spot_img
spot_imgspot_img

ඔබ දකුණේ නම් කොරෝනා තත්ත්වය දැනගන්න

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් ඊයේ (06) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තාවීමත් සමඟ පළාතේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1216 දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

මීට අමතරව ඊයේ දිනයේ දී ගාල්ල බන්ධනාගාරයෙන් ද කොරෝනා ආසාදිතයන් 38 දෙනකු වාර්තා වී තිබේ.

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මෙතෙක් ආසාදිත බවට වාර්තා වී රෝහල්ගත කර සිටි 1188ක පිරිස අතරින් ඊයේ (06) සවස් වනවිට සුවය ලබා පැමිණි සංඛ්‍යාව 696 කි. ඒ අනුව ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද නව ආසාදිතයන් 28 දෙනා සමඟ දකුණේ 520ක් මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

ගාල්ල දිස්ත්‍රික්කයේ සුවය ලබා පැමිණි සංඛයාව 418ක් වන අතර, මාතර දිස්ත්‍රික්කයේ සුවය ලබා පැමිණි සංඛ්‍යාව 225 දෙනෙකි. හම්බන්තොට සුවය ලබා පැමිණි පිරිස 53කි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 15කි. ඔවුන් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 06ක්, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 04ක්, අක්මිමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස‍යෙන් 04ක් සසහ ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 01 අයෙකු බැගිනි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 657ක් ද්කවා ඉහළ ගොස් තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 03 දෙනෙකි. ඔවුන් වාර්තා වී ඇත්තේ දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 01 අයකු සහ හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 03 දෙනකු වශයෙනි. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 430කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 06 දෙනකු, අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනකු සහ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 01 අයකු වශයෙන් ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇති බැවින් අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යව 129ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!