spot_img
spot_imgspot_img

රෝහල්වල කොරෝනා සිරුරු නරක් වෙයි. රජයේ නීතිය උල්ලංඝනය වෙලා

පුවත්

විදෙස්

හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාර‍යේ තබා ඇති කොරෝනා මළ සිරුරු හේතුවෙන් එහිි කාර්ය මණ්ඩලය පවා දැඩි අවදානමකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරති.

කොරෝනා රෝගීන් සඳහාම වෙන්කර ඇති හෝමාගම මූලික රෝහලේ මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු පහක් මේ වනවිට රජයේ චක්‍රලේඛ අනුව ඉවත් නොකර තබා තිබේ. ඉන් හතරක් ශීතාගාරවලත් එක් සිරුරක් පිටතත් තබා ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය නදීරා දයාවංශ පවසයි.

ඇය පවසන්නේ මුස්ලිම් ජාතිකයන් මළ සිරුරු භාර නොගැනීම හා ඒවා ආදාහන කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මෙලෙස මළ සිරුරු ගොඩගැසී ඇති බවයි. ඉන් එක් සිරුරක් මේ වනවිට නරක් වී තිබෙන බව ද අධිකරණ වෛද්‍ය ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ කියති.

කොරෝනා අසාදිත මළ සිරුරු පැය 24ක් ඇතුළත ආදාහනය කිරීම රජයේ නියෝගය වූ අතර මුස්ලිම් ජාතිකයන් ඊට විරෝධය දක්වමින් මළ සිරුරු භාර නොගැනීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උදා වී තිබේ. ඔවුන් සිරුරු භාර නොගැනීම හේතුවෙන් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන ලෙස උපදෙස් දෙමින් ඊට ප්‍රතිපාදන වෙන්කර ඇති ආකාරයත් සඳහන් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් ඉන් පසු තවත් චක්‍රලේඛයක් ද නිකුත් කර තිබිය දී රෝහලේ මෙලෙස මෘත දේහ ගොඩගැසී තිබීම බරපතල ගැටලුවක් බව එහි සේවකයෝ ම කියති

හෝමාගම මූලික  රෝහලේ ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ  සභාපති ගයාන් චමින්ද පවසන්නේ දින ගණනක් ශීතකරණයෙන් පිටත තබා ඇති මළ සිරුර මේ වනවිට දැඩි සේ නරක් වී විශාල දුර්ගන්ධයක් ද පිටවන බවයි. මේ කොරෝනා සිරුරු හේතුවෙන් රෝහලේ කාර්ය මණ්ඩලය පවා දැඩි අවදානමකට ලක්ව ඇතැයි ඔහු පෙන්වාදෙයි.

වෛද්‍ය නදීරා දයාවංශ පවසන්නේ මළ සිරුරු ශීතාගාරවල තබා ගැනීම ද කොරෝනා ආසාදනය ව්‍යාප්තවීමට හේතුවක් විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

නාමල් CID යයි

error: Content is protected !!