අකුරැස්ස මහජන පොළේ වෙළෙන්දන් 54 දෙනෙකුට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 24 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
එම පීසීආර් ප්‍රතිඵල වාර්තා ලැබී ඇත්තේ අද (17) රාත්‍රියේය. අකුරැස්ස නගරයේ දිනපතා පවත්වාගෙන යන මෙම මහජන පොළ වසා දැමීමට කටයුතු කරන බවත් ආසාදිතයන් සියලු දෙනා රෝහල්ගත කර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය දිනවල මෙම වෙළෙඳ සැල් වෙත පැමිණි සියලු දොන අවදානමකට ලක්ව ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මේ අනුව අකුරැස්ස හා ඒ අවට ප්‍රදේශය දැඩි කොරෝනා අවදානමකට මුහුණ දී ඇත.
එබැවින් තවදුරටත් හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.