ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් විසින් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබූ අතර නියෝජ්‍ය නගරාධිපතිවරයා අද (24) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
එහි දී නියෝජ්‍ය නගරාධිපතිවරයා කියා සිටියේ මෙම සුළු සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳ තමන් කණගාටුවන බවයි.
මෙම තත්වය සම්බන්දයෙන් අදහස් දැක්වූ ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මෙසේ කීවේය.
“මේ සිද්ධිය උනේ මෙහෙමයි මම උදේ නගර සාවට එද්දි ඔය කියන වෛද්‍යවරයා මුණ ගැහුනා මම ගුඩ් මෝර්නින් ඩොක්ට කීවා. එතුමන් මට ගුඩ් මෝර්නින් කීවා. මා ඇසුවා පී සී ආර් ප්‍රතිපල ආවද කියලා. වෛද්‍ය වරයා නොරිස්සුම් සහගතව අත උස්සලා කීවා අපිට එන්නේ නෑ ඒවා ඒවා පී ඩී ගෙන අහගන්න කියලා. මටත් ඇත්තටම කේන්ති ගියා. මම කීවා එහෙමනම් මෙහෙන් දීමනා ගන්න එන්න එපා කියලා. දීමනා ගන්න වැඩක් නෑනේ මෙහෙන් අපිට මෙතැන වග කියන්නේ නැත්නම්. මෙහෙන් දීමනා ගන්න ඕනේ නෑ නේ කියලා. මේ කාතවත් එක්ක අපි දෙදෙනා අතර බහින් බස්වීමක් ඇතිවුණා. ඒක තමයි වුණේ. නැතිව මම තර්ජනය කළේ නම් නැහැ.”
නියෝජ්‍ය නගරාධිපති ෆවුස් නියාස් පවසන්නේ මහ නගර සභාව ක්‍රියාත්මක වන්නේ නගර සභා ආඥා පනත යටතේ බැවින් එහි දෙපාර්තමේන්තු හතරක් ඇති බවයි. ඉන් එකක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බවත් එය නගර සභාවට වගකිව යුතු බවත් ඔහු පවසයි.
“මෙතැන ප්‍රධාන විධායක නිළධාරී වරයා නගරාධිපති. ගැටලුව තියෙන්න් නිලධාරීන්ට මේ සභාවේ ඇති අණ පනත් ගැනත් ඒවායේ ක්‍රියාවලීන් ගැනත් නිසි අවබෝධයක් නැතිකම කියලයි මටනම් හිතෙන්නේ.”
මෙම අවස්ථාවේ දී දෙද්දුගල පදිංචිව සිට මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේ දැයි මාධ්‍යවේදීන් නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසදු කරුණක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් විමසුවේ නැති බවයි. එම සිද්ධියත් මේ සිද්ධියත් අතර කිසිදු සම්බන්ධයක් නැති බව නියෝජ්‍ය නගරාධිපතිවරයා නැවත නැවතත් කියා සිටියේ
නියේජ්‍ය නගරාධිපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීම
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළකරන ලද පුවත