spot_img
spot_imgspot_img

ජොන්ස්ටන්ට නඩු පැවරීම නීත්‍යානුකූළ නොවන බවට අධිකරණය කියයි

පුවත්

විදෙස්

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සිටිය දී සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ රාජකාරීවලින් බැහැරව දේශපාලන කටයුතු සඳහා යොදවාගනිමින් රජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදුකර ඇතැයි කියමින් ‍පවරා තිබූව නීති විරෝධී බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරු තිදෙනාගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගනිමින් මහාධිිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දී ඇත. එහි පිටපතක් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යවන ලෙස ද නියම කර තිබේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ සේවාස්ථානවල රාජකාරි කටයුතු වලින් පරිබාහිරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යොදා ගෙන ඇති බවටත් රාජකාරි නොකළ සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස මුදල් ගෙවීමෙන්  රජයට රුපියල් ලක්‍ෂ 400 ක පාඩුවක් කර ඇතැයි අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල සඳහන් කර ඇත.
 
අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදු කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි.
 
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු හා එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක කාජා මොහිදීන් මොහොමඩ් සාකීර් නමැත්තන්ට ද එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් චෝදනා ඉදිරිපත් කර තිබිණි.

නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කර තිබුණ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබූ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කර තිබිණි.

එම නියෝගයට එරෙහිව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ මහාධිකරණය හමුවේ ද ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගත් විනිසුරුවරයා අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔහුව නඩු කටයුතුවලින් මුදා හරින ලෙසටත් මෙම  නියෝගය නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!