මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ කතරගම පූජා භූමිය හරහා ගලා යන මැණික් ගඟයි. දේව භක්තියෙන් හිස පුරවාගත් සැඳැහවතුන් යන එන කතරගම පුද බිමේ අලංකාරයත් පාරිසරික වටිනාකමත් වැඩිකරන මැණික් ගඟ මේ අයුරින් කිලිටි කරන්නේ ද ඒ බැතිමතුන් විසිනි.
මේ ඡායාරූපය අපට පසක්කරන්නේ පොදුවේ ගත් කළ ආගමික සිද්ධස්ථානවල දක්නට ලැබෙන සාමාන්‍ය දෙයකි. අනුරාධපුරයේ ද, මිහින්තලේද, දළදා මාළිගාව අවට ද, බෙල්න්විල ද මේ තත්තවය අඩු වැඩි වශයේන දක්නට ලැබේ. යාපනයේ නල්ලූර් කෝවිලේ දී. ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම් ද, මඩු පල්ලියේ ද දක්නට ලැබෙන්නේ මෙවැනි ම තත්තවයකි. ඇතැම් ස්ථානවල දී මේ කැළි කසළ දැමීම හැකිතාක් පාලනය කර ඇත.
අපි මේ ඡායාරූපය උපුටා ගන්නේ රවී සිරිවර්ධන ගේ Facebook පිටුවෙනි. එය තම මිත්‍රයකු විසින් එවූ එකක් බව ඔහු කීවේය. රවී සිරිවර්ධන පවසන්නේ මෙවැනි දසුන් දැකීමට තතරගම තරම් දුරකට යා යුතු නොවන බවයි. කොළඹ දිස්ත්‍රික්කයට ලැබුණු අපූරු සුන්දර පාරිසරික දායදයක්වන බෙල්ලන්විල තෙත් බිම අවට පරිසරයත් බොරලැස්ගමුව වැවත් පරිසරය රැකගැනීම ගැන එහිි වටිනාකම ගැන තඹයකදු මායිම් නොකර බැතියෙන් ඔලුව පුරවාගත් මිනිසුන් විසින් පල් වළක් කර ඇති බව ඔහු පවසයි.
එය සත්‍යයකි. ස්මාර්ට් දුරකථනයක් අතේ තබාගෙන බැති බරින් සිත් පුරවාගෙන වන්දනාවේ යන බොහෝ දෙනකු තමන් රැගෙන යන බොහෝ දෑ පරිසරයට මෙලෙස බැහැර කරන්නේ හැදියාවේ තරම පෙන්වමනි. බැතිමතුන් ආගමට දක්වන භක්තිය පමණක් නොව පරිසරය පිළිබඳව ද භක්තියක් ඇතිකරගත යුතු බව තේරුම්ගත යුතුය.