-2 C
New York
Home Blog Page 1302

“දිස්ත්‍රික් පහක් අවදානම්. කඩිනමින් සංචරණ සීමා යොදන්න” – GMOA

0

කොරෝනා වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක පැතිරී ඇති බැවින් වහාම එම දිස්ත්‍රික්ක මායිම් හරහා සංචරණය කිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ කීවේය.

“ මේ වනවිට කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක පහ තුළ වසංගතය ව්‍යාප්තවී කෙන්ද්‍රගතව තිබෙනවා. මේ දිස්ත්‍රික්කවල ජනතාව වෙනත් දිස්ත්‍රික්කයන් වෙත සංක්‍රමණය වීමෙන් වසංගතය තවදුරටත් සම්ප්‍රේෂණය වීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඒ නිසා දිස්ත්‍රික් මායිම් හරහා ගමන්කිරීම වැළැක්වීමට වහාම තීන්දුවක් ගන්නා ලෙස අපිප ජනාධිපති කාර්ය සාධක බලකායටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් යෝජනා කළා.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඉක්මණින් මෙම තීරණය නොගතහොත් පෑලියගොඩ පොකුර වැනි තවත් පොකුරු රට පුරාම වාර්තාවිම වැළැක්විය නොහැකි බවයි.  

-Advertisement-

කල්මුණේ සිට පෑලියගොඩට ආ 09 දෙනකුට කොරෝනා

0

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානය හා සම්බන්ධ පුද්ගලයන් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පසුගිය දින 10ක කාලයක් ඇතුළත පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැළට ගිය සියලු දෙනා ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස හෝ තම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවන ලෙස පොලිසිය හා සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

-Advertisement-

ගොතටුවට, මුල්ලේරියාවට ඇඳිරිනීතිය

0

කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගොතටුව හා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

-Advertisement-

දළදා පුදට ජාතික හැඳුනුම්පත අනිවාර්යයි.

0

මහනුවර දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන් සියලු දෙනා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ දැක්වෙන්නේ දළදා තේවාව ඇතුළු පුද පූජා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පැමිණෙන සැදැහැවතුන් මෙන්ම වන්දනා කටයුතු සඳහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර අනුගමනය කරන බවයි.

දළදා මාළිගාවට ඇතුළුවීමේ දී මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම හා උෂ්ණත්වය පරීක්ෂා කිරීම අනිවාර්ය බව ද හෙතෙම සදහන් කරයි.

දැනට සංචරණ සීමා පනවා ඇති ගම්මාන හා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණෙන පිරිස් දළදා මාළිගාවට ඇතුළු කිරීම නවතා ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිකුත්කළ එම වේදනය පහත දැක්වේ.

-Advertisement-

ගාල්ලෙන් ආසාදිතයන් 18ක් අලුතෙන්. සම්පූර්ණ ගණන 45ක්

0

කොරෝනා ආසාදිතයැයි ඊයේ (23) හඳුනාගත් 866ක පිරිස අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 18 දෙනකු සිටින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ ආසාදිත ලේඛනයේ සඳහන් තොතරු අනුව පැහැදිලි වේ.

එම ලේඛනයට අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 06 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබේ.

බේරුවල ධීවර වරායේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් හඳුනාගත් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ආසාදිතයන් සංඛ්‍යාව 03 දෙනෙකි.

ගාල්ල ධීවර වරායේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් රත්ගම 02ක්, බූස්ස 01, මාගාල්ල 01ක්, මකුළුව 01ක් හා හික්කඩුව 02ක් වශයෙන් පුද්ගලයන් 07 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබිණි.

මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ නෙළුවේ පදිංචිකරුවකු ද අහුංගල්ලේ මළ ගෙදර පැමිණි තවත් පුද්ගලයකු ද පීසීආර් පරීක්ෂණ වලින් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඊයේ (23) දිනයේ මධ්‍යම රාත්‍රීවන විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොරෝනා ආසාදියන් ගාල්ලේ පදිංචි ස්ථාන පහත දැක්වෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් හඳුනාගත් පුද්ගලයන් – 07

බලපිටිය – 03

හික්කඩුව – 01

උඩුගම – 01

ඉමදුව – 01

බේරුවල ධීවර වරාය – 03

බෙන්තොට – 02

රත්ගම – 01

ගාල්ල ධීවර වරාය – 07

රත්ගම – 02

බූස්ස – 01

මාගාල්ල – 01

මකුළුව – 01

හික්කඩුව – 02

වෙනත් – 02

නෙළුව – 01

අහුංගල්ල – 01

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදියන් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් 19 දෙනකු ම අහුංගල්ල කටුවිල මළගෙදරට පැමිණි පුද්ගලයෝය. මළ ගෙදර සිටි තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ වාර්තා අද (24) දිනයේ ද ලෑබීමට නියමිත අතර ගාල්ල ධීවර වරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා සියල්ල ම මෙතෙක් ලැබී නැත. එම වාර්තා ලැබුණු විට මෙම සංඛ්‍යාලේඛන වෙනස් විය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

-Advertisement-

ආසාදිතයන් 866 පදිංචි ප්‍රදේශ මෙන්න.

0

මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (23) වාර්තා විය. එම සංඛ්‍යාව 866කි. කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ වාර්තා වූ ආසාදිතයන් පදිංචි ප්‍රදේශ පිළිබඳ ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.

rata.lk පාඨකයන්ගේ දැනගැනීම පිණිස එම ලේඛනය අපි මෙලෙස පළ කරන්නෙමු.

නිරෝධායන මධ්‍යස්ථානවලින් – 48

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය – 535

වැල්ලම්පිටිය 34

මාකොළ – 08

කොටහේන 63

බම්බලපිටිය – 02

හෝකන්ද – 03

මට්ටක්කුලිය – 79

කොලොන්නාව – 12

කැලණිය – 19

පෑලියගොඩඩ – 54

අංගොඩ – 06

කොළඹ කොටුව – 02

කඩවත – 19

වත්තල – 44

ගොතටුව – 02

දෙමටගොඩ – 05

ගලේවෙල – 02

උස්වැටකෙයියාව – 02

මතුගම – 02

ගෑන්ඩ්පාස් -26

බුලත්සිංහල – 02

අකුරැස් – 01

මෝදර – 09

මරදාන – 13

මාලිගාවත්ත – 03

නුගේගොඩ – 01

මස්කෙළිය – 01

කොල්ලුපිටිය – 01

කොච්චිකඩේ – 01

හෙයියන්තුඩුව – 02

අලුත්කඩේ – 07

ජාඇල – 06

මොරටුව – 04

කඩුවෙල – 01

හලාවත – 01

පස්සර – 01

ඔරුගොඩවත්ත – 03

ලුණුගම්වෙහෙර – 01

වටගොඩ – 01

රාගම – 05

අවිස්සාවේල්ල – 01

පානදුර – 02

මීගමුව – 14

බෑබොඩ – 02

බොරැල්ල – 06

ජින්තුපිටිය – 01

දංකොටුව – 01

බලපිටිය – 03

ඉඹුල්ගොඩ – 01

හෝමාගම – 01

ගම්පොල – 03

ගල්කිස්ස – 03

සීදූව – 03

මාතර – 01

ඌරුගමුව – 02

තෙල්දෙණිය -01

බණ්ඩාරවෙල -02

කිරුලපන – 01

හික්කඩුව – 01

රාජගිරිය – 02

ගෝනවල – 01

හුණුපිටිය – 01

බෙලිඅත්ත – 01

පරගස්තොට – 01

කළුතර – 01

මත්තෙගොඩ – 01

කිරිල්ලවල – 01

ඔලියමුල්ල – 01

උඩුගම – 01

බෝගවන්තලාව – 01

ඇටගොඩ – 01

ඉමදුව – 01

වව්නියාව – 01

කුරුණෑගල – 01

පල්ලෙවෙල – 01

මහර – 01

බත්තරමුල්ල – 01

මාලඹේ – 01

මොනරාගල – 01

නාවලපිටිය – 01

සේදවත්ත – 01

නාරාහේන්පිට – 01

නාවල – 01

මිනුවන්ගොඩ – 05

දිවුලපිටිය – 04

මීරිගම – 01

දෙල්ගොඩ – 01

කානවත්ත – 01

උඋඩුපිටිය 01

ගාල්ල ධීවර වරාය 05

රත්ගම – 02

බූස්ස -01

මාගාල්ල – 01

මකුළුව – 01

බේරුවල ධීවර වරාය 20

කළුතර – 04

බේරුවල – 08

බෙන්තොට – 02

රත්ගම – 01

මුංහේන – 01

අලුත්ගම – 02

වැලිපැන්න – 01

පානදුර – 01

කොළඹ – 140

බ්ලූමැන්ඩල් – 60

බොරලැස්ගමුව – 01

බොරැල්ල – 11

ගෑන්ඩ්පාස් – 29

කෙසෙල්වත්ත – 03

කිරුලපන – 02

මරදාන – 08

මෝදර – 21

නාරාහේන්පිට – 01

මිරිහාන – 01

කොළඹ කොටුව – 01

ස්ලේව් අයිලන්ඩ් – 10

වැල්ලම්පිටිය – 05

වැලිකඩ – 01

කොලොන්නාව – 06

මොරටුව – 01

අලුත්කඩේ -08

මට්ටක්කුලිය – 08

මාදම්පිටිය – 02

අංගොඩ – 01

කොටිකාවත්ත – 01

කොටහේන – 03

ගම්පහ 87

ගම්පහ – 21

පැලියගොඩ – 07

මාකොළ – 04

උස්වැටකෙයියාව – 02

ගනේමුල්ල – 03

රාගම – 07

දෙමටගොඩ – 02

වෑබඩ – 01

කඩවත – 02

කැලණිය – 01

මිනුවන්ගොඩ – 19

හොරම්පැල්ල – 01

උඩුගම්පොල – 01

වේයන්ගොඩ – 16

ජාඇල – 01

ගාල්ල – 03

හික්කඩුව – 02

නෙළුව – 01

කුරුණෑගල

ගෝනවල – 01

රත්නපුර

කුට්ටිගල – 01

කෑගල්ල

හිඟුල – 02

මහනුවර

වත්තේගම – 01

නුවරඑළිය

නුවරඑළිය – 02

බදුල්ල – 03

වැලිමඩ – 01

හසලක – 02

මාතර

මාතර – 01

කුරුණෑගල – 14

කුලියාපිටිය – 14

අනුරාධපුර

අනුරාධපුර – 02

කොරියාවේ සිට පැමිණි වන්නි දිස්ත්‍රික්කයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු – 01

එකතුව – 866

-Advertisement-

ගාල්ලේ කොරෝනා මරණයක් නෑ. කටකතා බොරු

0

ගාල්ල වරායේ ධීවරයකු කොරෝනා හේතුවෙන් මියගොස් ඇතැයි පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

මියගොස් ඇත්තේ වලහන්දූවේ පදිංචි 56 හැවිරිදි ධීවරයෙකි. එම ධීවරයාගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයකට ඊයේ (23) රාත්‍රී යොමුකර තිබූ අතර එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසදනය වූ අයකු නොවන බවයි. මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී අද (24) සිදුකර ඇති අතර මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බව ඉන් තහවුරු වූයේ යැයි අධිකරණ වෛද්‍ය ඒකකය පවසයි.

වලහන්දූව පදිංචි ධීවරයකු මියගොස් ඇතත් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන අතර ඔහු මියගොස් ඇත්තේ හදිසි හෘදයාබාදයකිනි.

-Advertisement-

15 වැනි මරණයත් කුලියාපිටියෙන්

0

කුලියාපිටියේ පදිංචි කොරෝනා ආසාදිත 56 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සිදුවූ 15 වැනි කොරෝනා මරණය අද (24) වාර්තාවිය.

මෙම ආසාදිතයා කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත. ඔහු කුලියාපිටියේ උණලීය ප්‍රදේශයේ පදිංචකරුවෙකි.

-Advertisement-

නිවසට වී නොසිටියහොත් කොරෝනා පාලනය කරන්න බෑ.

0

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරයමින් පවතින තත්ත්වයක් තුළ ජනතා සහය නොලැබෙන්නේ නම් පාලනය කිරීමට නොහැකි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

‘’අපි තීරණාත්මක තැනකට ඇවිත් තියෙන්න්. තවමත් මෙය පැතිරීම පාලනය යටතේ පවතිනවා. මේ සඳහා මහජනතාවගේ සහයෝගය උපරිමයෙන් ම අවශ්‍යයි. ඒ සහය නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය කළ නොහැකි වේවි.” යැයි හෙතෙම පැවසීය.

මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ ඊයේ (23) දිනයේ දී ය. එම සංඛ්‍යාව 865කි. වෛද්‍ය හේරත් මහතා පවසන්නේ මේ දිනවල වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

මේ තත්ත්වය ජනතාව තේරුම්ගත යුතු බවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය නොකළහොත් වයිරසය පැතිරීයාම වැළැක්විය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි. වැදගත්ම වන්නේ මහජනතාව අත්‍යාවශ්‍යම කාරණයකට හැර තම නිවසින් බැහැරව නොගොස් සිටීම ඉතාමත් වැදගත් බවයි. හදිසි අවශ්‍යතාවකට නිවසින් නිරෝගී පුද්ගලයකු පමණක් බැහැරට යාම සුදුසු බවත් වෛද්‍ය හේරත් මහතා කීවේය.

-Advertisement-

මාතර කෝට්ටේගොඩින් කොරෝනා ආසාදිතයෙක්

0

මාතර කෝට්ටගොඩ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වූ බව තහවුරු වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයා මාළු මිලදීගැනීම සඳහා පිළියන්දල මාළු වෙළඳ සංකීර්ණයට ගොස් තිබීම නිසා පීසීආර් පරීක්ෂණයක්ට යොමුකර තිබිණි. ඔහුගේ සමීපතමයන් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කඩිමින් කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි.

-Advertisement-