ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සති පොළේ වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් 25 දෙනකු කොරෝනා ආසාදිත බවත් මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බවත් සෞඛ්‍ය අංශ පවසයි.
නෙළුව ප්‍රදේශයේ පසුගිය 12 වැනි ද කරන ලද පීසීආර් පරීක්ෂණවිලින් නෙළුව රෝහලේ හෙදියක් ඇතුළු ආසාදිතයන් 08 දෙනකු වාර්තාවීම හේතුවෙන් තවලම සති පොළේ 88 දෙනකු සඳහා පීසීආර් පරීක්ෂණ ඊයේ (13) සිදුකර තිබිණි. එම අය අතරින් මෙම ආසාදිතයන් 25 දෙනා වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිතයන් මාතර, අකුරැස්ස, ගාල්ල, පිටබැද්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලන් සඳහා එකම ස්ථානයක එකම දිනයක දී කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙතරම් පිරිසක් වාර්තාවීමෙන් පැහැදිලි වන්නේ එම ප්‍රදේශවල ද කොරෝනා රෝගීන් තවත් සිටිය හැකි බවයි.
ආසාදිතයන් සියලු දෙනා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමටත් ඔවුන්ගේ ආසාදිතයන් පිළිබඳ තොරතුරු සොයා නිරෝධායනයට යොමු කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පැවසීය. මෙම වෙළෙඳුන්ට කොරෝනා වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.