spot_img
spot_img

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15ක් මරුට

පුවත්

විදෙස්

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම පිපිරීමට හේතුව පැහැදිලි නැති බවයි. රික්ෂෝ රථයක පිටුපස බෝම්බයක් පුපුරා ගිය බව නිලධාරීහු පවසති. එම ගම්මානයේ ආගමික උත්සවයක් පැවති බවත් නිවසක් ආසන්නයේ පිපිරීම සිදුව ඇති බවත් ඔවුහු පවසති.

කෙසේවුවද ප්‍රදේශවාසීන් පවසන්නේ ළමුන් පිරිසක් යම් දෙයක් වෙළෙන්දෙකුට විකිණීමට සූදානම් වන අවස්ථාවේ එය පුපුරා ගිය බවයි.

මෙම පිපිරීම අහම්බෙන් සිදුවූවක් බව තලේබාන් සංවිධානය ද ප්‍රකාශ කර ඇත.

රික්ෂෝ රථයක් පදවාගෙන ගම්මානයට ඇතුළු වූ පුද්ගලයෙකු වටා ළමයින් එක්රැස්වූ බවත් ක්ෂණිකව පිපිරීමක් සිදුව ඇති බවත් ගාස්නි ආණ්ඩුකාර කාර්යාලය පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි.

ඇෆ්ගනිස්ථාන සහ තලේබාන් බලධාරීන් අතර සාම සාකච්ඡා ආරම්භ වී ඇති නමුත් රටේ ප්‍රචණ්ඩත්වය ඉහල මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!