spot_img
spot_imgspot_img

ඇහැළියගොඩ ආසාදිතයන් ගණන තවත් ඉහළට

පුවත්

විදෙස්

ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයන් 27 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 336ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ ආසාදිතයන් අතර ඇහැළියගොඩ දිවුරුම්පිටිය ඇඟළුම් ආයතනයක මින් ඉහත හඳුනාගත් ආසාදිතයන්ගේ සමීපතමයන්, ඇහැළියගොඩ නගරයේ වෙළඳ සැල් සේවකයකු හා ඇහැළියගොඩ බදුවත්ත ප්‍රදේශයේ ලොතරැයි අළෙවි කළ කාන්තාවක් ද සිටින බව සෞඛය අංශ පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායයට යොමු කිරීමට මේ වනවිට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!