spot_img
spot_imgspot_img

රථවාහන දඩ සහන කාලය හෙටින් අවසන්

පුවත්

විදෙස්

රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල මගින් ලබා දී තිබූ සහන කාලය හෙට (15) අවසන් වන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක් ලබා දී තිබිණි. හෙට දින ගතවීමෙන් පසු දඩ නියමවූ දිනයේ සිට දින 14කට පසු ගෙවනු ලබන දඩ මුදල් සඳහා අතිරේක මුදලක් අයකරන බවත් දින 28ක් දක්වා එලෙස ගෙවිය හැකි බවත් තැපැල්පතිවරයා සඳහන් කරයි.

දින 28 පසුවන දඩ මුදල් තැපැල් හෝ උප තැපැල් කාර්යාල මගින් ගෙවීමට හැකියාවක් නොමැත.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම අනුව කොළඹ නාගරික රථවාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කර ඇති දඩ පත්‍රිකා සඳහා පමණක් සහන කාලය‍ පෙබරවාරි 08 වැනි දා දක්වා වලංගුවන බවද තැපැල්පති ආරියරත්න කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!