහොම කන්කලුව නාද කරන අතර හිටි හැටියේ කලබලයෙන් එම කන්කලු නාදයට වෙනස් වූ ශබ්දයක් නඟන්නේ නම් දෙපැයක් ඇතුළත වර්ෂාවක් ඇදහැලේ.

පක්ෂීන් හැරුණු විට අව්වැසි පිළිබඳ අනාවැකි පළ කරන තවත් සත්තු සිටිති. මත්ස්‍යයන් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී කාවයියා සහ කනයා වැස්සක් ඇතිවීමට මත්තෙන් වෙනස් සහ තරමක් කලබලකාරී හැසිරීමක් පෙන්වන බව හඳුනාගත හැකිය. එසේ ම වැසි සමය එළැඹෙන්නට මත්තෙන් ශ්‍රී ලංකාවට බත්කූරු සංක්‍රමණයක් ද සිදුවන්නේ වැසි සමය පිළබිඳ ඉඟි ලබාදෙමිනි. මෙවැනි ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ දිගින් දිගටම අද්‍යයනය කිරීම තුළ නව දැනුම ළඟා කරගත හැක්කේ ජන ජීවිතයට ද ප්‍රයෝජනවත් අයුරිනි.

කළු කූඹි නිවසතුළට බිත්තර රැගෙන එන්නේ නම් දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේ නම් වැස්ස ළඟ එන බව අපේ පාරම්පරික දැනුමේ පැවැතිණි. කෙසේ වෙතත් මෙයාකාරයෙන් පාරම්පරික දැනුමේ පැවැති බොහෝ දේ එම පරම්පාරවල සාමාජකයන් සමඟම මැකී යෑම කණගාටුවට කරුණක් නොවේ ද ? අතීතයේ ගොවීන් ගොවිතැන් කළේ රට පත බුලතින් සශ්‍රීක කළේ සොබාදහමේ ගති ලකුණු අනුව කල්යලා බලා පාරම්පරික දැනුම උපයෝගී කරගනිමිනි.

අතීත හෙළ ගොවියා පුරන්කොටන කාලය හඳුනාගත්තේ ද සතුන්ගේ හැසිරීමෙනි. මෙය තවදුරටත් පර්යේෂණ හා නිරීක්ෂණ අධ්‍යයනයන් මඟින් වැඩිදියුණ කළ යුතු විද්‍යාවකි.

(පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන මහතා විසින් සංක්‍රමණික පක්ෂීන් සහ සංසිද්ධි විද්‍යාව අළලා සිදුකරන ලද පර්යේෂණයක් පදනම් කරගනිමින් දැක්වූ අදහස් අසුරින් මෙම ලිපිය සකසන ලදි)

සටහන – කාංචනා සිරිවර්ධන

වැහිලිහිණියා
දුඹුරු මැසිමාරාවා
අළු හැලපෙන්දා




මයිනා
රන් ඔලෙයියා
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා

-Advertisement-

රට සංවර්ධනයට උදව් කරන බව චීන දූත පිරිස සහතික වෙති

0

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වෙයි.

“චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතී. මේ මිත්‍රත්වය පවත්වා ගැනීමත්, වර්ධනය කර ගැනීමත් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගේ ප්‍රමුඛතාවකි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව,” චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා එම දූත පිරිසේ ප්‍රධානියා වේ.

ඔහු ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවිය.

දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා  2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය. චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු ( Vice Premier) හා සමානය.

පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මැතිතුමාගේ සුබපැතුම් රාජපක්ෂ මහතා වෙත දැන්වූ යං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය.

රටවල් 4ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසීය.

චීන – ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති රාජපක්ෂ මහතා චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකැයි හැඳින්වීය.

“ත්‍රස්තවාදය පරාජය කිරීමට චීනයෙන් ඉමහත් සහයෝගයක් ලැබිණා. යුද්ධය අවසන් වීමෙන් පසු ද්විපාර්ශ්වික සබඳතා තවත් ඉහළ මට්ටමකට ළඟා විය.  දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය ඉතා වැදගත්,” යනුවෙන් ජනපති පැවසීය.

“මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා.  ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා. බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න,” ජනාධිපතිවරයා චීන දූත පිරිසට පැවසීය.

ජනාධිපති ධූරයට පැමිණීමට පෙර 13 වරක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධනය ප්‍රගතිය සියැසින් දැකගැනීමට හැකි විණැයි ද ඔහු කීය.

“විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් මා දුටුවා. මගේ ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අපේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කරන්න;  ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරන්න. ඉදිරි සිව් වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා,” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කළ  බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

චීනය සමග වෙළෙඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනපතිවරයා එය අඩුකරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නැයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළේය.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය ශක්තිමත්. ඔවුන් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ සඳහා චීන වෙළෙඳපොළ විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් චීන ව්‍යාපාරිකයින් දිරිමත් කරන්න. ශ්‍රී  ලංකාවේ සංචාරය සඳහා චීන වැසියන් උනන්දු කරවන්න. ශ්‍රී ලංකාවේ තේ වෙන්දේසියට සහභාගිවීමට චීනයට හැකිනම් එය ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක්,” බව ජනාධිපතිවරයා පැවසීය.

උසස් පෙළ සමත්වන ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවෘතව ඇති උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා සීමාසහිත බව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඔවුන් උදෙසා තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම චීනයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වාදුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව්කිරීමට චීනය සුදානම් යැයි යං ජියෙෂි මහතා පැවසීය.

ඔහු පැවසුවේ, “ශ්‍රි ලංකාව සමග බහුපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට සුදුසු ක්ෂේත්‍ර ගණනාවක් චීනය හඳුනාගෙන තිබෙනවා. දැනටමත් ආරම්භ කර ඇති මහා පරිමාණ ව්‍යාපෘති නිම කිරීමට අමතරව කෘෂිකර්මය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, ජල සම්පාදනය, සෞඛ්‍යය, වෛද්‍ය සැපයුම්, නූතන තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, නිල් ආර්ථිකය ( Blue Economy) සහ ශ්‍රමික පුහුණුව ඉන් කිහිපයක් වේ. චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමටත්, හම්බන්තොට කර්මාන්තපුර යෝජනා ක්‍රමය ඉක්මණින් නිම කිරීමටත් සැලසුම් කර තිබෙනවා,” යනුවෙන් චීන දූත පිරිසේ ප්‍රධානියා පැවසීය.

කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මහතා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළේය.

චීන අන්තර්ජාතික සහයෝගීතා සංවර්ධන අධ්‍යක්ෂ වෑං ෂියාඕ තාවෝ, චීන විදේශ අමාත්‍යාංශයේ සහාය අමාත්‍ය ඩෙං ලි, කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානී හූ වෙයි, චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චෙං සොං, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටින ආචාර්ය පාලිත කොහොන යන මහත්වරු  එම සාකච්ඡාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

(ජනාධිපති මාධ්‍ය ඒකකය)

-Advertisement-