spot_img
spot_imgspot_img

ක්‍රිකට් කණ්ඩායමට එල්ලවන චෝදනා ගැන අසන්ත ද මෙල් කරුණු දක්වයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු හා කණ්ඩායමේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ අද (21) උදෑසන ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වන කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් දුරකථනයෙන් එක්වෙමින් කරුණු පැහැදිලි කළේය.

එහි දී ඔහු කියා සිටියේ තරඟය පවතින අතරතුර කාඩ් ක්‍රීඩා කරමින් සිටියේ කණ්ඩායමේ සාමාජිකයන් 17 දෙනා නොව වෙනත් ක්‍රීඩකයන් 05 දෙනකු බවත් ඔවුන් සිටියේ ක්‍රීඩක විවේකාගාරයේ නොව වෙනත් ස්ථානයක බවත් අසන්ත ද මෙල් පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.  

“වෛද්‍යවරියක් සම්බන්ධයෙන් ගොඩක් ලොකු කතාවක් යනවා. නමුත් අපි කවුරුවත් මේවා දැකලා නැහැ. කොහෙන් එළියට ගියා ද කියා දන්නේ නැහැ. පාලක මණ්ඩලයත් මේ ගැන හොයන්න ඕනෑ. මමත් බලනවා. අපේ පුහුණුකරු මිකී ආතර් කතා කළා ඒ ක්‍රීඩකයාටත්, වෛද්‍යවරියටත් දෙදෙනාටම ඔවුන් එවැන්නක් නැති බව කිව්වා. මේක ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අපි මේ ගැන හොයන්න ඕනෑ. ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. බියර් එක බොනවා සිගරට් එකක් බොනවා. ඒ අය පොඩි ළමයි නෙවෙයි. බැඳලා ළමයි ඉන්නවා. අපිට කියන්න බෑ බියර් බොන්න එපා සිගරට් බොන්න එපා කියලා. නමුත් පුහුණුවීම් අතරතුර තරඟයේ දී අපිට පාලන යකරන්න බැහැ. ක්‍රීඩකයන් හොඳයි. කියන‍ දේ අහනවා. අපේ මේ වැටීම කාලෙක ඉදලා එන ප්‍රශ්නයක්. අපේ දෙවැනි පෙළ කණ්ඩායමක් නැහැ. තේරීම් කමිටුවේ සභාපති හැටියට අපිට ක්‍රීඩකයන් ගැන බලන්න හරි තරඟාවලි තියෙන්නේ ඕනෑ. නමුත් ඒවාත් නැහැ. අපි ගුණාත්මක බව වැඩි කරන්න ඕන.”

(ස්වර්ණවාහිනියේ විකාශය වූ වීඩියෝව සම්පූර්ණයෙන් ම)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!