ගාල්ලෙන් ආසාදිතයන් 18ක් අලුතෙන්. සම්පූර්ණ ගණන 45ක්

0
3764

කොරෝනා ආසාදිතයැයි ඊයේ (23) හඳුනාගත් 866ක පිරිස අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 18 දෙනකු සිටින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ ආසාදිත ලේඛනයේ සඳහන් තොතරු අනුව පැහැදිලි වේ.

එම ලේඛනයට අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 06 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබේ.

බේරුවල ධීවර වරායේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් හඳුනාගත් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ආසාදිතයන් සංඛ්‍යාව 03 දෙනෙකි.

ගාල්ල ධීවර වරායේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් රත්ගම 02ක්, බූස්ස 01, මාගාල්ල 01ක්, මකුළුව 01ක් හා හික්කඩුව 02ක් වශයෙන් පුද්ගලයන් 07 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබිණි.

මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ නෙළුවේ පදිංචිකරුවකු ද අහුංගල්ලේ මළ ගෙදර පැමිණි තවත් පුද්ගලයකු ද පීසීආර් පරීක්ෂණ වලින් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඊයේ (23) දිනයේ මධ්‍යම රාත්‍රීවන විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් කොරෝනා ආසාදියන් ගාල්ලේ පදිංචි ස්ථාන පහත දැක්වෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් හඳුනාගත් පුද්ගලයන් – 07

බලපිටිය – 03

හික්කඩුව – 01

උඩුගම – 01

ඉමදුව – 01

බේරුවල ධීවර වරාය – 03

බෙන්තොට – 02

රත්ගම – 01

ගාල්ල ධීවර වරාය – 07

රත්ගම – 02

බූස්ස – 01

මාගාල්ල – 01

මකුළුව – 01

හික්කඩුව – 02

වෙනත් – 02

නෙළුව – 01

අහුංගල්ල – 01

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් දැනට වාර්තා වී ඇති කොරෝනා ආසාදියන් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් 19 දෙනකු ම අහුංගල්ල කටුවිල මළගෙදරට පැමිණි පුද්ගලයෝය. මළ ගෙදර සිටි තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ වාර්තා අද (24) දිනයේ ද ලෑබීමට නියමිත අතර ගාල්ල ධීවර වරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා සියල්ල ම මෙතෙක් ලැබී නැත. එම වාර්තා ලැබුණු විට මෙම සංඛ්‍යාලේඛන වෙනස් විය හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here