කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ලයන්ගේ සිරුරු අනිවාර්ය ආදාහනය කිරීමේ ප්රතිප්තතිය ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාානය ශ්‍රී ලකා රජයෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශයට පත්කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් සිව්දෙනකු විසින් සැකසූ වාර්තාවක් පදනම් කරමින් එම සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොරෝනා සිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතීන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනි බවයි.
විශේෂ නියෝජිතයින් වන අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් එම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
ඔවුන් පවසන්නේ කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැලකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වෛරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටක දී විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරඇති මෙම වාර්තාව පිළිබඳව අද (26) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි.
https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=26686&LangID=E
