හබරාදුව කහවැන්නගම ප්‍රදේශයේ දී බෙලිඅත්ත සිට කොළඹ දක්වා අද (22) උදෑසන ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ විජේසිරි ගුණවර්ධන සොමිරත්න නමැති (67) තල්පේ කහවැන්නගම පදිංචි එක් දරු පියෙකි. ගාල්ල නගරයේ ව්‍යාපාරිකයකු වන ඔහු සෑම දිනකම උදෑසන 5.00 ට පමණ නිවසින් පිටත්ව නගරය යන බවත් අද උදෑසන ද සුපුරුදු පරිදි නිවසින් පිටත්ව යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
අනතුරින් මියගිය ඔහුගේ දේහය තල්පේ දුම්රිය ස්ථානයට භාර දී එතැනින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් තිබූ අතර පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු හදිසි මරණ පරීක්ෂණය හබරාදුව දොඩම්පේ හදිසි මරණ පරීක්ෂක එන්.බී.ගීතා චතුරානි මහත්මිය විසින් සිදුකිරීමට නියමිතව තිබිණි.