-0.1 C
New York
Home Blog Page 1303

බටලන්ද කඳවුරේ කපිතාන්වරයකුට කොරෝනා

0

බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා කපිතාන්වරයකුට කොරෝනා ආසදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය පවසයි.

එම කපිතාන්වරයා යුද හමුදා කඳවුරට අවශ්‍ය මාළු මිලදී ගැනීමට සපුගස්කන්දේ පිහිටි බටලන්ද කඳවුරේ සිට පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට ගොස් ඇති බව ද එහි දී වයිරසය ආසාදනය වන්නට ඇතැයි ද අනාවරණය වී තිබේ.

කපිතාන්වරයා මේ වනවිට කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබෙන අතර ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

-Advertisement-

කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දමයි

0

කළුබෝවිල රෝහලට ඇතුළු වී සිටි රෝගියකු කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමග එම රෝහලේ 07 වැනි වාට්ටුව සම්පූර්ණයෙන් ම වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන පවසයි.

ඔහු රෝහලට ඇතුළත් වී ඇත්තේ වෙනත් රෝග ලක්ෂණ පවසමිනි. මොහුගේ පීසීආර් පරීක්ෂණය ධනාත්මක වීමත් සමගම වාට්ටුවේ සිටි අනෙක් රෝගීන් නිවෙස්වලට යවා ස්වයං නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයි ද අධ්‍යක්ෂවාරයා කීවේය.

ආසාදිතයා කොළඹ අයිඩීඑච් රෝහලට යවා ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු ඇතුළු 12 දෙනකු නිරෝධායනයට යොමු කර තිබේ.

-Advertisement-

ඇමෙරිකා යානයක් කටුනායකට

0

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ පැමිණීම සම්බන්ධ ආරක්ෂක කටයුතු සඳහා ඇමෙරිකා හමුදා කණ්ඩායමක් අද (23) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැපමිණියහ.

රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ ලබන බදාදා (28) දිවයිනට පැමිණීමට නියමිතය. එම සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතය.

ඒක්සත් ජනපද රාජ්‍ය දේපාර්තමේන්තුව කියා සිටියේ රජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයේ දී චීනය පිළිබඳව අවධානය යොමු කරන බවයි. එමෙන් ම ආර්ථික හවුල්කාරීත්වය සහ මානව හිමිකම් පිළිබඳ කරුණු ද සාකච්ඡාකරන බවයි.

-Advertisement-

චීනයෙන් එන සුළඟටත් උතුරු කොරියාව බියෙන්

0

චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ.එලිමහන් ඉදිකිරීම් කටයුතු සඳහා රටපුරා තහනම් නියෝගයක් ද පනවා ඇත.එම අනතුරු ඇඟවීමෙන් පසු අගනුවර වන ප්යොංයැංහි විථි හිස්ව තිබූ බව වාර්තා වේ.අනතුරු ඇඟවීම ප්යොංයැංහි තානාපති කාර්යාල වලට ද යවා තිබේ.මොන්ගෝලියාවේ සහ චීනයේ කාන්තර වල වැලි, වර්ෂයේ ඇතැම් කාලවල උතුරු හා දකුණු කොරියාව දෙසට සුළඟ සමග ගසාගෙන යෑම කහ දූවිලි ලෙස හඳුන්වයි. විෂ සහිත දූවිලි අංශු එම සුළං සමග පැමිණෙන බවත් එමගින් සෞඛ්‍ය ගැටලු ඇතිවන බවත් දීර්ඝ කාලයක් තිස්සේ රටවල් දෙකම විශ්වාස කරයි.උතුරු කොරියාවෙන් මෙතෙක් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව එරට බලධාරීහු පවසති.
කෙසේවුවද දේශසීමා වසා දැමීම, සංචරණ සීමා පැනවීම හා දැඩි අවධානයෙන් සිටීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කෙරිණ.

-Advertisement-

බලපිටිය රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමයි

0

බලපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ හෙදියක් කොරෝනා ආසාදිතයකගේ සමීපතයෙක් බව හෙළිවීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

මේ අනුව එම වාට්ටුවට පිටතින් කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොලැබෙයි. සේවා මුර සඳහා ද කිසිවෙකුට පැමිණිය නොහැකි අතර වාට්ටුවේ සිටින වෛද්‍යවරු ඇතුළලු කාර්ය මන්ඩලය ද එම වාට්ටුවේ ම රැඳී සිටිති.

පීසීආර් පරීක්ෂණයක් සඳහා අද (23) අදාල හෙදියගෙන් ජෛව සාම්පල ලබාගෙන ඇති අතර එම වාර්තා ලැබෙන තුරු මෙලෙස වාාට්ටුව තාවකාලිකව වසා තබා වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද රෝහල් ප්‍රකාශකයා කීවේය.

-Advertisement-

තවත් රෝගීන් 256ක්. වැඩිම රෝගීන් අද

0

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 256 දෙනකු අද (23) වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 865කි.

වාර්තා වූ ඒම රෝගීීීීන් 256 අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට සම්බන්ධ පුද්ගලයන් 39 දෙනකු හා ආශ්‍රිතයන් 217 සිටින බව ද වාර්තා වේ.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වූ 865යි.

-Advertisement-

ගම්මාන පහක් හුදකලා කරයි

0

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහක් නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ගලවිට උතුර, ගලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලාන්දාව යන ග්‍රාමසේවා වසම් මෙලෙස හුදකලා කර තිබේ.

-Advertisement-

තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

0

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මරදාන සහ දෙමටගොඩ පොලිස් බලප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්ක්කයේ අළුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශවලටත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මරදාන සහ දෙමටගොඩ ඇඳීරිනීතිය මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු බලපැවැත්වෙයි. අළුත්ගම, බේරුවල සහ පයාගල ප්‍රදේශවලට පැනවූ ඇඳිරිනීතිය සඳුදා අළුයම 5.00ට ඉවත්කරයි.

-Advertisement-

සුද්දෙක් ශ්‍රී ලංකාවේ හැදූ මහා වනෝද්‍යානය

0

දෙවැනි ලෝක යුද්ධය කාලයේ දී ශ්‍රී ලංකාවට ආපු සුද්දෙක් මෙහේ පැලපදියම් වුණා. මේ සුද්දා දඹුල්ල පැත්තේ පර්චස් කිහිපයක ඉඩමක් අරගෙන මැටි නිවසක් හදාගෙන ඒ වටේ අඹ පැල ඉන්දුවා. අඹ ගස් සරුවට වැවෙද්දී සුද්ද දැක්ක මිල්ල, පලු, කොහොඹ වගේ වෙනත් වියළි කලාපීය ශාකවල පැල මේ අඹ ගස් අතරින් වැඩෙන්න පටන්ගන්නවා. ඉතින් සුද්දට අපූරු අදහසක් ආවා. ඔහු මේ පැල ඒ විදියටම නිදහසේ වැවෙන්න ඉඩ හැරියා.

ටිකෙන් ටික මේ ගෙවත්ත වන ගොමුවක් බවට පත්වෙද්දී කුරුල්ලන්, සමනලයන්, ලේනුන් මේ වත්ත තමන්ගේ වාසස්ථාන කරගන්න පුරුදු වුණා. අවිවාහකව හිටපු සුද්ද ගස්වටලත් සතුන්ටත් ප්‍රේම කළා.

ගස්වැල්වලට ආදරය කරපු ඔහු තමන්ගේ ඉඩමට යාබ ද ඉඩම් සල්ලි දීලා මිලදී ගත්තා. මේ විදියට ඔහුගේ වත්තත ටිකෙන් ටික පුළුල් වුණා. උද්භිද විද්‍යාව ගැනවත් සත්ත්ව විද්‍යාව ගැනවත් දැනගෙන නොහිටි ඔහු වනෝද්‍යානයක් සකස් කළේ ඒ් විදියට.

ඒ් සුද්දා නමින් “සෑම් පොප්හැම්”. අද සෑම් පොප්හැම් හදපු වනෝද්‍යානය අක්කර 34.5ක මහා වනාන්තරයක් වගේ දිස්වෙනවා. දඹුල්ල නගරයේ පිහිටි මේ වනෝද්‍යානය හඳුන්වන්නේ වෘක්ෂ උද්‍යානයක් කියන අර්ථය ඇති ආබෝරෙටම් ලෙස. මේ උද්‍යානයේ විශේෂත්වය වන්නේ මේ එකම ගහක්වත් ඉන්දපුවා නොවීම. ඒ් සියල්ල ස්වභාවිකව වැඩුණු ඒ්වා. මේ විදියට උද්‍යාන සැකසීම පරිසර විද්‍යාවේ දී හඳුන්වන්නේ පුනරුත්ථාපන පරිසර විද්‍යාව කියා. පොප්හැම්ගේ වෘක්ෂ උද්‍යානය ශ්‍රී ලංකවේ ස්වභාවිකව ශාක වර්ධනය කරමින් උද්‍යාන සැකසීමට ඉතාමත් හොඳ උදාහරණයක්.

මෙහි තණකොළ පාලනය කරමින් ස්වාභාවිකව බීජ පැල වල වර්ධනය වීමට ආධාර කිරීම සඳහා වැල් සහ කටුපඳුරු ඉවත් කිරීම සිදුකරනවා. අපිශාඛ සහ මැරුණු අතු ඉවත් කිරීම, තරඟකාරී වියන් පාලනය සඳහා කප්පාදු කිරීම නිතිපතා සිදුකරනවා.
මෙම උද්‍යානය 1989 දී මහනුවර මූලික අධ්‍යාපන ආයතනයට (IFS) තෑගි ඔහු තෑගි කළා. 1989 වර්ෂයේ එවකට මූලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් එක්කරන ලද අක්කර 27ක් සමගින් මේ වනවිට අක්කර 34.5කින් උද්‍යානය සමන්විත වේ.

දැනටත් මේ වනෝද්‍යානය පාලනය වෙන්නේ ඒ් ආයතනයෙන්. දැන් මේ වනෝද්‍යානයේ මුව රංචුවක්, මී මින්නන්, ඌරන්, වඳුරන්, රිලවුන්, දඬු ලේනුන්, වවුල් විශේෂ ආදී වියළි කලාපීය කුරුල්ලන්, සමනළයන් ආදී සතුන් දහස් ගණනක් ජීවත්වනවා. ඒ් වගේම ස්වභාවිකව වැඩුණු අපූරු ශාක ප්‍රජාවක් මෙහි තිබෙනවා. ඉතින් පරිසරය ගැන අධ්‍යයනය කරන පර්යේෂකයන්ටත්, පාසල් සිසුන්ටත් මෙය ඉතාමත් වැදගත් අධ්‍යයන කේන්ද්‍රස්ථානයක්.

මේ වීඩියෝවේ ශ්‍රී ලංකාවේ මහා වනාන්තරයක් හැදූ සුද්දා ගැන කතාව තිබෙනවා. අපි ඔහුට හිස නමා ආචාර කළ යුතුයිි. ඔහු කළ සේවය කිසිදා මිල කළ නොහැකියිි. ඒ් වගේම එය ඉතාමත් ආදර්ශවත් කාර්යයක්. ඉතින් ඔබ ඒ ගැන දැනුම්වත් විය යුතුයි. ජීවිතයේ එක්වරක් හෝ එතැනට යා යුතුයි. තම දරුවන්ට සොබා දහමේ අපූර්වත්වය කියා දිය හැකි ස්ථානයක් වන මෙතැන මතක තබාගන්න. යන්න, දකින්න, සොබා දහම විඳින්න, අධ්‍යයනය කරන්න, ආදර්ශයට ගන්න, ඔබත් ඔබේ වැට මායිම හෝ තුරු ගොන්නක් බවට පත්කරන්න අදිටන් කරගන්න.

-Advertisement-

තවත් ආසාදිතයන් 609ක්

0

කොරෝනා ආසාදිතයන් 609 දෙනකු අද (23) දිනයේ මේ වනවිට වාර්තා වි ඇතැයි කොවිඩ් – 19 වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර දිල්වා මහතා පවසයි.

මෙසෙ වාර්තා වී ඇති රෝගීන් අතරින් පෑලියගොඩ මත්ස්‍ය අළෙවි සැළට සම්බන්ධ ආසාදිතයන් 496 ක් සිටිිිිිටි බවත් යුද හමුදාපතිවරයා කීවේය.

-Advertisement-