දෙමාපියන් සමඟ භාරයක් ඔප්පු කිරීමට ගිය සිසුන් 23 දෙනකු සහ ඔවුන්ගේ මා පියන් නිරෝධායනයට යොමුකළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොටවෙහෙර පාසලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස භාරය ඔප්පු කිරීමට ගොස් ඇත. එලෙස ගිය පිරිස අතර සිටි එක් මවක් ආසාදි බව හඳුනාගැනීම හේතුවෙන් සිසුන් 23 දෙනා ඇතුළු පවුල් 26ක පුද්ගලයන් 47 දෙනකු නිරෝධායනයට යොමුකර ඇත.
නිරෝධායනයට ලක් වූ පාසැල් දරුවන් 10දෙනෙකු සහභාගී වූ අමතර පංතියකටද මෙම ආසාදිත මව සහභාගී වීම හේතුවෙන් එම අමතර පංති ගුවරයා ද නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
මේවන විට කොටවෙහෙර ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 8දෙනෙකු වාර්තා වන බවද, සමීප ආශ්‍රිතයන් ලෙස පුද්ගලයන් 87දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවද තවදුරටත් සමීප ආශ්‍රිතයන් සොයා අද (20) පරීක්ෂණ කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන සියලුදෙනා සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව වඩාත් අවධියෙන් සිටින සිටින ලෙසද, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිටින ලෙස දැනුම් දී තිබිය දී මෙවැනි සිදුවීම් වාර්තාවීමෙන් පෙනී යන්නේ ජනතාවගේ නොසැළකිලිමත් බව යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.