කොරෝනා සඳහා ලබාදෙන එන්නත ඉන්දියාවෙන් මෙරටට ගෙන්වාගැනීම සඳහා පත්කර ඇති ගිවිසුමට අදාළව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ලිවේරා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිිඥ නිෂාරා ජයරත්න පවසන්නේ එන්නත ගෙනඒම සඳහා වූ ගිවිසුමේ අඩුපාඩු ඇති බවට හඳුනාගත් බැවින් නීතිපතිවරයා එවැනි ඉල්ලීමක් කළ බවයි.
ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන “ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා“ එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අදාල ගිවිසුම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය දා නීතිපතිවරයාට එම ගිවිසුමේ කෙටුම්පතක් යොමු කර තිබිණි.