සුද්දෙක් ශ්‍රී ලංකාවේ හැදූ මහා වනෝද්‍යානය

0
148

දෙවැනි ලෝක යුද්ධය කාලයේ දී ශ්‍රී ලංකාවට ආපු සුද්දෙක් මෙහේ පැලපදියම් වුණා. මේ සුද්දා දඹුල්ල පැත්තේ පර්චස් කිහිපයක ඉඩමක් අරගෙන මැටි නිවසක් හදාගෙන ඒ වටේ අඹ පැල ඉන්දුවා. අඹ ගස් සරුවට වැවෙද්දී සුද්ද දැක්ක මිල්ල, පලු, කොහොඹ වගේ වෙනත් වියළි කලාපීය ශාකවල පැල මේ අඹ ගස් අතරින් වැඩෙන්න පටන්ගන්නවා. ඉතින් සුද්දට අපූරු අදහසක් ආවා. ඔහු මේ පැල ඒ විදියටම නිදහසේ වැවෙන්න ඉඩ හැරියා.

ටිකෙන් ටික මේ ගෙවත්ත වන ගොමුවක් බවට පත්වෙද්දී කුරුල්ලන්, සමනලයන්, ලේනුන් මේ වත්ත තමන්ගේ වාසස්ථාන කරගන්න පුරුදු වුණා. අවිවාහකව හිටපු සුද්ද ගස්වටලත් සතුන්ටත් ප්‍රේම කළා.

ගස්වැල්වලට ආදරය කරපු ඔහු තමන්ගේ ඉඩමට යාබ ද ඉඩම් සල්ලි දීලා මිලදී ගත්තා. මේ විදියට ඔහුගේ වත්තත ටිකෙන් ටික පුළුල් වුණා. උද්භිද විද්‍යාව ගැනවත් සත්ත්ව විද්‍යාව ගැනවත් දැනගෙන නොහිටි ඔහු වනෝද්‍යානයක් සකස් කළේ ඒ් විදියට.

ඒ් සුද්දා නමින් “සෑම් පොප්හැම්”. අද සෑම් පොප්හැම් හදපු වනෝද්‍යානය අක්කර 34.5ක මහා වනාන්තරයක් වගේ දිස්වෙනවා. දඹුල්ල නගරයේ පිහිටි මේ වනෝද්‍යානය හඳුන්වන්නේ වෘක්ෂ උද්‍යානයක් කියන අර්ථය ඇති ආබෝරෙටම් ලෙස. මේ උද්‍යානයේ විශේෂත්වය වන්නේ මේ එකම ගහක්වත් ඉන්දපුවා නොවීම. ඒ් සියල්ල ස්වභාවිකව වැඩුණු ඒ්වා. මේ විදියට උද්‍යාන සැකසීම පරිසර විද්‍යාවේ දී හඳුන්වන්නේ පුනරුත්ථාපන පරිසර විද්‍යාව කියා. පොප්හැම්ගේ වෘක්ෂ උද්‍යානය ශ්‍රී ලංකවේ ස්වභාවිකව ශාක වර්ධනය කරමින් උද්‍යාන සැකසීමට ඉතාමත් හොඳ උදාහරණයක්.

මෙහි තණකොළ පාලනය කරමින් ස්වාභාවිකව බීජ පැල වල වර්ධනය වීමට ආධාර කිරීම සඳහා වැල් සහ කටුපඳුරු ඉවත් කිරීම සිදුකරනවා. අපිශාඛ සහ මැරුණු අතු ඉවත් කිරීම, තරඟකාරී වියන් පාලනය සඳහා කප්පාදු කිරීම නිතිපතා සිදුකරනවා.
මෙම උද්‍යානය 1989 දී මහනුවර මූලික අධ්‍යාපන ආයතනයට (IFS) තෑගි ඔහු තෑගි කළා. 1989 වර්ෂයේ එවකට මූලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් එක්කරන ලද අක්කර 27ක් සමගින් මේ වනවිට අක්කර 34.5කින් උද්‍යානය සමන්විත වේ.

දැනටත් මේ වනෝද්‍යානය පාලනය වෙන්නේ ඒ් ආයතනයෙන්. දැන් මේ වනෝද්‍යානයේ මුව රංචුවක්, මී මින්නන්, ඌරන්, වඳුරන්, රිලවුන්, දඬු ලේනුන්, වවුල් විශේෂ ආදී වියළි කලාපීය කුරුල්ලන්, සමනළයන් ආදී සතුන් දහස් ගණනක් ජීවත්වනවා. ඒ් වගේම ස්වභාවිකව වැඩුණු අපූරු ශාක ප්‍රජාවක් මෙහි තිබෙනවා. ඉතින් පරිසරය ගැන අධ්‍යයනය කරන පර්යේෂකයන්ටත්, පාසල් සිසුන්ටත් මෙය ඉතාමත් වැදගත් අධ්‍යයන කේන්ද්‍රස්ථානයක්.

මේ වීඩියෝවේ ශ්‍රී ලංකාවේ මහා වනාන්තරයක් හැදූ සුද්දා ගැන කතාව තිබෙනවා. අපි ඔහුට හිස නමා ආචාර කළ යුතුයිි. ඔහු කළ සේවය කිසිදා මිල කළ නොහැකියිි. ඒ් වගේම එය ඉතාමත් ආදර්ශවත් කාර්යයක්. ඉතින් ඔබ ඒ ගැන දැනුම්වත් විය යුතුයි. ජීවිතයේ එක්වරක් හෝ එතැනට යා යුතුයි. තම දරුවන්ට සොබා දහමේ අපූර්වත්වය කියා දිය හැකි ස්ථානයක් වන මෙතැන මතක තබාගන්න. යන්න, දකින්න, සොබා දහම විඳින්න, අධ්‍යයනය කරන්න, ආදර්ශයට ගන්න, ඔබත් ඔබේ වැට මායිම හෝ තුරු ගොන්නක් බවට පත්කරන්න අදිටන් කරගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here